ශ්‍රී ලංකාවේ කතෝලික සභාව 2017 වර්ෂය ‘ජුසේවාස් මුනි වසර’ ලෙස ප්‍රකාශයට පත් කොට විවිධ ක්‍රියාකාරකම් දියත් කළේය. එය නිමාවට පත්වන මොහොතේ ආපසු හැරි බැලීම යෝග්‍යය යුතුය. කිතුනුය.

ජුසේවාස් මුනි ජීවිතාදර්ශනය තුළ සභාවේ නවෝදයකට අප තැබු පියවර පිළිබඳ සාක්ෂි දැරිමක් කරන්නට සභාවට හැකිද ?

හුදු සැමරිකමකින් ඔබ්බට ගිය සැබෑ සැමරීමක් යනු එවැනි තීන්දු තීරණ සහිත පරිවර්තන ක්‍රියාවලියෙකි.

 ජුසේවාස් පියතුමා දෙවියන්ට දුන් පොරොන්දුවක් වූයෙ හිස් දෙපතුලින් ධර්මදූත සේවයේ යෙදීමයි. අති සුඛෝපභෝගි රථ ගාය නතර කර අත්‍යාශ්‍යම සේවා සඳහා           පමණක් අවම පිරිවැයක් හා උපරිම භාවිතාවක් ඇති රථ භාවිතයට තීරණයක් සභාවක් ලෙස අපට ගන්නට නොහැකි වූයේ ඇයි ? ප්‍රැන්සිස් සුදතුම් පියාණන් තමාට         ලද ලැබ්බෝගිනි රථය වෙන්දේසි කිරීම් ආදර්ශයේ අංශු මාත්‍රයක් පෙන්වන්නට අපට හැකි නොවුයේ ඇයි ?
 ජුසේවාස් මුනි තුමාගේ තවත් ප්‍රතිපත්තියක් වූයේ කිසිදු විටක තමා විසින් මුදල් බාර නොගැනීමයි. සභාවේ පූජක පැවිදි ජීවිතය මෙන්ම ගිහි ජීවිතයද මුදලට යට වී        ඇත. පූජක පැවිදි පක්ෂ මුදල් පෞද්ගලිකව ලබා ගැනීම නතර කිරීම හෝ මුදල් වාර්තා විනිවිද පෙනෙන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අපට තීරණයක් ගත හැකි            නොවූයේ ඇයි ?
 ජුසේවාස් මුනි තුමාගේ තවත් ප්‍රතිපත්තියක් වූයේ අල්පේච්ඡ ජීවිතයයි. පූජක පැවිදි නිවාස ආරාම ලෙස මිලියන ගණන් වැය වන නිවාස සෑදීම නතර කිරිමටත් සරල       නිවාස ඉදිරිකිරීමටත් සභාව වෙලාගෙන ඇති ඉදි කිරිම් සින්ඩ්‍රෝමයෙන් මිදීමටත් තීරණ කීපයක් ගත නොහැකි වූයේ ඇයි ?

දවසින් දවස සංදර්ශනකාමි සුඛෝපකාරි නාස්තිකාර බව වර්ධනය කරන මංගල්‍ය උත්සව ආදිය අවම කරමින් සභාවේම දිළිඳු ජනයා නඟා සිටුවීමේ තීරණයක් ගන්නට නොහැකි වූයේ ඇයි ?

සංචාර, ප්‍රදර්ශන, මහා පරිමාණ යාච්ඥා මෙහෙයන් වලින් ඕබබට ගිය ක්‍රියාමාර්ගයක් ජුසේවාස් මුනි වසර වෙනුවෙන් මීසම් මට්ටමින් දිසා මට්ටමින් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ඇයි ?

අපගේ ජුසේවාස් වසර සැමරුම ජුසේවාස් මුනිදුන්ට ප්‍රසන්න වීද ?

සුඛ විහරණයට ආත්මාර්ථකාමයට, යට වු නූතන කතෝලිකයාට ජුසේවාස් මුනි ලබාදෙන ආදර්ශය අත් හැරීම තුළින් අප මුනිතුමාට ගරු නොකළ බව අපිට පිළිගත හැකිද ?

 

jesustoday 44 සතිය 2017 දෙසැම්බර් 31

 

 

Comments powered by CComment