කිතු හද ගැස්ම

10

2017 වසර එළඹියේ යුක්තියට සා පිපාසිත ජනයාගේ හදවතේ සදා සුව නොවන තුවාලයක් අති කරමිනි.

ඒ එක්සත් ලංකාවක් තුළ සියලු ජාතින්ට සමානාත්වය ඇති ජීවිතයක් සහතික කිරීම උදෙසා හඬ නැගු රවිරාජ් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතකයින් යැයි චෝදනා ලැබු හමුදාවේ බුද්ධි අංශයට හා කරුණාගේ කල්ලියට අයත් වූවන් නිදහස් කිරිමේ අධිකරණ තීන්දුව සමඟය. ඒ වනාහි දෙමළ ජාතිකයාට ‘යුක්තිය’ ලබා නොදීමේ සිංහල ස්වොත්මවාදය අධිකරණය තුළින්ම ක්‍රියාත්මක වීමකි.

 

ඝාතනය කළ රවි රාජ්ගේ දෙන අසල ඔහුගේ බිරිඳ හා දරුවන් සිටිනා ඡායාරූපයක් එකල පුවත්පත් වල ඵල වී තිබුණි. 2017 ජනවාරි 01 දින රාවය පුවත්පත එය නැවත ඵලකර තිබුණි. ඒ ඡායාරූපයේ රවි රාජ්ගේ බිරිඳගේ හා දියණියගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ වෙනත් දිශාවන් වෙතය. එහෙත් රවිරාජ්ගේ පුතුගේ දෙනෙත් නිසල කරනු ලැබු සිය පියාගේ වත දෙසම යොමු වී තිබේ.

වසර 10 ක් පුරා ඒ බැල්ම මහද මනස තුළ වරින් වර මතු වූ ඒ නෙතු මඟ හැර යාමට නොහැකිව වසර 10 ක් ඒ පුතුගේ නෙත්වලට මා සයන කළේද ‘යුක්තිය’ ඉටුකිරීමට හඬ නඟන බවය.

එහෙත් 2017 මුලදි මා අසරණ විය. ඒ නෙත්වලට කියන්නට දෙයක් නැතිව මගේ මතක පොතේ ඒ පුතු හමුවීමට නොහැකි බවකින් පෙලුනෙමි.

100% ක් සිංහල ජූරියක් මහ රැක දුන් තීන්දුව දෙමළ ජනයාට සිදු කළ ඓතිහාසික අසාධාරණකම් අතර තවත් එකකි. රවි රාජ්ව ඝාතනය කළා සේම රවි රාජ්ගේ යුක්තිය ඝාතනය කළෝ මහා ජාතියම මිස ඒ ජූරි සභාව නොවේ.

රවිරාජ්ගේ පුතුනුවන් දැන් භද්‍ර යෞවනයෙකු වනු ඇත. ඔහු මේ දේවල් තේරුම් ගනු ඇත්තේ කෙසේද ?


jesustoday 44 සතිය 2017 දෙසැම්බර් 31

Comments powered by CComment