වසරින් වසර වානිජකරණයේ උපායන් තුළින් විකෘති කරනුයේ නත්තල නම් වූ විමුක්තිදායක කිතු උපත සැමරීම පමණක් නොව සියළු ආගමීක හර පද්ධතීන් සහ ලාංකීය මිනිස් සාරධර්මයන්ය. ධනවාදී සමාජ ක‍්‍රමයේ වෙළඳ පොළ ආර්ථීක ක්‍රමය සියළු ධාර්මික හරයන් වානිජකරණය තුළින් ලාභය පමණක් අරමුණු කරගත් මූල්‍යකරණය කිරීම ඇරඹුනේ අද ඊයේ නොව විවෘත ආර්ථීක ක‍්‍රමයේ ඇරඹුමත් සමගය. මෙම නියොලිබරල්වාදී ආර්ථීක ක්‍රමය මත ගොඩ නැගුනු දූෂිත දේශපාලන ව්‍යුහය සහ මෙම සාපරාදී ක‍්‍රමය ආශිර්වාද කරන ආයතනගත සාම්ප‍්‍රදායික ආගමික ව්‍යුහය තවතවත් මෙම සමාජය වහල් කරනු මිස නිවහල් නොකරනු ඇත. පීඩිත ජන වර්ග සූරාකනු ලැබිම සහ මුලාකිරීම සිග‍්‍ර කිරීමක් මිස වෙන යමක් මෙම විෂම සමාජ ව්‍යුහය නිර්මාණය නොකරනු ඇත.

අද දවසේ උත්ප‍්‍රාසය දනවන හාස්‍ය නම් මෙම සමස්ථ පීඩක ව්‍යුහය උඩුයටිකුරු කල ඵෙතිහාසික සිදුවීමක් වූ කිතු උපත පවා මෙම වෙළඳපල ක‍්‍රමය මගින් විකෘති කර වානිජකරණය මුවාවෙන් ප‍්‍රදර්ශණය කිරීමය. දේශපාලක-ව්‍යාපාරික පැලැන්තියට නත්තල තවත් වෙළඳ භාණ්ඩයක් මිස ක‍්‍රිස්තුස් නම් වූ දිව්‍යමය මිනිසාගේ විමුක්තිදායක උපත සැමරීමක් නොවේ.

ඵෙතිහාසික නත්තලේ සත්‍යය විවරණය කරනොගෙන හෝ නොදන්නවාසේ කල්ගත කරමින් නත්තල විකෘති කිරීම මෙම මිත්‍යාවේ එක් අංශු මාත‍්‍රයක් පමණකි. නත්තල් වෙළඳ සැණකෙලි ඔස්සේ වානිජ කරණය වන සමස්ත හර පද්ධතිය අද දවසේ අපගේ අවධානයට ලක්විය යුතුය. බයිබලීය නත්තලේ විමුක්ති

ගතිකය විකෘති කරණ ජනප‍්‍රිය ක‍්‍රිස්තියානියේ මිත්‍යාවය අප හදුනා ගත යුතුය. ඇත්තෙන්ම අද මෙලෙස අපගේ ඇස් පනාපිට දිග හැරෙන්නේ මෙම ජනප‍්‍රිය ක‍්‍රිස්තියානියේ මිත්‍යාවට ආවඩන ආයතනගත වූ ආගමික ව්‍යුහයේ නිර්ලැජ්ජිත රංගනයයි.

එදා ක‍්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂී උපත අභියෝගාත්මක වූයේ උන්වහන්සේගේ ජීවිත දර්ශනය සහ ක‍්‍රියා කලාපය තුළින් මෙම ආගමික කරණයට ලක්වූ පීඩක ව්‍යුහය සමග එතුමන් ගැටීමය. එදා ඵෙතිහාසික කිතු උපත සිදුවනුයේ පළවෙනි හෙරෝද් රජු සමයේ බව බයිබලීය මතයයි. එදා රෝම අධිරාජ්‍යය පලස්තීන දේශය පීඩනයට පත්කලේ වඩුවන්, ධීවරයන් වැනිවූ අන්ත දිළිඳු ජනකොටස් සූරාකමින් සහ බදු බර පටවමින්ය. මෙම පලස්තීන දේශයේ ජනතාව දේශපාලනීකව ද, ආගමීකව ද, ආර්ථීකව ද සහ සාමාජීයව ද නිවහල් බවක් හෙවත් පුනරුදයක් අපේක්ෂාවෙන් කල් යැවූ සමයක ක‍්‍රිස්තු උපත සිදුවනුයේ මුළු මහත් දේශයේ පීඩක ව්‍යුහයම දෙදරවමින් සැබෑ විමුක්තියේ උපතක් ලෙසින්ය.

බයිබලයට අනුව ක‍්‍රිස්තු උපත සිදුවනුයේ අගෝස්තුස් රෝම අධිරාජ්‍යයාගේ කාලයේ බෙත්ලෙහෙම් නම් වූ දාවිත්ගේ නුවර බලා යමින් සිටි ජුසේ සහ මරියා නම් වූු තරුණ කම්කරු යුවලකට දාවය. "තානායමේ ඉඩ කඩ නොතිබුනු බැවින් ගව ඔරුවක බෑව්වාය." යන බයිබලීය වදන් තුළින් කියැවෙන්නේ මෙම කම්කරු දිළිඳු පවුලට එදා අධිරාජ්‍යවාදී සමාජ ක‍්‍රමය තුළ ස්ථීර තැනක් සහ පැවැත්මක් නොතිබුනු බවය. එනමුත් මෙම විමුක්ති දායක උපත දෙව්-මිනිස් සබැඳීයාවක් වනුයේ එදා අන්ත දරිද්‍රයන්ව සිටි ගොපලූ‍න් හෙවත් එෙඩේරුන්ට මෙම කිතු උපතේ සුභ ආරංච්ය දේව දුතයන් අනාවරණය කිරීමෙනි.

කිතු උපත කිතුනුවන් උදෙසා නොව සියළු දුක්විඳවන ජනතාව උදෙසා බව බයිබලීය කතුවරයා පෙන්නුම් කරයි. එනම් දේව දුතයන් එෙඩේරුන්ට දන්වන සුපුවතින් එය මෙසේ විග‍්‍රහ කරයි.

"බිය නොවන්න!
මෙන්න, සකල ජනයා හට ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසාද, ස්වාමින් වන ක‍්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේය." (ලූක් 2:10)

මෙහිදී සකල ජනයා යනු සමස්ථ ලෝක ප‍්‍රජාවයි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවනුයේ මුළු මහත් විශ්ව සංහතිය උදෙසාය. එනමුත් වැදගත් කරුණ නම් මෙම මිනිස් සංහතියට ගැලවීම උදාවනුයේ
එෙඩේරුන් වැනිවූ පීඩිත පංතිය සමග අනන්‍ය වෙමින්, සූරාකෑමේ විශම සමාජ ක‍්‍රමය නිසා පීඩිත තත්වයට පත්වුනු දරිද්‍රයන් නිවහල් කිරීම උදෙසාය.

ක‍්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරු ලෙස බයිබලය පෙන්වා දෙන්නේ පීඩිත ජන වර්ග විමුක්තිය කරා ආධ්‍යාත්මීක, ආර්ථීක, දේශපාලනික සහ සාමාජීය නායකත්වය සැපයූ නිසාය.

එබැවින් අද දවසේ පැවැත්වෙන නත්තල නම් වූ විකෘතියේ පළමු මිත්‍යාව වන්නේ කිතු උපත කිතුනුවන්ගේ මංගල්‍යය ලෙස සලකා ජනපි‍්‍රය ක‍්‍රිස්තියානිය ඵෙතිහාසික විමුක්ති දායක කිතු උපත යුරෝපීය කරණය කිරීමයි.

1505 දී පැමිණි පෘතුග‍්‍රිසි යටත් විජිත වාදීන් ශ‍්‍රී ලංකාවට හදුන්වාදුන් යුරෝපීය කරණය වූ ජනප‍්‍රිය ක‍්‍රිස්තියානිය බයිබලය තුළින් අනාවරණය වන ආසියාතික විමුක්ති දෙව් දහම නොවේ.

ක්‍රි.ව 313 දී කොන්ස්ටන්ටයින් රෝමඅධිරාජ්‍යයා ක‍්‍රිස්තියානි ජීවිත ක‍්‍රමය අධිරාජ්‍යකරණය කරමින් රෝම අධිරාජ්‍ය යටතේ පැවති සියළු යටත් විජිත රට වලට රාජ්‍ය ආගම සේ හදුන්වාදීම සමග නිර්මල කිතු දහමේ හරය විකෘති වූයේය.

අද දවසේ අප දකින නත්තලේ පිනි මුවන් ඇදගෙන යන්නාවූ නත්තල් සීයාගේ කරත්තය, නත්තල් ගස සහ යුරෝපීය සැරසිලි සහ සැණකෙලි නියොජනය කරන්නේ බයිබලීය විමුක්ති ක‍්‍රිස්තියානි දැක්ම නොව යුරෝපීය කරණය වූ ජනපි‍්‍රය ක‍්‍රිස්තියානියයි.

ක‍්‍රිස්තුස් වහන්සේ උපන් ආසියාෙවේ පලස්තීනයේ බෙත්ලෙහෙමේ පිනි මුවන් ඇදගෙන දුවන හිම කරත්ත තිබුනේ නැත. හිමෙන් වැසුනු නත්තල් ගස ද ජේසු උපන් ස්ථානයේ තිබුනේ නැත. ජේසු උපත ගව ඔරුවක සිදුවූයේ අන්ත දරිද්‍ර සරණාගත අත්දැකීමක දෙවියන් මාංශගතවන බව දැන්වීමටය.

එබැවින් අද දවසේ අප දකින, අපට මවා පෙන්වන වාණිජ නත්තල සැබෑ බයිබලීය විමුක්ති කිතු උපත නොවේ.

මේ අප දකින්නේ ජනප‍්‍රිය යුරෝපිය ක‍්‍රිස්තියානියේ විකෘතිය පමණකි. එබැවින් විදේශ විනිමය පතා ලෝකයේ වාර්තා ගත උසම නත්තල් ගස තැනීමේ තෘෂ්ණාව ජනප‍්‍රිය ක‍්‍රිස්තියානියේ මිත්‍යාවේ තවත් එක් දිගුවක් මිස බයිබලීය විමුක්ති කිතුනු ඇදහිල්ල නොවේ.

ඵෙතිහාසික කිතු උපතේ සුවිශේෂී විමුක්ති ගතිකය වන්නෙ එදා නත්තල සාමය නොව සමාජ කැළඹීම උදාකල විප්ලවීය සාධකයක් විමයි. බයිබලීය කතුවරයා ඒ බව මෙසේ සනාථ කරයි.

"පෙරදිගින් ශාස්ත‍්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, ජුදෙව් වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමන්ගේ තාරකාව පෙරදිගදී දැක, එතුමන්ට නමස්කාර කරනු පිණිස ආවෙමුයි කීය. එපවත් ඇසූ හෙරෝද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැලඹුනහ." 
(මතෙව් 2:2-3)

එවකට දකුණු පලස්තීනය වූ ජුදා දේශය පාලනය කළ රෝම අධිරාජ්‍යාගේ ගැත්තාවූ හෙරෝද් රජුගේ ධන බල කාමය පුපුරවා හැරිය සිදුවීමක් වූයේ දරිද්‍ර රජෙක් හෙවත් දේව දිළින්දා ලෙස පීඩිතයන් අතර ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලැබීමය. එම විප්ලවීය උපත මුළු මහත් ජෙරුසලම් අගනගරයේ දේශපානීක
සහ ආගමීක ප‍්‍රභූ පංතිය කැලඹීමට ලක්කලේ මෙම පාපිතර පීඩක පංතිය උඩු යටිකුරුකරන්නාවූ විමුක්ති දායකයෙකුගේ උපතක් වූ නිසාය.

ලංකාෙවේ උසම නත්තල් ගස තුළින් සංහිඳියාව උදාවේයැයි සිහින මවන සාම දුතයන්ට අමතක වන කරුණ නම් සාධාරණ සමාජ ක‍්‍රමයක් මත පමණක් තිරසාර සංහිඳියාව උදාවන බවයි.

එදා ක‍්‍රිස්තු උපත ව්‍යාජ සාමය බිදින, පීඩක සමාජ ක‍්‍රමය දෙදරවන ඵෙතිහාසික මොහොතක් වූයේ යුක්තිය පසිඳලන සාධාරණත්වයේ සාම කුමාරයා බිහි වූ නිසාය.

අද දවසේ සංහිඳියාව ගැන පෙරුම් පුරන දේශපාලනීක සහ ආගමීක නායකයින් තේරුම්ගත යුත්තේ උතුරේත් දකුණේත් යුක්තිය පසිඳලන තුරු සාධාරණත්වයේ ශ‍්‍රී ලංකා දේශය සාමයේ මිත්‍යාව තුළ මුලාවී ඇති බවය.

යුරෝපීය කරණය වූ ජනප‍්‍රිය ක‍්‍රස්තියානියේ දරුණුම ම පාපය වන්නේ දිළින්දාව අව භාවිතාවට ලක්කර, ඒ තුළින් පෞද්ගලීක ගැලවීම උදාකර ගැනීමට තෘෂ්ණා භරිතවීමයි. ගතවුනු කාලයේ මෙදා නත්තල අරබයා දුගී දුප්පතුන්ට උපකාරකලයුතු බව කිතුනු ආගමීක නායකයින් ඇතුලූ‍ බොහෝදෙනා පෙන්වා දුන්හ. දුගී දුප්පතුන්ට උපකාර කිරීම මෙම ජනප‍්‍රිය ක‍්‍රිස්තියානියේ ආකර්ෂණීය හැසිරීම් රටාවයි. එනමුත් දුගී දුප්පතුන්ට උපකාර කිරීම ආත්ම ගැලවීම කරගත් ලෝකයට මිනිසුන් දුගීන්වී සිටිම අත්‍යාවශ්‍ය කාරණයකි.

බයිබලීය විමුක්ති දහම කියා පානුයේ කිතු උපත රජ මන්ධිරයේ ප‍්‍රභූන් බිය ගන්වන පුවත වූයේ පීඩිත භාවය ජනිත කරන මෙම පීඩක සමාජ ව්‍යුහය වෙනස් කරන සැබෑ පීඩිතයාගේ රජු ගව ඔරුවක උපත ලැබීමේ සිදුවීමයි.

එබැවින් දුගී දුප්පතුන්ට උපකාරකිරීම තුළින් ලබන මානසීක සංතෘෂ්ඨීය සැබෑ විමුක්තිදායක නත්තලේ හරය නොවන බව කිව යුතුය. මිනිසුන් දිළිදු කරවන මෙම අසාධරණ සමාජ ව්‍යූහය වෙනස් කරමීන් නව යුගය හෙවත් දේව රාජ්‍යය එනම් සාධාරණත්වයේ දෙවියන් රජ කරන පේ‍්‍රම රාජ්‍යය මහ පොළොෙවි උදාවීම ක‍්‍රිස්තු උපතේ එනම් සැබෑ නත්තලේ පරමාභිලාශයයි.

වෙල්ලස්සේ, බුත්තල, අලුකලවිට බොදුනු ගැමි කටුමැටි ගෙයක් තම "සුභ සෙත්" ගෙදර
කරගත්, 1987 නොවැම්බර් 10 වනි දින දකුණේ දේශපාලකයන් විසින් සැලසුම් සහගතව ඝාතනය කල ගරු මයිකල් රොද්‍රිගූ පියතුමා දිනෙක ලාංකීය නත්තල මෙසේ සනිටුහන් කලේ අඳ ගොවි පවුලක ඩිංගිරි මැණිකගෙ කොලුවා ඉපදෙන වේදනාත්මක මොහොතේ ඇය අත් ට‍්‍රැක්ටරයකින් සුභසෙත් ගෙදරට රැගෙන ආ සත්‍ය සිදුවීම පදනම් කරගෙනය. වියාන් ටෙන්සින්ගේ පද රචනයට අනුව එය

මෙසේය.

ඇසුනේ නෑ 
ගී වැල් සුර දුත
පැල්කවි ඇහෙනවා ඈතින් ගැයෙනා
පුන්සඳ පායා 
ගම අද දිලෙනා
උම්බෑ ගානා 
හඬ ළග ඇසෙනා

රන්තරු පායා 
නෑ කවදාවත්
රුදුරු නියගයේ 
රස්නය දැනෙනවා
හිමිදිරියේ බිළිඳෙක් හඬනා හඬ 
ඩිංගිරි මැණිකගෙ කොලූ‍වා ඉපදිලා"

-ගරු ජීවන්ත පීරිස් පියතුමා-

Jesustodaysl 43 සතිය 2017 දෙසැම්බර් 24

 

Top of Form

Comments powered by CComment