ජාත්‍යයන්තර තේ දිනය දෙසැම්බර් මස 15 වනදා ශ්‍රී ලංකාව මහත් උත්සවාහකාරයෙන් සමරනු ලැබුවාය. මේ වසරට ශ්‍රී ලංකාවේ තේ වගාවට වසර 150 ක් සම්පූර්ණ වීමද ඊට හේතු විය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවය තේ වගාවේ ශ්‍රමික ජනයා මඟහැර තිබු උළෙලක් විය. ‘හොඳම දළු නෙලන්නීය’ ‘හොඳම දළු නෙලන්නා’ සම්මාන හැරුනු විට වසර 150 ක් තේ වගාවට තම ලේ දහඩිය පූජා කළ ජනතාව ගැන අවධානයක් තිබුනේම නැත.

වතු හිමියන්, හාම් පුතුන් ගැන මිස ජනතාව ගැන ඉතිහාසය පුරාම රජයන් හි අවධානයක් තිබුනේ නැත. ලක්ෂ 20 ක පමණ ජනතාවක් තේ ආර්ථිකය තුළින් යැපෙන රටක් ලෙස අපි ඒ ආර්ථිකයේ ප්‍රධාන බලවේගය වන ද්‍රවිඩ කම්කරු ජනතාව කෙරෙහි දැක් වු, දක්වන සැලකිල්ල කිසිසේත් මානවවාදි නොවේ.

ශ්‍රී ලාංකීය කඳුකර දමිළ ජනයා ඇසුරින් ‘තේ දේව ධර්මයක්’ ගොඩනැගීමටත් එමගින් එම ජනතාවගේ නිදහස තහවුරු කිරිමටත් නිල සභාවන් ක්‍රියා නොකළ ගානය. විකල්ප මත දරන කිතුනුවන් ස්වල්ප දෙනෙක් පමණක් ඒ ගැන වෙහෙස වු බවයි වසර 150 කට පසු අපට දැකිය හැක්කේ. තේ ගහේ විiාත්මක නාමය නිර්මාණය වී ඇත්තේ උද්භිද විද්යාඥයෙකු හා ෙඖෂධවේදියෙකු වු ගරු ජෝර්ජ් කැමල් පියතුමන්ට ගෞරව පිණිසය. තේ ගසේ උද්භිද විiාත්මක නාමය වන්නේ කැමලියා සිනේසිස්ය. (Camellia Sinensis) ය. මේ පසුබිම ද සැලකිල්ලට ගත් විට තේ සඳහා ලේ වගුරුවන ජනයාට සාධාරණය ඉටු නොකිරිම කැමේලියා පියතුමාටද අගෞරවයක් ලෙස සැලකිය හැකිය.

jesustoday 42 සතිය 2017 දෙසැම්බර් 17

 

Comments powered by CComment