“නීති කඩකිරීම දෙමුහත් කඩුවකි. එයින් සිදුවන තුවාල සුව කළ නොහැකිය” (ශුද්ධ වු බයිබලය)

නීතිය ප්‍රබලයාට එක ආකාරයකටත් දුබලයාට තව ආකාරයකටත් ක්‍රියාත්මක කරවීම යනු කිසිදු ආගම ධර්මයකට හෝ මනුෂ්‍ය ධර්මයකට එකඟ වන්නක් නොවේ. එසේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නා පූජකයෙකු, උගතකු හෝ වෙන කවරෙකු හෝ වේවා ඔහු වු ඇයව සැලකිය යුත්තේ ධර්මය විනාශ කර දමන අධාර්මිකයෙකු ලෙසය.

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට එරෙහිව හඬ නඟන සියල්ලෝද, ඒ හඬට කන්දි ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙස අණ කරන සියල්ලෝද සිදු කරන්නේ අධාර්මික ක්‍රියාවකි. එමගින් ඔවුන් රටේ නීතියට කරන තුවාලය සුවකළ නොහැකි තරම් එකකි.

නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම එක සමානය යන්න බිඳ වැටෙන තැන තව දුරටත් එකි රට ශීලාචාර රටක් නොවේ. යුක්ති ගරුක රටක් නොවේ. ධාර්මික රටක් නොවේ. පුද්ගලයින්ගේ තරාතිරම අනුව හෝ යම් පුද්ගල කණ්ඩායමකගේ වුවමනාව මත නීතිය ක්‍රියාත්මක වීම සිදුවන්නේ නම් ඒ රට අශිලාචාර රටකි. ඊට ඉඩ දෙන නායකයින්, පූජකයින්, විනිසුරන් යනු අශිලාචාර පිරිසකි.

ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නය ඇසුරින් පැන නැගී ඇති මේ අශිලාචාර තත්වය මෙරට නීතිගරුක ජනයා විසින් ප්‍රතික්ෂේප කිරීම දේව අභිමතයයි. තමන් අත වරදක් නැත්නම් ඕනැම කෙනෙකු නීතිය ඉදිරියට ගොස් ඒ බව නීතිය ඉදිරියේ තහවුරු වීමට ඉඩහැරිය යුතුය.

ක්‍රිස්තියානි දෘෂ්ටියෙන් නම් ගෝඨාභය රාජප්කෂ සැලකිය හැක්කේ දේව අභිමතය කනපිට පෙරළු දේව කැමැත්තට පටහැනීව ක්‍රියා කළ අයෙකු ලෙසය. ඇතැම් කිතුනුවන්ට ඔහු වීරයෙකු වීම ඔහු හෝ ඇයගේ නොකිතුනු බව පෙන්වන කැටපතක් පමනි.

මේ රට ධාර්මික රටක් කළ හැක්කේ තරාතිරම නොබලා සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරිමෙන්ය. එයයි දේව කැමැත්ත.

jesustoday 41 සතිය 2017 දෙසැම්බර් 10

 

 

Comments powered by CComment