කෑම කන විදිහ එහි ශක්තිය තමාට ලැබීමට හේතු වෙනවා. කෑම කනවා කියන්නේ නිකම්ම නිකං ඔහේ බඩගින්නට කරන දෙයක් නොවෙයි. ඊට වඩා ලොකු අර්ථයක් ඇති ක්‍රියාවක්.

 

කිතු සිරිත් මල්දම 

කෑම බෙදාගත්තට පස්සේ කෑම කන්න යාළුවෝ යාළුවෝ එක එක තැන්වල රංචු ගැහුනා. හැමෝම මහ හයියෙන් කතා කර කර කෑම ගන්නවා. සමහරු කෑම කාලා රංචුවෙන් නැගිටලා යනවා. සමහරු කෑම කාලා ඉවරයි. අතේ ඉඳුලුත් වේලිලා. ඒත් බර සාරෙට කතාව.

කව්රුත් කෑම ගන්න පෙර දෙවියන්ට පුද්ගලිකව තුති දෙනවා මම දැක්කේ නෑ. මට නම් අම්මා කියලා තියෙන්නේ දේව තාත්තාට ස්තූති කරලා වැඩි කතා බහක් නැතිව කන්න කියලා. මට කීප දෙනෙකුගේන්ම කෑම කෑවට පස්සේ ඇහුවා අද මොනාද කෑමට තිබුණේ. සමහරුන්ට ඒකවත් මතක නෑ. සමහරු ඔහේ කෑම ගිල දමනවා. තවත් අය කෑම කන්නේ තව ටිකකින් මුළු ලෝකේම තියෙන කෑම ඉවර වෙනවා වගේ.

කෑම කද්දි අප කන එක එක ව්‍යාංජනයේ රස අපි විදින්න ඕනි. විශේෂයෙන් කෑම ශක්තිය බවට පෙරලෙන්න හොඳින් ජීර්ණය වෙන්න හොඳින් කෑම හපලා කන්න ඕනි. රූපවාහිනි දැන්වීම් වල පෙන්නවා වගේ මුව පුරා ගාගෙන පෙරේත ලීලාවකින් නොවෙයි. තැන්පත් ලීලාවකින් කෑම කන්න අවශ්‍යයි. ඒ තමයි කෑම කන ක්‍රිස්තියානි විදිහ.

කෑම කන විදිහ එහි ශක්තිය තමාට ලැබීමට හේතු වෙනවා. කෑම කනවා කියන්නේ නිකම්ම නිකං ඔහේ බඩගින්නට කරන දෙයක් නොවෙයි. ඊට වඩා ලොකු අර්ථයක් ඇති ක්‍රියාවක්.

ක්‍රිස්තියානීන් කෑම කන විදිහේ ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ බෙදා හදා ගනිමින් කෑම ගැනීමයි. කෑමට සිටින නොසිටින අයගේ අවශ්‍යතාවය ගැන සිතමින් තමන් සතු දේ අන් අය හා බෙදා ගනිමින් එකමුතුව කෑම ගැනිම එහි ප්‍රධාන අංගයක්.

Jesustodaysl 2 වන වසර 34 වන සතිය 2018 නොවැම්බර් 04

 

 

Comments powered by CComment