මට ඇතිවුනු ප්‍රශ්නය එක්ක මම එයාගෙන් රට කජු පැකට් එකක් අරගන්න ගමන් තමයි කතාවට වැටිලා මේ පුංචි වීරයාගේ කතාව දැන ගත්තේ.

 

කසුන් 8 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. එයාගේ ගම කළුතර. ජීවත් වන්නේ ලෑලි ගෙයකය. මෑතක ඉඳලා යාළුවෝ කසුන්ට නමක් පට බැදලා ‘කට රජ්ජා’ ඒ කියන්නේ ‘රට කජ්ජා’

පාසල ඇරිලා ඇවිත් කසුන් බස් ස්ටෑන්ඞ් එකේ රට කජු විකුණනවා. දවසක් මම කොළඹ යන්න ඉන්න කොට ඔහු රට කජු විකුණමින් බසයෙන් බසයට යනවා. හවස 4.00 ට විතර මේ පුංචි කොල්ලා ඉස්කෝලේ යන්නේ නැද්ද? මට ඇතිවුනු ප්‍රශ්නය එක්ක මම එයාගෙන් රට කජු පැකට් එකක් අරගන්න ගමන් තමයි කතාවට වැටිලා මේ පුංචි වීරයාගේ කතාව දැන ගත්තේ.

ඇත්තටම කසුන් නොවෙයි රට කජු විකුණලා තියෙන්නේ. කසුන්ගේ අම්මා. නමුත් දැන් මාස හය හතක ඉඳලා අම්මට රට කජු විකුණන්න බෑ. කසුන්ගේ මල්ලී අසනීපෙන් එක් තැන් වෙලා.

ඊට පස්සේ තමයි කසුන් ඉස්කෝලේ ඇරිලා රට කජු විකුණන්නේ. එයාගේ ඉස්කෝලේ ළමයි හැමෝම වගේ දන්නවා එයා රට කජු විකුනනවා කියලා.

මම කසුන්ගෙන් ඇහැව්වා ‘පුතා දවල්ට බත් කාලද? කියලා. ඒ වෙන කොට කසුන් මාව අඳුනගෙන සිටි නිසා එයා ඇත්ත කිව්වා ‘නෑ’ පිළිතුර ඒකයි.

"බඩගිනි නැද්ද? බඩගින්නට රටකජු පැකට් එකක් වත් කන්න හිතෙන්නේ නැද්ද?"

"බඩගිනි දැනෙනවා. කන්නත් හිතෙනවා. ඒත්, අම්මා නංගී මල්ලි බඩගින්නේ, මම විතරක් කාලා හරියන්නේ නෑ. අපි රෑටයි දවල්ටයි දෙකටම බත් කන්නේ හවස 5 ට විතර"

"මම රට කජු පැකට් එකක් කෑවොත් ඒකේ ගාන හොයන්න පැකට් 10 ක් විකුණන්න වෙනවා."

කසුන් ගෙදර අය ගැන හිතන හැටි කොච්චර නම් සංවේදිද? මා එක්ක දඩිබිඩි ගාලා කතා කරපු ඔහු ඊළඟ බසයට නැග්ගා. හවස 5 වෙන කොට ඔහු ගෙදර යනවා. පංතියෙ දෙවනියා. තාත්තා නැති ගෙදර තාත්තා. ඔහු පුංචි වීරයෙක් නොවෙයිද?

Jesustodaysl 2 වන වසර 32 වන සතිය 2018 ඔක්තෝම්බර් 21

 

Comments powered by CComment