"දේව තාත්තා අපට අවශ්‍ය සමබර ආහාර මවලා තිබෙනවා. අපි ඒවා කෑමට එකතු කරගන්නේ නැත්නම් අපි කරන්නේ උන්වහන්සෙට නිගරුවක්"

කිතු සිරිත් මල්දම 

මගේ යාළුවන් එක්ක මමත් ගියා ළමා කඳවුරකට. දවල් කෑම සඳහා විවේකය ලැබුනා. කෑම සූදානම් කරලා තිබුනේ තම තමන් ගිහින් බෙදාගන්න ඕනි විදිහට. අපි පෝලිමේ ගිහින් කෑම බෙදාගත්තා. 

බත්, පරිප්පු, මාළු, මුකුණුවැන්න මැල්ලුම, පපඩම්. සමහරු මුකුණුවැන්න මැල්ලුම බෙදාගත්තේ නැ. පපඩම් තුන හතර බෙදාගත්තා. ළමයි 100 ක් විතර හිටියා. අන්තිමට හත් අට දෙනාට පපඩම් නැ.

ඉතිං කෑම කන අතර විවිධ සාකච්ඡා

"මම නම් මේ මාළු කන්නෙ නෑ"

"මාළු වලට වඩා හොඳයි මස් තිබුණා නම්"

සමහර අයගේ පිඟානේ බත් ඉතුරුයි. බත් පතෙන් භාගයක්ම ඉතුරු ඉවත දමන බාල්දියට හලනවා මම දැක්කා.

කෑම කන්න පෙර යාච්ඥා කරන කොටත් කිව්වා විසි කරන්න බෙදාගන්න එපා. මදි නම් නැවත බෙදාගන්න කියලා.

කෑම හූගාක්ම ඉතුරු පිතුරු බාල්දියේ මට ඒක නම් දරාගන්න බැරිවුනා.

ඕගොල්ලන්ට මතක ද පූප වැඩි කිරිමේ ප්‍රාතාහාර්ය. එදා මම මගේ ශ්‍රාවකයින්ට කිව්වා ඉතුරු කෑම එකතු කරන්න කියලා. නාස්තිය කියන්නේ පාපයක්.

"කෑම වීසි කරන්නෝ පාපයක් කරනවා" මම එහෙම කිව්වේ ටිකක් ශබ්ද නගා හැමෝම මා දිහා බැලුවා.

අද මෙතන තිබුනු කෑම වර්ග අතර නරක කෑමක්, වසක් විසක් දෙන කෑමක් තිබුණාද?

මම එහෙම ඇසුවා. හැමෝම නිහඬ වුනා. මම ආයෙත් ඒ ප්‍රශ්නය ඇසුවා ‘නෑ’ කියන පිළිතුරු ලැබුණා.

බලන්න මුකුණුවැන්න මැල්ලුම හොඳටම ඉතුරු වෙලා. අපි පාසලේ ඉගෙන ගන්නවා නේද කොළ වර්ග අපේ ආහාරයට ඉතා වැදගත් කියලා. ඇයි අපි ඒබ ව දැන දැනත් කොළ වර්ග බෙදා නොගන්නේ’

"දේව තාත්තා අපට අවශ්‍ය සමබර ආහාර මවලා තිබෙනවා. අපි ඒවා කෑමට එකතු කරගන්නේ නැත්නම් අපි කරන්නේ උන්වහන්සෙට නිගරුවක්"

"කෑම බෙදාගනිද්දි අපි අනිත් අය ගැන හිතුවද? ඒ ප්‍රශ්නයටත් නිහඬතාවයක් තිබුනා. අපි දැනගන්න ඕනි අනිත් අය ගැනත් හිතලා කෑම බෙදාගන්න. අන්තිමට ආව හත් අට දෙනෙකුටම පපඩම් නෑ."

දවසකට 30 000 ක් පමණ ළමුන් විතරක් කෑම නැතිව මිය යන ලෝකයක ඉතුරු පිතුරු බාල්දිය පිරෙනකම් විසි කරපු කෑම තිබෙනවා නම් අපි දේව දරුවන් කියලා අපිට කියන්න පුළුවන්ද.

කෑම බෙදාගත යුත්තේ අවශය ප්‍රමාණයට. මදි වුනොත් ආයේ බෙදාගන්න ලැජ්ජා විය යුතු නෑ. ඒ වගේම අනිත් අය ගැන හිතන්න ඕනි. එක් කෙනෙක් දෙන්නෙක් හරි කෑම සකස් කල අය සමඟ කතා කරලා ප්‍රමාණවත්ව තියෙනවද කියලා බලන්න ඕනි. කෑම පිඟානට තිබෙන හොඳම දේවල් සියල්ල බෙදාගන්න ඕනි. අවශ්‍ය ප්‍රමාණයට.

‘කටට රස’ නොවෙයි ‘ඇඟට ගුණ’ අපේ තේමව වෙන්න ඕනි.

Jesustodaysl 2 වන වසර 31 වන සතිය 2018 ඔක්තෝම්බර් 14

 

Comments powered by CComment