පුංචි වීරයන් ගැන ඇත්ත කතා - 5

දෙව් තිළිණි එකොමත් එක රටක නොවෙයි. අපේ පුංචි ලංකාවේ ජීවත් වන හයේ පංතියේ දියණියක්.

 

හයේ පංතියට එනකොට දෙව් තිළිණි නංගියි මල්ලියි දෙන්නටම ලොකු අක්කා. ඇත්තටම පොඩි අක්කෙක් නැති ගෙදරක ඇයට ලොකු අක්කා කියලා කිව්වේ ඇයි දැයි දන්නේ නෑ. තාත්තා දෙව් තිළිණිලාව දාලා ගියේ දෙව් තිළිණි හතරේ පංතියේ ඉන්නකොට. එතකොට මල්ලි උන්නේ අම්මගේ කුස තුළ.

අම්මා කෝච්චියේ වඬේ විකුණන්න පටන් ගද්දී දෙව් තිළිණි හයට ඇවිත් මල්ලිව බලාගන්නේ දෙව් තිළිණි. කෙසෙල් ඇවරි ටිකක් බෑග් එකේ දමාගෙන ගෙයින් ගෙට යන පුංචි කෙසෙල් වෙළෙන්දීයට කවදාවත් ගණන් වැරදුනේ නෑ.

හැම ශතයක්ම අම්මට දෙන දෙව් තිළිණි තමන්ට ලැබුනු මුදලින් කඩචෝරු කන්න කවදාවත් යොමුවුනේ නෑ.

“කෙසෙල් කැනම මුදලාලිට දුන්නම අපිට රු 150 ක් විතර තමයි දෙන්නේ. කෙසෙල් ඇවරි කපලා විකුනුවාම ඒ වගේ දෙගුණයකටත් වඩා අපිට ලැබෙනවා”

පුංචි කෙසෙල් වෙළෙන්දීය ගෙදර ප්‍රශ්න ගැන හිතුවේ එහෙමයි.

දහම් පාසලේ පාඩමකදි ගුරුතුමි ළමයින්ගෙන් ඇහැව්වාම ඕගොල්ලෝ කොහොමද ගෙදරට උදව් කරන්නේ කියලා. එතකොට ළමයෙක් කිව්වා ‘ඔයානම් කෙසෙල් විකුණනවා කියලා” ඉතිං ඒක වැරදි දෙයක් නොවෙයිනේ’ ගුරුතුමි දෙව් තිළිණිව අගය කළා.

 

jesustoday 34 සතිය 2017 ඔක්තෝම්බර් 22

Comments powered by CComment