අකුරු බැරි. පන්තියේ දුර්වල ළමයි වෙනුවෙන් කැප වෙනවා කියලා ගුරුවරු හිතුවොත් ළමා දින වැඩසටහන් පවත්වනවාට වඩා එ්ක කොච්චර වටිනවාද ? ළමයින්ගෙන් වැඩකාරකම් ගන්නේ නෑ කියලා තීරණය කළොත්... ළමයින්ව හෙළා දකින එක වෙනුවට ළමයින්ගේ පුංචි හෝ දෙයක් අගය කරනවා කියලා තීරණය කළොත්, කොච්චර වටිනවාද ?

ළමා දිනය වෙනුවෙන් ....... මොහොතක් නැවතී

ළමයින්ගේ හඬට අැහුම්කන් දෙන්න.

ළමුන් ඉල්ලා සිටින්නේ මොනවාද ?

ළමුන් හඬ නඟන්නේ කෙසේද ? කුමක් ඉල්ලා සිට්න්නේ ද?

 දිවි නසා ගන්නා ළමුන් පවසන්නේ,

   අපිට ජීවිතය දෙන්න.
   අපිට ආදරය කරන්න.

 ඉගෙනීම වදයක් වූ දරුවන් පවසන්නේ,

   අපිට සෙල්ලම් කරන්න දෙන්න.

 අපචාර හා අපයෝජනයට ලක් වූ දරුවන් හඬමින් පවසන්නේ,

   අපිව පාවිච්චි නොකරන්න.
   අපිව ආරක්ෂා කරන්න.

 ළමා ශ්‍රමික දරුන් දහඩිය හෙළමින් කියන්නේ,

   අපිට ඉස්කෝලේ යන්න දෙන්න.

 වීදි දරුවන් මාවත් අද්දරට වී කියන්නේ,

   අපිට සෙවනක් දෙන්න.

 අනාථ දරුවන් අසරණ දෑසින් කියන්නේ,

   අපිට රැකවරණය දෙන්න.

 ටියුෂන් පන්තිවලට ගාල් වී සිටින දරුවන් කියන්නේ,

   අපිට විවේකයක් දෙන්න.

 විෂය නිර්දේශවලින් පීඩා විදින දරුවන් පවසන්නේ,

   මේ බර සැහැල්ලු කරන්න.

 කට පාඩම් කිරීම එපා වූ දරුවන් පවසන්නේ.

   අපිට නිර්මාණශීලි වීමට ඉඩදෙන්න.

 සම්ප්‍රදායික ඉගැන්වීම එපා වී පංතියේ බාධාකාරීව හැසිරෙන ළමයි පවසන්නේ

   අපිට රසවත්ව උගන්වන්න.

 මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් පවසන්නේ

   අපිට නිසි පෝෂණය දෙන්න.

 අධිපෝෂණයෙන් පෙළෙන දරුවන් පවසන්නේ

   අපිට ක්‍රියාකාරි වෙන්න ඉඩ දෙන්න.

 ළමා මව්වරුන් වී දුක් විදින දරුවන් පවසන්නේ

   තවත් අයව මේ තත්වයට පත් නොකරන්න.
   අපට ජීවිතය ගොඩනඟා ගන්න උදව් වෙන්න.

 සමාජ රෝගවලින් පෙලෙන දරුවන් පවසන්නේ

   අපට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න.

 ගෘහ ජීවිතය එපා වූ දරුවන් පවසන්නේ

   සෙනෙහස පිරි පවුල් ජීවිතයක් අපට දෙන්න.

 සමාජයෙන් කොන් වූ දරුවන් පවසන්නේ

   අපිව අගය කරන්න.
   අපව පිළිගන්න.

 අදක්ෂයි, මෝඩයි යනුවෙන් හංවඩු ගැසී සිටින දරුවන් පවසන්නේ

   අප තුල ඇති කුමන හෝ හැකියාවක් මතු කර දෙන්න.

 මේ සියලු ආකාර පීඩිත දරුවන් පවසන්නේ

   අපට යහපත් ලෝකයක් නිර්මාණය කර දෙන්න.

ලෝක ලමා දිනය දා, අයිස්ක්‍රීම් එකක්, පෑනක්, පැන්සලක් විනෝද වටයක්, පුංචි ට්‍රිප් එකක්, අපිට ලබාදෙන එක නරක නෑ. එ්ත් ලමා දිනය දවසේ ළමයින්ට ගහන්නේ නෑ කියලා තීරණයක් ගත්තොත් එ්ක අයිස් ක්‍රීම් හැමදාම දෙනවට වඩා වටිනවා නේද ?

ළමයින්ව මානසිකව බිඳ දමන, පීඩාවට පත් කරන" වචන කතා කරන්නේ නෑ කියලා තීරණය කළෝත් ළමයින්ට කුඩු මත්ද්‍රව්‍ය විකුණන්න් නෑ කියලා එහෙම විකුණෙන අයට උදව් කරන්නේ නෑ කියලා තීරණය කළොත් එ්ක සරුංගල් තරඟ දහස්ගාණනකට වඩා වටිනවා.

අකුරු බැරි. පන්තියේ දුර්වල ළමයි වෙනුවෙන් කැප වෙනවා කියලා ගුරුවරු හිතුවොත් ළමා දින වැඩසටහන් පවත්වනවාට වඩා එ්ක කොච්චර වටිනවාද ?

ළමයින්ගෙන් වැඩකාරකම් ගන්නේ නෑ කියලා තීරණය කළොත්... ළමයින්ව හෙළා දකින එක වෙනුවට ළමයින්ගේ පුංචි හෝ දෙයක් අගය කරනවා කියලා තීරණය කළොත්, කොච්චර වටිනවාද ?

ළමයින්ට පීඩාවක් වන මේ අධ්‍යාපනය ක්‍රමය වෙනස්කරන්න දිගටම හඬ නගනවා. එ් සඳහා කැපවෙනවා කියලා තීරණය කළොත්, කොච්චර වටිනවාද ?

පවුලේ, පාසලේ, රටේ හැම තිරයකදීම ළමයාව මුල් කරගෙන හිතන්න තීරණය කළොත්, කොච්චර වටිනවාද ?

ඔව් අම්මේ තාත්තේ, එ්ක තමයි ඔිගොල්ලෝ අපිට දෙන උතුම්ම, වටිනාම තෑග්ග. 

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 30

 

 

 

Comments powered by CComment