දත් අපිට ආහාර ජීර්ණයට පහසු පරිදි කෑම කොටස් වලට හපන්න උදව් වෙනවා වගේම අපේ කට හඬත්. ශරීර සෞඛ්‍යත් පවත්වා ගන්න උදව් කරනවා. දන්ත සෞඛ්‍ය කියලා ඕගොල්ලන්ට ඉස්කෝල වල කියාදෙන්නේ ඒකයි. අඩු ගානේ දවසට දෙවරක් දත් මදින්න ඕනි. ප්‍රධාන කෑම් වෙල් වලට පසු දත් මදිනවා නම් ගොඩාක් හොඳයි.

කිතු සිරිත් මල් දම 

ලේනෝ ලේනෝ
මේ දත අරැගෙන මට
කැකුළු දතක් දියෝ.

අපේ ගෙදරට අල්ලපු ගෙදර පුංචි මල්ලි තාලයට කෑගහමින් ඒගොල්ලන්ගේ වහලය උඩට එයාගේ වැටුනු දත විසිකරනවා.

මුල්ම දත එන හැටි අපි දන්නේ නෑ. අපි හුඟාක් පුංචි කාලේ අපේ දත් එන්න ගන්නවා. දත් කියන්නේ දේව තාත්තා මිනිස් අපිට දීලා තියෙන ඉතා වටිනා තෑග්ගක්. "ඇස් " ගැන තරම් පුංචි අපි (වැඩිහිටියොත්) දත් ගැන හිතන්නේ නැනේ. ඒත් මිනිස් ජීවිතයට දත් ඉතා වැදගත්.

පළමු දත එනවා මතක නැති වුනාට අපේ ළමා කාලයේදි පළමු දත වැටෙන එක අපිට මතකයි. මුලින්ම එන දත් වලට අපි කියන්නේ "කිරි දත්" කියලා. ඒ කිරි දත් වැටෙනවා. වැටිලා ආයෙත් එනවා.

ඊට පස්සේ එන දත් වගේම කිරි දතුත් අපි ආරක්ෂා කරන්න ඕනා. දත් කොහොමද අපි ආරක්ෂා කරගන්නේ.

දත් ආරක්ෂා කරගන්න ඉතා වැදගත්ම දේ තමයි දත් මදින එක. නිවැරදිව දත් මදින එක.

ඔන්න මගේ යාළුවෙක් හිටියා. එයා සෙල්ලම් කරන්න ආවේ නෑ. ඇයි කියලා ඇහුව්වම දත් කැක්කුම. පස්සේ එයා ඉස්පිරිතාලේ දවස් ගාණක් ඉඳලා එයාගේ දත් හයක් ගලවලා. එයා දත් මදින්න කම්මැලි වගේම හරියට පැණිරස ජාති කනවා.

දත් මදිනකොට අපි මුලින්ම හිතන්න ඕනි දතක පැති කීයක් මදින්න ඕනද කියලා. හොඳයි මගේ යාළුවෝ කියන්න බලන්න. දතක පැති කීයද?

දෙකයි... තුනයි... නෑ දතක පැති පහක් තිබෙනවා. පිටතට පේන පැත්ත, නොපෙනෙන පැත්ත, දතේ යටි පැත්ත. තව පැති දෙකක් තිබෙනවා අපිට ඒක හරියට පෙන්නේ නෑ. ඒ තමයි වම් පැත්ත හා දකුණු පැත්ත. ඒ පැති දෙක දෙපැත්තේ දත් වලට ගැවිලා තිබෙන්නේ. නමුත් ඒ අතර පුංචි ඉඩක් තිබෙනවා.

දත් මදිනකොට මේ පස් පැත්ත ගැනම හිතලා මඳින්න ඕනි. හැම දතක්ම මැදුනද කියලා හිතින් හිත හිත මදින්න ඕනි. මුලින්ම අපි දේව තාත්තට ස්තුති කරන්න ඕනි. මට ශක්තිමත් දත් දෙපලක් දුන්නට. ඊට පස්සේ එය නිරෝගීව තබාගන්න ඕනි.

තම දත් දෙපල නිරෝගීව තබාගන්න අය දේව තාත්තට ප්‍රසංසා කරන්නෝය.

දත් මදිනවට කම්මැලි වන්නෝ දෙවිඳුන් දුන් දන්ත තිළිණය අගය නොකරන්නෝය. එසේ කිරීමෙන් ඔවුන් තමන්ට ම වරදක් කරගන්නෝය.

jesustodaysl 2 වන වසර 27 වන සතිය 2018 සැප්තැම්බර් 09

Comments powered by CComment