සමහරුන්ට නම් ගෙදර ඉන්න ආච්චියි සියයි මහා කරදරයක් කියලත් හිතෙනවා.ඒ මොකද ඔයාලා කරන හැම දේම හොයලා බලනවා. අවවාද දෙනවා. සමහර විට බනිනවා.

 

දුවේ පුතේ ඔබට මතක ඇති අපි සති දෙකකට පෙර ඔබට මුණුබුරා මිණිබිරිය කියලා භූමිකාවක් තිබෙන බව...

ඉතිං අපි අද ඒ ගැන තව ටිකක් කතා කරමු.ඔබට අඩුගානේ ආච්චිි අම්මලා දෙන්නෙක්වත් ඉන්නවා.සීයලා දෙන්නෙක් ඉන්නවා.

සමහර විට අපිට සමීප අපේ ගෙදර ඉන්න ආච්චි සියා වෙන්න පුළුවන්. ඒත් වෙන ගෙදරක සිටියත් අනිත් ආච්චි සියා දෙන්නාටත් ඔබ ආදරේ කරන්නම ඕනි.

ආච්චියි සියයි ගෙදර ඉන්න ආච්චියි සියයි වගේ ඔයාට එක එක දේවල් අරන් නොදෙන්නත් පුළුවන්. ඔයාට කතන්දර කියලා දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඒ දෙන්නා ඔයා ලඟ ණැති නිසා මිසක් ඔයාට ආදරය නැති නිසා නොවෙයි.

සමහරුන්ට නම් ගෙදර ඉන්න ආච්චියි සියයි මහා කරදරයක් කියලත් හිතෙනවා.ඒ මොකද ඔයාලා කරන හැම දේම හොයලා බලනවා. අවවාද දෙනවා. සමහර විට බනිනවා.

නමුත් ආදර දුවේ පුතේ ඒ එහෙම කරන්නේ ඔයාට තියෙන ආදරයට. ඔන්න එක පුංචි දරුවෙක් අම්මායි තාත්තායි වැඩට ගියාම ගේ ඉස්සරහා තිබෙන අඹ ගහට නගිනවා. ආච්චි ඒක තාත්තාට කියනවා කිව්වාම එයා ආච්චිට කියනවා තාත්තාට කියන්න එපා කියලා. දවසක් ඔය අඹ ගහට නැගලා ඉන්දැද්දි එයාට බඹරු වගයක් අනිනවා. එයා කෑ ගහනවා අච්චිට බෑ බේරගන්න. අන්තිමට එයා අඹ ගහෙන් වැටේනවා. ඉස්පිරිතාලේ නතර වෙලා හුඟක් අමාරු වෙලා යාන්තම් ජීවිතය බේරනවා.

“ඇයි අම්මා මට කිවුවේ නැත්තේ පුතා අඹ ගහට නගිනවා කියලා .කිව්වා නම් ඔය දේ වෙන්නේ නෑ. තාත්තා බනින්නේ ආච්ච්ට.

මතක තියාගන්න ආච්ච් අම්මා බැන්නත් අච්ච් අම්මාට ආදරය කරන්න ඕනා..

මේ ගීතය හලාවත පැත්ත මරියා ප්‍රාථමික බාලිකාවියන්ගේ “මුතු අහුරක් ” කැසට් පටයේ ගීතයක් තමාට ළමා කාලයේ දී හුගක් ආදරය කළ ආච්චි අම්මට ආදරයෙන් කියන ගීයක්. ආච්චි අම්මට දෙන්න පුළුවන් ඉහළම ගෞරවය මේ ගීතයේ තියෙනවා “ආච්චි අම්මා මගේ ආනා තුමිය වගේ ”

ආච්චි අම්මාට අත්වැල වී
එක්කන් යන විට හද පර වී
ඔබේ අතේ පොඩි මා එල්ලී
ත්‍මාන්ටිසොරි ගිය හැටි මතකයි
අච්චි අම්මා මගේ ආනා තුමීය වගේ

ආච්චි අම්මාට දෑසක් වී
ඔරසම් පොත කියවන විටදී
ඔඩොක්කුවට ගෙන පුංචිම කාලේ
අකුරු කියා දුන්නා මතකයි..
අච්චි අම්මා මගේ ආනා තුමීය වගේ

ආච්චි අම්මාට......

ආච්චි අම්මාට දියණිය වී
හැන්දෙන් සුප් හද පොවන විට
අම්මා නැති මට කිරි අම්මා වී
ඔබ කිරි පෙව්වා මට මතකයි..
අච්චි අම්මා මගේ ආනා තුමීය වගේ

jesustodaysl 2 වන වසර 26 වන සතිය 2018 සැප්තැම්බර් 02

Comments powered by CComment