ටැප් එක සම්පූර්ණයෙන් අරන්නේ නැතිව වතුර බොන. අත් සොදන, ඇඟ සෝදන, ස්නානය කරන අය දෙවියන් වහන්සෙගේ පුතුයෝය. මක්නිසාදයත් ඔව්හු පෘතුවියේ ජීවය ආරක්ෂා කරන්නෝය.

කිතු සිරිත් මල්දම 

ළමා ජේසු කථා කරයි.

අපි හවසට සෙල්ලම් කරන්නේ නගර සභා පිට්ටනියේ. මේ දවස්වල හරි පෑවිල්ල. කට්ට අව්වේ සෙල්ලම් කරන කොට හරියට වතුර තිබහ හැදෙනවා. සෙල්ලම නවත්තලා අපි වතුර බොන්න දුවන්නේ පොදු කරාමේ ළඟට.

කට්ටිය ටැප් එක සම්පූර්ණයෙන්ම අරිනවා. අත් දෙකට වතුර අරගෙන බොන කොට බොන වතුර වගේ දහ ගුණයක් විතර අපතේ යනවා. ‘මේක හරි අපරාධයක්.’ මට ඉබේටම කෑ ගැහුනා. ‘ඔහොම ටැප් එක අරින්න එපා’ කට්ටිය පොඞ්ඩක් තිගැස්සිලා මා දිහා බැලුවා. මම ටැප් එකේ සැර ටිකක් බාල කෙරුවා. දැන් ඉස්සෙල්ලා වගේ වතුර හෝ ගාලා එන්නේ නෑ. “අයියෝ මේ මොකක්ද? කරපු වැඩේ” යාළුවෝ කෑ ගැහැව්වා.

‘දැන් වතුර බොන්න. එතකොට අපතේ යන්නේ හරි අඩුවෙන්’

‘වතුර අපතේ යන්නේ නෑනේ ආයෙත් පොළවටම නේ යන්නේ?’

‘ඕක ඔච්චර ගණන් ගන්න දෙයක්ද?’

ඒ වගේ කථා ගොඩාක් ඇහුණා.

‘හොඳයි අපි ටැප් එක සම්පූර්ණයෙන්ම ඇරලා වතුර බොමු එතකොට අපතේ යන ප්‍රමාණයයි. ටැප් එක යම් ගාණකට ඇරලා වතුර බොන කොට අපතේ යන ප්‍රමාණයයි මනිමු” මම යෝජනා කලා. කොහොමහරි එතැන තිබුනු බාස්කට් එකක් තියලා අපි දෙවිදිහටම වතුර බිව්වා.

ටැප් එක සම්පූර්ණයෙන් ඇරියම ටැප් එක යම් ගාණකට ඇරලා වතුර බොනවාට වඩා හය ගුණයකට වඩා වතුර අපතේ යනවා කියලා අපි හැමෝම තේරුම් ගත්තා.
‘පොළවට ගියත් වතුර අපතේ යාමක් වෙනවා. දේව තාත්තා මැවු මේ ලෝකය තුල අපිට ජීවත් වෙන්න අත්‍යාවශ්‍යව දෙයක් වතුර’.

‘ලෝකය පාළුව හිස්ව තිබුනේ ජල නොමැති නිසා බවයි උප්පත්ති පොත කියන්නේ. වතුර නැතිව ජීවය නෑ. ඒ නිසා කිතුනු දරුවන් හැටියට අපි ජිවය ආරක්ෂා කරන්නනම් ජලය අපතේ නොහැරීය යුතුයි”

‘ටැප් එකකින් උනත් වතුර බොන්න ඕනි කෝප්පයකින්. එතකොට ජලය කොහොමත් නාස්ති වෙන්නේ නෑ’

ටැප් එක සම්පූර්ණයෙන් අරන්නේ නැතිව වතුර බොන. අත් සොදන, ඇඟ සෝදන, ස්නානය කරන අය දෙවියන් වහන්සෙගේ පුතුයෝය. මක්නිසාදයත් ඔව්හු පෘතුවියේ ජීවය ආරක්ෂා කරන්නෝය.

වතුර නැතිව අද මුළු ලෝකයම දුක් විඳිනවා. වතුර සල්ලී වලට ගන්න එක ඇත්තටම දේව තාත්තාගේ සැලසුමට විරුද්ධයි. ඒ නිසා ජලය රැකගැනීමට නම් අපි ටැප් එකක් හරියට අරින්න ඕනැ.

jesustodaysl 2 වන වසර 24 වන සතිය 2018 අගෝස්තු 19

 

Comments powered by CComment