මං හවස බඩු ගෙනියන්ඩ කොටාරෝඩි ගෙදර ඉදලා හන්දිය පැත්තට අාවා. එ් එනකොට තමයි මේ සීයා වැටිල ඉන්නව දැක්කේ. මං කාගේ කවුද කියලා දන්නේ නෑ. එ්ත් මං දැකලා තියෙනවා අපේ ඉස්කෝලේ ලඟ බොම්බායි මොටයි විකුණනවා. මමත් මේ සීයාගෙන් බොම්බායි මොටයි අරගෙන තියෙනවා. 

මහා රෝහල්‍ෙ වැඩ කරන මහත්මයෙක් සිය රාජකාරි අවසන් කොට මිතුරෙකු හමුවීම සඳහා බොරැල්ල හන්දියට ගියේය. බොරැල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉදිරිපට සෙනඟ රැස්කරමින් සිටියහ. මහත්මයා ද එතැනට ගියේ එ් ගැන කුතුහලයක් අැති වූ හෙයිනි. 

මිනිසුන් පනහක් හැටත් එතැන පොදි කෑහ. මහත්මයා කිට්ටු වී බැලුවේය. වයසක පුද්ගලයකු බිම වැටි සිටියි. අවුරුදු පහළොවක පමණ කොලුවෙක් එ් සීයාගේ හිස පිරිමදියි.

අත ශීතලය. නාඩි වැටීම දුර්වලය.

අර කොලුවා මහත්මයා දෙසට හෙලුවේ අායාචනාත්මක බැල්මකි.

"අනේ සීයව ඉසිපිරිතාලෙට ගෙනයමු" කොලුවා දුක්මුසු හඬින් කීවේය. ඔහු සීයාගේ ශරීරයේ වසන මැස්සන් එළෙව්වේය.

"මේ ඔය ළමයාගේ සීයද ?"

"නැහැ. අපේ ඉස්කෝලේ ළඟ බොම්බායි මොටයි විකුණන්නේ මේ සීයා"

මහත්මයාගේ අැස් උඩ ගියේ මේ පිළිතුරෙනි.

"මේ මනුස්සයව ඉස්පිරිතාලේ ගෙනියමු. තත්ත්වය බොහොම අන්තිමයි. මං වැඩ කරන්නේ ඉස්පිරිතාලේ එ්කයි මං කිව්වේ"

"මම කිව්ව අංකල්... එ්ත් කවුරුත් අාවේ නෑ."

කොලුවා යළිත් කීවේය.

එවර තරුණ මහත්වරුන් දෙදෙනෙක් ද ඉදිරිපත් වූහ.

"ත්‍රීවිලර් එකක් වත් හොයා ගෙන එන්ඩ..."

මහත්මයාත් තරුණයකුත් ටිකක් එහාට ගියේ ත්‍රීරෝද රථයක් ගෙන එ්ම සඳහාය.

පළමුවැනි ත්‍රීරෝද රියැදුරා ගමන ප්‍රතික්ෂේප කළේය.

"අපෝ ඔිව ලෙඩ..."

දෙවැන්නා එකඟ විය.

ලෙඩාගේ බාරකාරයකුත් යන්ඩ ඔින.

ඔව් අපි යනවා. ඩැයිවර් උන්නැහෙට තියෙන්නේ ගිහිල්ලා බස්සන එක විතරයි.

එ් ත්‍රීරෝද රථය අර ලෙඩා ඉදිරිපිට නැවැත්විණි. එ් වන විටත් අර දරුවා මහල්ලාගේ හිස පිරිමදිමින් ද මැස්සන් එළවමින් ද සිටියේය. ඔහුගේ අැඳුම් පුරා ලේ තැවරී තිබුණි.

තරුණ  මහතුන් දෙදෙනා ද දරුව ද පිටුපස අසුනට නැග සීයාව තබා ගත්හ. හිස තිබුණේ දරුවාගේ උකුල මතය. මහත්මයා රියදුරා සමඟ ඉදිරියෙන් වාඩි විය.

හරි හරි ටැක්සි ගාස්තුව මං දෙන්නං.

පිරිස අතර සිටියෙක් කෑගැසුවේය.

ත්‍රීරෝද රථය වෝඩ් පෙදෙස හරහා වේගයෙන් ධාවනය විය. රථය හදිසි අනතුරු අංශය වෙත ළඟා විය. වාසනාවට මෙන් මහත්මයාව හඳුනන සේවකයෙක් එ් අංශයේ සිටියේය.

අැයි සර්.... කවුද ?

පාරේ වැටි හිටිය...

ඔවුන් සියල්ලාේම එකතුව සීයාව ත්‍රීරෝද රථයෙන් පිටතට ගත්හ.

අර සේවකයා මහත්මයාගේ කණට ළං විය.

වැඩක් නෑ.. සර්. වැඩේ සිද්ද වෙලා...

කෙසේ වූවද දොස්තර මහත්මයා වෙතට සීයාව ගෙන ගියහ.

විනාඩි තුන හතරකට ඉස්සෙල්ලා පණ ගිහින් තියෙන්නේ

අැතැම් විට එ් අර දරුවාගේ උකුල මතද විය යුතුය. දරුවා පුතා දුක්මුසුව බලා සිටියේය. කඳුළු නොහැලුණමුත් අැස් රතු වී තිබිණි.

අැතැම් විට අර දරුවාගේ ඉල්ලීමට ඊට පෙර යම් කිසිවකු අත දුන්නා නම් මේ අහිංස පුද්ලගලයා බේරා ගන්නට තිබිණි.

ඉන්පසු මේ පිරිසට පොලිස් එ්කකයට යාමට සිදුවිය. රෝගියාගේ භාරකරු ලෙස එ් වනවිටත් නම දී තිබුණේ අර දරුවාය.

මහත්මයා පොලිස් නිලධාරින්ට ද එ් දරුවාගේ ක්‍රියාව ගැන කීවේය.

මොනව කරන්ඩද පුතා... පොලිස් නිලධාරියෙක් ඔහුගේ හිස අතගෑවේය.

කොහොමද ඔයා මෙතෙන්ට අාවේ ? එක් පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

මං හවස බඩු ගෙනියන්ඩ කොටාරෝඩි ගෙදර ඉදලා හන්දිය පැත්තට අාවා. එ් එනකොට තමයි මේ සීයා වැටිල ඉන්නව දැක්කේ. මං කාගේ කවුද කියලා දන්නේ නෑ. එ්ත් මං දැකලා තියෙනවා අපේ ඉස්කෝලේ ලඟ බොම්බායි මොටයි විකුණනවා. මමත් මේ සීයාගෙන් බොම්බායි මොටයි අරගෙන තියෙනවා. 

එසේ නම් බොම්බායි මොටයි සීයා අවසන් හුස්ම හෙළන්නට අැත්තේ ඔහුගේ මොටයි රස බැලු එ් දරුවාගේ උකුල මතද ?

පුතා ඔයා මොන ඉස්කෝලේ ද යන්නේ

තරුණ මහත්මයෙක් ඊළඟ ප්‍රශ්න අැසුවේය.

ඩී. අැස්. සේනානායකට.. දහයේ පන්තියේ...

"නම?"

"වර්ජිණත් සුමනසේකර"

මහත්මයා කළුතරට යා යුතු විය. කෙසේ හෝ මේ සියල්ල අවසන් වී ගෙදර යන විට රාත්‍රී දහයටද අාසන්න වී තිබුණි.

ඊළඟ දවසේ කොළඹ පැමිණි මහත්මයා වැඩට යන්නට පෙර ඉස්සෙල්ලාම ගියේ ඩීත එස් . සේනානායක විද්‍යාලයටයි.

විදුහල්පති අලස් මහතා පිට්ටනිය මැද දි මහත්මයාව මූනගැසිණි. මහත්මයා සිදු වූ සියල්ල අලස් මහත්මයා සමඟ කීවේය.

මහත්මයා ද කැටුව සිය කාර්යාලයට ගිය අලස් ඉදිරිපට පැන ශිස්‍යයා වැළ ගත්තේය. එ් පුතකු වැළඳ ගන්නා පියකු ලෙිනි.

"පුතා ඔයා කරලා තියෙන්නේ හරි ශ්‍රේෂ්ඨ වැඩක්, තාත්තා් එක්ක සිකුරාදා කොලේජ් එකට එන්න..."

එවර ශිෂ්‍යයා බිම බලා ගත්තේය.

අැයි ?

තාත්තා නැතිවලා හුඟාක් කල් සර්... අම්ම විතරයි ඉන්නේ...

මිනිත්තු කිහිපයක නිහැඩියාවක් පැතිර ගියේය. අලස් මහතාගේ අැස් දෙක ද රතුවන්නට පටන් ගත්තේය. 

"අම්මත් එක්ක එන්ඩ පුතා"

අලස් මහත්මයා එ් උතුම් ශිෂ්‍යාගේ හිස අතගෑවේය.

(පුවත් පතක පල වූ සත්‍ය සිදුවීමක් අැසුරින් සංවේදි පෙලගැස්ම ධනුෂි ප්‍රබුද්ධිකා)

jesustodaysl 2 වන වසර 20 වන සතිය 2018 ජූලි 22

 

 

 

 

Comments powered by CComment