අද ළමා ශ්‍රමය පිටුදැකීමේ දිනයලු. ඒ් නිසා ළමුන්ව වැඩට යොදාගන්න තැන් වටලනවලු. මා එක්ක වැඩ කරමින් හිටියේ මේරි අාච්චියි හෙක්ටර් සීයයි.

මගේ නම දෙව් තිළිණ.

මම වැඩ කළේ ගල් වැඩ පළක.

පුංචි ගල් තව පුංචියට කඩන එක මගේ රස්සාව.

අවුරුදු 12 යි.

උප්පැන්නේ තාත්තා කෙනෙක් නෑ.

අම්මා මැරුනේ වහ බීලා.

අාච්චි කන්න බොන්න දුන්නා.

4 පංතියට ඉස්කෝලේ ගියා.

ඊට පස්සේ ගෙදර නැවතුනා.

අද මහත්තුරු වගයක් අැවිත් ගල්වල ට

මාව  අල්ල ගත්තා.

අපේ මහත්තයා හිටියේ නෑ.

අද ළමා ශ්‍රමය පිටුදැකීමේ දිනයලු.

ඒ් නිසා ළමුන්ව වැඩට යොදාගන්න තැන් වටලනවලු.

මා එක්ක වැඩ කරමින් හිටියේ මේරි අාච්චියි හෙක්ටර් සීයයි.

අාච්චි වයස 72 යි. සීයාට 68 යි.

ඒ් දෙන්නා ගැන ප්‍රශ්නයක් නෑලු.

මට නම් ප්‍රශ්නේ ඒ දෙන්නා ගැන.

මේරි අාච්චිගේ කකුල් ඉදිමිලා.

හෙක්ටර් සීයට හතිය.

ගල් කුඩු හොඳම නෑලු හතියට.

"ඒ්ත් කොල්ලෝ මොනා කරන්නද? 

මැරෙන කල් ජීවත් වෙන්න එපැයි" කියලා

උන්දෑ හති අැද අැද ගල් කුඩු කරනවා.

මගේ කට උත්තරේ වෙන පැත්තකට යනවා කියලා

කම්කරු මහත්තුරු කියනවා.

ඉතිං කියන්නම්කෝ. 

මහත්තයෝ කට උත්තරේ.

අාච්චිට දැන් මට කන්න බොන්න දෙන්න විදිහක් නෑ.

අාච්චිට කන්න බොන්න දෙන්නේ මං

මහත්තුරු මාව අල්ලාගෙන අාවම

මට ලැබෙන රුපියල් දෙසිය ලැබෙන්නේ නෑ.

අාච්චි මඟ බලා ඉන්නවා මම භූමිතෙලුයි

පාන් ගෙඩියකුයි ගේනකල්.

දැන් උන්දෑ බයවෙලා අැති.

දවල්ටත් අාච්චි කාලා නෑ. 

මහත්තයෝ අාච්චි අම්මාට 

මම නැතිව ඉන්න බෑ.

උන්දෑ දැන් ඉන්නේ ලෙඩ අැඳේ

අාච්චිගේ කැත කුණු අදින්නෙත් මං

එ්වත් ළමා ශ්‍රමයද,

නැද්ද මා දන්නේ නෑ.

මං නැතිව කව්ද ඒ්වා කරන්නේ

මගේ රුපියල් දෙසිය නැති 

කරානම් ඒක මට දෙන්න.

අාච්චි කැත කුණු ගොඩේ අැති.

ඉක්මනට මට යන්න ඔිනි.

 

jesustodaysl 2 වන වසර 15 වන සතිය 2018 ජූනි 17

Comments powered by CComment