මේ දවස්වල හරියට පෑවිල්ල. දවසකට වතුර ලීටර් 4 ක් වත් බොන්න කියලා වෙෙද්‍යවරු කියනවා. යාළුවෙක්ගේ ගෙදර අපි සෙල්ලම් කරමින් හිටියේ. සෙල්ලම ටිකකට නැවැත්තුවේ වතුර බොන්න. වතුරත් මේ දවස්වල හරිම හිඟයි. ලිං පතුලටම හිදිලා. නල ජලයත් ලුණු රස වෙලා.

 

"පොඩ්ඩක් ඉන්න. මම වතුර අරගෙන එන්නම්"

යාළුවා කුස්සිය දිහාට දිව්වා.

"පුතා වතුර නාස්ති නොකර කෝප්ප වලට අරගෙන බොන්න"

යාළුවාගේ අම්මා කියනවා මට අැහුනා. ටික වේලාවකට පස්සේ දඩ බඩාං ගාන සද්දයක් අැහුනා.

"අයියෝ මේ මොකද ළමයෝ මේ. ජෝගුවත් බිඳිලා, කෝප්පයෙකුත් බිඳිලා."

මමත් දුවලා ගියා සද්දෙට. බලන කොට යාළුවා බිම වැටිලා. ජෝගුව එක අතකයි කෝපප දෙකක් තවත් අතකයි අරගෙන එන්න හැරෙන කොටම පය ලිස්සලා වැටිලා. 

මොකද වුනේ ? අම්මා තරහෙන් බනින්නේ නැතිව අැහැව්වා

"තුවාල වුනේ නෑනේ" යාළුවා "නෑ" යි කියද්දී මමත් අත දීලා යාළුවාව නැගිට්ටෙව්වා.

"ලිස්සුවා අම්මේ "

අම්මා හෙමිහිට සිදුවුනු දේ පැහැදිලි කළා. 

ගුරුලෙන්තුවෙන් ජෝගුවට වතුර දාද්දී වතුර බිම හලා ගත්තා. එක අතක කෝපප ගත්තා. අනිත් අතේ ජෝගුව. කෝපප දෙක අඬුවලින් නෙවෙයි අල්ල ගත්තේ. එහෙම වුනා නම් විසිවෙලා යන්නේ නෑ. හදිස්සියට වගේ අඩිය ඉක්මන් කළා"

යාළුවා සියල්ල පිලිගත්තා.

"කෝප්ප අල්ලන්න ඔිනි අඬුවෙන්. එතකොට අනතුරු අඩුයි"

එ් පාර අම්මා වතුර දාලා දුන්නා කෝපප දෙකකට මගේ යාළුවා මට කෝප්ප දුන්නේ අඬුවෙන් අල්ලාගෙන.

"පුතා කෝප්පයක් කෙනෙකුට අල්ලන කොට අඬුව එයාගේ පැත්තට දෙන්න. අතින් අල්ලලා දෙනවා නම් කෝපපයේ පහළින් අල්ලලා දෙන්න. නැත්නම් බන්දේසියක තියලා අල්ලන්න කියලා මම ඔයාට කියලා තියෙනවා නේද ?"

සෙල්ලම් කරලා අාපසු ගමන් යාළුවයි මමයි දෙන්නම අත් සෝදලා නැතිව වතුර බොන්න ලෑස්ති වුනේ.

"දැන් බලන්න අතේ තියෙන දූවිලි ඔක්කෝම කෝප්පේ වටේ. කෝප්පෙන් බිව්වත් අත ටිකක් හෝදගෙන බොන්න" අඬුවෙන් අැල්ලුවා නම් දූවිලි වදින්නේ අඬුවේ විතරයි. එ්කවත් කරන්න"

කෝප්පය අල්ලන හරි විදිහට අල්ලන්නෝ අනතුරු අවම කර ගන්නෝය. 

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

 

Comments powered by CComment