ඔබට ගෙයක් ඇත. ගමක් ඇත. ලිපිනයක් ඇත. එහෙත් අපට නැත. අපි දරුවෝය. එහෙත් අපිට කියන්නේ වීදි දරුවන් කියාය.

ඒ අපි වීදියේ ජීවත් වන නිසාය. අපේ නිවස වීදියයි. අපේ ජීවිතය අපි ගැටගසාගන්නේ වීදියේ කරන පුංචි පුංචි රැකියා හෝ සිඟමන් යැදිමෙනි.

 

අපි පාරට වැටුනේ ඇයි ? දුප්පත්ම ප්‍රධානම හේතුව වේ. ලිංගික හිංසනයට ප්‍රචණ්ඩත්වයට ගොඳුරු වීම. මව්පියන් අත්හැර දැමීම ආදි විවිධ හේතු නිසා අපි පාරට වැටි සිටිමු.

අපේ අනාගතය කුමක් ද? අපි කව්රු හෝ අපරාධකාරයෙකුගේ ගොඳුරක් බවට පත් වේ. අපි නිතර හිංසනයට ලක් වේ. අපරාධ කල්ලිවල සාමාජිකයින් බවට පත් වේ. නිතර පහර කෑමට, ලිංගික අතවර වලට ගොඳුරු වීමට අපට සිදු වේ.

ජීවත් වීමට මඟක් නැති නිසාම වීදියට වැටුනු අපෙන් බොහො දෙනා සොරකම් කිරීමට පෙළඹි ඇත. ගැහැනු දරුවන්ගෙන් බොහෝ දෙනෙකු ගණිකා වෘත්තියට යොමු වී තිබේ.

රටේ අනාගතය යැයි පවසන අපිව පාරට ඇද දමා තිබෙන්නේ කව්ද ? ඊට වගකිව යුත්තේ අපි නොවේ. වැඩිහිටියන්ය.

ඔබ පාසල් යන අතර තුර වීදියට වී ඔබ පාසල් යනු බලා සිටින අප ගැන ඔබ හිතන්නේ මොනවාද ? ඉගෙන ගන්න නැති පාසල් යන්නැති අතමිට හිඟ ඇති ඔබ වැනිම වු අපි ගැන ඔබෙ දෙවියන් ඉදිරියේ ඔබ යදින්නේ කුමක් ඉල්ලාද ?

jesustoday 50 සතිය 2018 පෙබරවාරි 11

 

Comments powered by CComment