මේ නිසාම අම්මා, අක්කා, අයියා, තාත්තා එක්ක සුහදව වචනයක් කතා කරනවා සොනාලි දැකලම නෑ. ජේසු පුංචි අය කියන ඔරසන් අහනවා. ඒ නිසා හැමදාම යාච්ඥා කරන්න කියලා දහම් පාසලේ ගුරුතුමි කියනකොට සොනාලි හිටියේ තුන්වෙනි පංතියේ.

ඉස්සර නම් දුරකථනය හුඟාක් වෙලාවට පාවිච්චි කළේ වැඩිහිටි අය. ගෙදර දුරකථනය නාද වුනත් ගෙදර ඉන්න ළමයි ඊට පිළිතුරු දෙන්න ගියේ නෑ. පිළිතුරු දීම සැලකුනේ වැඩිහිටියන් කළ යුතු දෙයක් හැටියට. ඒත් දැන් එහෙම නෑ කියලා මම දකිනවා. පුංචිම ළමයි පවා ගෙදර දුරකථනය නාද වුනාම එයට පිළිතුරු දෙන්න යනවා.

ඉර්ෂි තාත්තා හිිටිය කාලේ එයා ස්කූල් වෑන් එකේ ඉස්කෝලේ ගියා. එ්ත් පස්වෙනි පංතියේදි එයාගේ තාත්තා එගොල්ලන්ව දාලා ගියා. දැන් තාත්තා නෑ. ගෙදර ප්‍රශ්න ගොඩායි. ඉතිං ඉර්ෂිම තමයි අම්මට කිව්වේ මම බස් එකේ යන්නම් කියලා. එයා බස් එකේ යන නිසා අම්මට රු 2000 ක්ම ඉතුරු වෙනවා.

කෑම කන විදිහ එහි ශක්තිය තමාට ලැබීමට හේතු වෙනවා. කෑම කනවා කියන්නේ නිකම්ම නිකං ඔහේ බඩගින්නට කරන දෙයක් නොවෙයි. ඊට වඩා ලොකු අර්ථයක් ඇති ක්‍රියාවක්.

මට ඇතිවුනු ප්‍රශ්නය එක්ක මම එයාගෙන් රට කජු පැකට් එකක් අරගන්න ගමන් තමයි කතාවට වැටිලා මේ පුංචි වීරයාගේ කතාව දැන ගත්තේ.