පහුගිය සතියේ අපේ පාසලට අලූත් ළමයි පිළිගන්න උත්සවේ තිබුණා. ඒ කියන්නේ පළමු ශ්‍රේණියට නංගිලා මල්ලිලාව ඇතුලත් කිරීම. අම්මලා තාත්තලා ඇවිල්ල ලොකු උත්සවයක් තිබුණා.

ජනවාරි 15 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය “මාටින් ලූතර් කිං දිනය” සමරනවා. ඒ කළු සුදු වර්ණබේදවාදයෙන් තොර ඇමරිකාවක් පිළිබඳ සිහින දුටු මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) සිදු කළ මෙහෙවර අගය කිරීමටයි.

පාප් තුමන් 2018 වසරේ පළමු විදෙස් සංචාරය ලෙස දකුණු ඇමරිකාවේ රටවල් දෙකක සංචාරයේ නියැලුනි.

එම සංචාරයෙන් පසු නැවත වතිකානුව බලා එන අතර තම නිල ගුවන් යානයේදී මාධ්‍ය අමතමින් එතුමා ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයකට අතේ දුරින් සිටින බව ප්‍රකාශ කළෝය.
එක් අත් වැරදීමකින් ලෝකය තුළ මහත් වු න්‍යෂ්ටික විනාශයක් සිදු විය හැකි අන්දමේ තර්ජනයක් බවතින බවත් ඒ පිළිබඳ තමා තුළ බියක් පවතින බවත් එතුමා එහිදි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි.

ජනවාරි පළමු වෙනිදා කතෝලික සභාව ලෝක සාම දිනය සමරනු ලබයි. එම ලෝක සාම දිනය වෙනුවෙන් පාප්තුමන් සෑම වසරකම නිතුක් කරන සාම පණිවුඩය කෙරෙහි ලෝකයේ අවධානය යොමු වේ.

ප්‍රැන්සිස් පාප් තුමන් වතිකානුවේ සේවක සේවිකාවන් වෙනුවෙන් පවත්වන නත්තල් හමුවේදි ඉතා අවංක අදහස් බෙදා ගැනීමක නිරත වෙමින් රැකියා අස්ථාවර බව ගැන සාකච්ඡා කර තිබුණි.