මයිකල් රුද්‍රගු පියතුමා ඝාතනය කිරිමෙන් වසර තිහකට පසු එතුමාගේ සුවිසල් මෙහෙවරේ එක් පැතිකඩයක් ගැන හැරි බැලිමටත්, එය අද අප ජිවත් වන කාලයට කෙතරම් වැදගත්ද යන්නත් ඒ මෙහෙවර අද ජිවත් වන අපේ ජිවිතයට කරන අභියෝගය හදුනා ගන්නත් මෙය අවස්ථාවක්. 

ගරු මයිකල් පෝල් රුදිගු නි.ම.නි. පියතුමාව ක්‍රිස්තු වර්ෂ 1987 නොවැම්බර් 10 වෙනිදා බුත්තල අලකලවිට සුබසෙත් ගෙදරදි වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට නොවේ. එතුමා සතු වු කිසියම් දේපලක් අයිතිකර ගැනිමට නොවේ. එය පැහැදිලිවම එතුමා දැරු ධාර්මික දේශපාලන ස්ථාවරය හා එතුමා ජීවත් කළ ධාර්මික දේශපාලන ජීවිතය නිසා සිදු කරන ලද්දකි. කිතුනු විශ්වාසයේ ඇසින් එය සිය මෙහෙවර සඳහා ප්‍රාණ පරිත්‍යාගීවීමකි.
ශ්‍රී ලංකාව මේ වකවානුව තුළ සාන්තුවරයන් පෝලීමක් බිහි කිරීම ගැන සාකච්ඡා කරනු පෙනේ. ඒ අරුතින් ගත් කළ ඒ සියලු දෙනා අතරින් ප්‍රමුඛයා විය යුත්තේ ප්‍රාණ පරිත්‍යාගී මයිකල් රුදිගු පියතුමා බව අපගේ අදහසයි. වර්ථමාන ප්‍රැන්සිස් සුදතුම් පියාණන් පසුගිය දා ප්‍රකාශයට පත් කළ සාන්තුවරයට හතරවන මාවත සැලකිල්ලට ගත්තද, මයිකල් පියතුමා ඊට ඉතා යෝග්‍ය වේ. නිර්මල මරිය නිකායේ අවධානය මේ පිළිබඳ යොමු වේ නම්, මයික් පියතුමාගේ උපතින් අනුවසරක් ද, මරණයෙන් තිස් වසරක් ද ගෙවෙන සැමරුම් වලට නව අරුතක් එක් කළ හැකි වනු ඇත.

මයිකල් පියතුමා ධනය හා බලය වැඩි වැඩියෙන් ඒකරාශි කරන දේශපාලනයට අභියෝගයක් විය. එතුමාව ඝාතනය කළ ධනය හා බලය මුල් කරගත් දේශපාලනය දශක තුනකට පසුව එහි උච්චතම නරුම ස්වරූපයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවක අද අප ජීවත් වෙමු. වෙන විදිහකින් කීවොත් අද අප ජීවත්වන්නේ මයිකල් පියතුමන්ලා සිය ගණනක් අවශ්‍ය සමාජ යථාර්ථයක බව අප පළමුවෙන් අවධාරණය කරගත යුතුය.

 

 

Comments powered by CComment