පසුගියදා වතිකානුවේදි නවක රදගුරුවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වුණි. එහිදි නවක රදගුරුවරුන් අමතා ප්‍රැන්සිස් සුදතුම් පියාණන් කළ කතාවේදි අවධාරණය කරන ලද කරුනු කීපයක් මෙසේය.

“රදගුරුවරුන් තමන්ට භාර වු පදවි වල ස්වයංපෝෂිත ස්වාමිවරු ලෙස නොසිටිය යුතුය”
රදගුරුවරු තමන් නායකත්වය දීමට කැඳවා ඇති ජනතාවට දෙවියන් වහන්සේ කතා කරන්නේ කුමක් උදෙසා දැයි අවබෝධ කරගනිමින් ජනතාවගේ විශ්වාසයේ අත්දැකීමට ගෞරව කළ යුතුය.
“රදගුරුවරුනි ඔබගේ මෙහෙවර වන්නේ ඔබ වෙත අවධානය යොමු කර ගනිමින් ආත්ම රාගිව හැසිරිම් නොවේ. බැගැපත් කමින් කටයුතු කරමින් වපුරන ලද සුබාරංචිය වර්ධනය කිරිම සඳහා සාක්ෂිකරුවෙකු විය වීමයි
“එඬේරුන්ගෙන් හමා ආ යුත්තේ සිය බැටළුවන්ගේ සුවඳයි. සුව පහසු කලාපය අතහැර බැටළුවන් සොයා මාවතට අවතීර්ණ වීම යුගයේ අවශ්‍යතාවයි. සභාව සුව පහසු නගරයක සුඛෝපභෝගී හෝටලයක් නොව යුධ බිමක පිහිටි රෝහලක් විය යුතුය. ඒ නිසා අවධානම් භාර ගනිමින් මිනිසුන් අතර කැඳවීම ජිවත් කරවන්න පෙර මුණ ගන්න”


jesustoday 35 සතිය 2017 ඔක්තෝම්බර් 29

 

Comments powered by CComment