කඳුකර ද්‍රවිඩ ජනයාට මේ රටේ අනිකුත් ජන කොටස්වලට සාපෙක්ෂව ඇත්තේ අඩු අධ්‍යාපන අවස්ථාවන්ය. ඔවුන් අතරින් කඳුකර ද්‍රවිඩ ජනයා සුළුතරයක් වන ප්‍රදේශවල දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවනට ඇත්තේ ඊටත් වඩා අල්ප අධ්‍යාපන අවස්ථාවන්ය.

රජය කොතැනද ? සභාවන් කොතැනද ?

පසුගිය අඟහරුවාදා (අගොස්තු 08) මව්බිම පුවත්පතේ පළවු පුවතක්. ශ්‍රී ලංකාවේ කඳුකර දෙමළ ජනයා අතරින් පරිධියට තල්ලු වු දෙමළ ජනයාගේ තත්වය කදීමට පෙන්වා දෙනු ලබයි.

“රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යාව විෂයන් උගන්වන කිසිදු පාසලක් නෑ.”

මේ බව ප්‍රකාශ කරන්නෙ දශක කීපයක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමතිවරයෙකු වන ජොන් සෙනවිරත්න මහතාය.

ඔහු වැඩි දුරටත් පවසා තිබුණේ රත්නපුරයේ දෙමළ මාධයෙන් විiා විෂයක් හදාරන සිසුන් මීට පෙර නුවර එළිය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය පාසල්වලට ගියත් එමගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අවස්ථා නැතිවන නිසා මෑතක සිට රත්නපුරයේ දෙමළ මාධ්‍ය දරුවන්ට නුවර එළිය දිස්ත්‍රික්කය තුළද ඉඩක් නොලැබෙන බවයි.

මෙම පුවත වැඩිදුර විමර්ෂනය කිරීමේදි ශ්‍රී ලංකාව තුළ පවතින විශාල සමාජ අසාධාරණයක් හමු වේ.

කඳුකර ද්‍රවිඩ ජනයාට මේ රටේ අනිකුත් ජන කොටස්වලට සාපෙක්ෂව ඇත්තේ අඩු අධ්‍යාපන අවස්ථාවන්ය. ඔවුන් අතරින් කඳුකර ද්‍රවිඩ ජනයා සුළුතරයක් වන ප්‍රදේශවල දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවනට ඇත්තේ ඊටත් වඩා අල්ප අධ්‍යාපන අවස්ථාවන්ය.

කඳුකර ද්‍රවිඩ ප්‍රජාවගේ දේශපාලන නායකයින්ගේ අවධානය යොමුවන්නේද බහුතරයක් වෙසෙන ප්‍රදේශ වලටය. ඒ නුවරඑළිය හා නුවර දිස්ත්‍රික්ක වලටය.

පරිධියට තල්ලු වු ප්‍රජාවක් බවට කඳුකර දෙමළ ජනයා පත් වී සිටින රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල වැනි දිස්ත්‍රික්ක වලදි ඔවුන්ට ඇත්තේ වඩාත් පීඩිත අත්දැකීමකි.

කළුතර දිස්ත්‍රික්කය තුළ ද ඇත්තේ රත්නපුරයේ තත්වයමය. කෑගල්ල, ගාල්ල ආදි දිස්ත්‍රික්ක වලද තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් නොවන බව සිතිය හැකිය. දිස්ත්‍රික්කයකට එක පාසලක් තිබුණද දුප්පත් දරුවෙකු එම පාසලට පැමිණිම යනු සුවිශේෂි තත්වයක්ම වන්නේය. සමහර විට පාසලට තිබෙන දුර කිලෝ මීටර් 100 ඉක්මවයි.

කතෝලික සභාව හා වෙනත් කිතුනු සභා බොහෝමයක වතුකර ද්‍රවිඩ ජනයා සාමාජිකයෝ වෙති. ඔවුන් දුක්විඳ හම්බ කරන සොච්චමෙන් කොටසක් මේ සභාවන්ගේ නඩත්තුවට ලැබෙති. එහෙත් කඳුකර ද්‍රවිඩ ජනයාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිගාමි වැඩ කොටසක් ඉටු කිරීමට වෙහෙස වන්නේ සභා නායකයින්ගෙන් කී දෙනාද ? නාගරික ඉහළ හා මධ්‍යම පංතිය උදෙසා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ඉදිකිරිමට ගන්නා වෙහෙසින්, ඒවා හොඳින් පවත්වා ගැනීමට ගන්නා වෙහෙසින් 10% ක් වත් කඳුකර ද්‍රවිඩ ජනයාගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගැනීමට තීරණයක් ගන්නට හැකි වේ නම් මේ පුවතෙන් ඇසෙන සමිදු හඬට සභාවන් කන්දුන්නා වනු ඇත.

තේ කර්මාන්තයට වසර 150 ක් පිරෙන මේ වසරේදි තේ කර්මාන්තයෙන් ඉපයු විදේශ විනිමයෙන් ඊට ශ්‍රමය සැපයුවන්ට ලබා දි ඇත්තේ මොනවාද යන්න සිතා බැලිමට මේ පුවත කාලයේ සලකුණක් කරගත හැකිය.

Jesustodaysl 2 වන වසර 39 වන සතිය 2018 දෙසැම්බර් 09

 

Comments powered by CComment