මේ යවසේ දරුවන්ට යතුරුපැදි රැගෙන දීම මිනි පෙට්ටියකට රෝද දෙකක් සවි කර දීමක් වැනි තත්වයට පත් වෙමින් ඇත. ශ්‍රී ලංකාව තුලද මේ වයසේ මරණ අතර මහ මඟ මරණ මෙන්ම දියේ ගිලි මිය යාමද විශාල ලෙස දැක ගත හැකිය.

 

ජීවිතයට පෙම් බදින සමය සේ සැලකිය හැකි යොවුන් වියේ පසුවන්නන්ගේ මරණ ඉහළ යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා සිය වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

දිනකට යොවුන් මරණ 3000 ක් සිදුවන බව එම වාර්තාව පෙන්වා දෙයි. මෙහි බරපතලම තත්වය වන්නේ මේ මරණ බහුතරය වළක්වාගත හැකි හේතු මත සිදුවන මරණ වීමයි.

වයස අවුරුදු 10-19 අතර පසුවන අයගේ මරණ වලට හේතු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ මඟ අනතුරු, සියදිවි නසා ගැනිම් හා පෙනහළු ආශ්‍රීත රෝග බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ යවසේ දරුවන්ට යතුරුපැදි රැගෙන දීම මිනි පෙට්ටියකට රෝද දෙකක් සවි කර දීමක් වැනි තත්වයට පත් වෙමින් ඇත. ශ්‍රී ලංකාව තුලද මේ වයසේ මරණ අතර මහ මඟ මරණ මෙන්ම දියේ ගිලි මිය යාමද විශාල ලෙස දැක ගත හැකිය.

2015 වර්ෂයේ සිදු වු 1200 000 පමණ මේ වයසේ දරුවන්ගේ මරණ වලින් 10 කට 1 ක් මහ මඟ අනතුරු නිසා වු මරණ වේ.

යොවුන් වයසේ දරුවන් තුල තිබෙන කැපි පෙනීමට කැමැත්ත වෙළඳ පොළ බලවේග විසින් වඩාත් ඉස්මතු කිරීම මරණ ඉහළ යාමට හේතු වී ඇත. තව ද යොවුන් විය දරුවන් තුල ආතතීය බහුල සමයක් වීමත් මේ තත්වයට හේතු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

කිතුනු යොවුන් දුක මෙහෙවර හා තරුණ දූත මෙහෙවර තුළ මෙම ප්‍රශ්න කෙරෙහි ඇති අවධානය ඉතා අල්ප බව පෙනී යයි. දවසකට 3000 ක් යොවුන් මරණ තුළින් ඇසෙන දෙවිදු හඬට සවන් ඇත්තේ සවන් දෙක්වා.

Jesustodaysl වන වසර 30 වන සතිය 2018 ඔක්තෝම්බර් 07

 

Comments powered by CComment