මානව හිමිකම් හා වගකිම් යනු මුළු මනින්ම අාගම් හී සාරයට අදාල එ්වා මත ගොඩනැගුනු දේවල්ය. කාදිනල් හිමිට තම ප්‍රකාශය කිසිසේත්ම දේව ධාර්මිකව සාධාරනිකරණය කළ නොහැකිය. කිතු දහම කාදිනල් හිමිගෙන් බේරා ගැනීම වර්ථමානයේ ඊට අාදාරය කරන සැමට පැවරෙන දූත කාර්යයක් වී තිබේ.

ක්‍රිස්තියානි දෘෂ්ටියෙන් බලන විට, දේව වචනය හා එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සාරාර්ථය වන මානව හිමිකම් පිළිගැනීම අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තිබේ. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ අඩංගු මානව අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ මිනිස් පවුල බෙදා වෙන් කරන බෙදුම් රේඛා ඉවත් කිරීම වෙනුවෙන් හා එ්කාබද්ධ මානව සංවර්ධනය නැමැති සභාවේ සමාජ දැක්ම උදෙසාමය.

                                                                                                                      -ප්‍රැන්සිස් පාප් තුමන්-

2018.09.29.07

 

කාදිනල් හිමි මරණීය දණ්ඩනය ගැන කළ කතාවට අත්පොලොසන් දුන්නේ ජාතිවාදින් හා රාජපක්ෂවාදීන්ය. දැන් නැවත ඔවුන්ගේ අත්පොලොසන් එතුමන්ට හිමිව තිබේ. එ් මානව හිමිකම් වලට එරෙහිව එතුමා කළ කතාවක් නිසාවෙනි.

මේ කතාව එතුමා අද ඊයෙක සිට කියන්නාක් නොවේ. එතුමාගේ ස්වාමියාගේ හඬ බවට එතුමා පත් වූ දා සිට කියන කතාවකි. කිතුනුවන්ගේ ස්වාමියා ජේසු තුමන් වූවත් කාදිනල් හිමිගේ ස්වාමියා වී අැත්තේ රාජපක්ෂවරු බව ප්‍රායෝගිකව ඔප්පු වී තිබේ. එය සඟවා ගැනීමට දැන් නම් ඉඩක් නැත.

කිතුනුකමට අාදරය කරන පූජක පැවිදි ගිහි සියල්ලේ දැන් පෙරට පැමිණිය යුතුය. එසේ පැමිණ කාදිනල් තුමාගේ යහපත හා කිතුනු ප්‍රජාවගේ යහපත උදෙසා එතුමාගේ මේ අකිතුනු ප්‍රකාාශ නවතා දමන ලෙස ඉල්ලා සිටිය යුතුය. එ් සඳහා බලපෑම් කළ යුතුය.

කාදිනල් හිමි තව වසර දෙක තුනකින් විශ්‍රාම යාමට නියමිතය. එතුමාට දැන් එ් බව දැනෙනවා විය යුතුය. විශ්‍රාම යාමට පෙර ජනප්‍රිය ධාරාවේ ජාතික වීරයෙකු වීමට සිතීම තේරුම්ගත නොහැකි දෙයක් නොවන නමුත් එතුමා තමා ගැන නොව ජේසු තුමා ගැන සිතිය යුතුය.

2018.09.29.06

කාදිනල් හිමිට පක්ෂව කතෝලික මන්ත්‍රීරු හඬ නැගීම ගැන බොදු බල සේනාවේ ප්‍රසාදය ඵල වී අැත. ගලබොඩ අත්තේ හිමි ගැන එසේ බෞද්ධ මන්ත්‍රීවරු හඬ නොනැගීම ගැන එම සංවිධානය දුක්වෙයි. කාදිනල් හිමි හා ගලබොඩ අත්තේ හිමි දෙදෙනාම රට වෙනුවෙන් කටයුතු කළ උතුම් මිනිසුන් බවද එ් සංවිධානය කියයි.

දැන් කාදිනල් හිමිගේ තැන පැහැදිලිය. බොදු බල සේනාව කාගේ හඬද ? කෙබදු දේ කරන්නේද ? සේවය කරන්නේ කාටද ? කාදිනල් හිමි විමල් වීරවංශ හෝ ගලබොඩ අත්තේ හිමි ගේ තැනට වැටීම මේ රටේ ඉතිහාසයේ කිතුනු අාගමික නායකයෙක් අද වැටුනු නරකම තැන ලෙස සැලකිය හැකිය.

මානව හිමිකම් හා වගකිම් යනු මුළු මනින්ම අාගම් හී සාරයට අදාල එ්වා මත ගොඩනැගුනු දේවල්ය. කාදිනල් හිමිට තම ප්‍රකාශය කිසිසේත්ම දේව ධාර්මිකව සාධාරනිකරණය කළ නොහැකිය. කිතු දහම කාදිනල් හිමිගෙන් බේරා ගැනීම වර්ථමානයේ ඊට අාදාරය කරන සැමට පැවරෙන දූත කාර්යයක් වී තිබේ.

මධුර කුසුම් කුමාර

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 30

Comments powered by CComment