දිවැසිවරයා කියන්නේ දේව වචනය ඔස්සේ වර්ථමාන යථාර්ථය විග්‍රහ කරලා අර්ථකථනයට ලක් කරලා. ඒ තුළින් සමාජය නිවැරදි දිශාවට යොමුකරන්නක් මේ ගීත පදමාලා සියල්ලම පාහේ දේව වචනය ශුද්ධ ලියවිල්ල ඔස්සේ එහි ආලෝකයෙන් ජීවිතය හා ලෝකය විග්‍රහ කරන ගීත.

ගරු අැන්ටන් ජයනන්ද පියතුමාගේ ගී දිවැසිය සීඩි තැටිය හා මහින්ද නාමල්ගේ ගී දිවැසි කිතුනු ගේය කාව්‍ය ග්‍රන්ථය පසුගිය දා මීගමුවේදි හා කළුතර දී ජනගත කෙරුනි.

සීඩි තැටිය තුළ ගීත 12 සංගෘහිත වන අතර එ්වායේ සංගීත නිර්මාණය අැන්ටන් ජයනන්ද පියතුමාගෙනි. ගායනය අැන්ටන් ජයන්නද පියතුමා, අලංක බන්ඩාර සහෝදරතුමා, ටිමලි ලොව් පැවිදි සොයුරිය, ශශිකා ශ්‍රීමාලි, ප්‍රනීත් පෙරේරා, කාංචනා කාරියරත්න, මෙරිෂාන් පෙරේරා" නිමේෂ් අශිර හා ලක්ෂානි සීමන් විසිනි.

ගී දිවැසිය ගැන අදහස් 

"අර්ථ රසයෙන් හා අපූර්වත්වයෙන්" නොඅඩු "ගී දිවැසිය" ගී කළඹ අප හදවත් සංවේදි කරවමින්, ප්‍රඥා සම්පන්න කරවීමට සුවිශේෂි මෙහෙවරක් ඉටු කරයි. ස්වර්ගීය කැඳවුමට පිළිතුරු දෙමින් සමාජ ප්‍රගමනය උදෙසා දායක වීමට "ගී දිවැසිය" ගීතාවලිය අපගේ කිතුනු ජීවිතයට අභියෝගයකි."

                                                                                                                                                          6cac3e4af71ab8dda6dba234a97e4887 තරු රසී


ගීතයක සාර්ථකත්වයට අවැසි කාරණා ත්‍රිත්වයට මම මේ ගීතාවලිය තුළ දුටුවා. පදමාලාව සංගීතය හා ගායනය තුළින් ගැඹුරු වින්දනයකට මෙන්ම මෙනෙහි කිරීමට අපි අද මේ ගීත හරහා ඇතුළු වුණා.

‘ගී දිවැසිය’ යන්නට යටින් නව පුංචි හැඳින්වීමක් තිබෙනවා. “මෙහෙවරකට ගැයෙන ගී” කියලා “මේ අහස යට - මේ පොළව මත” මෙහෙවරකට ගැයෙන ගීතාවලියක් දිවැසිවරයා කියන්නේ දේව වචනය ඔස්සේ වර්ථමාන යථාර්ථය විග්‍රහ කරලා අර්ථකථනයට ලක් කරලා. ඒ තුළින් සමාජය නිවැරදි දිශාවට යොමුකරන්නක් මේ ගීත පදමාලා සියල්ලම පාහේ දේව වචනය ශුද්ධ ලියවිල්ල ඔස්සේ එහි ආලෝකයෙන් ජීවිතය හා ලෝකය විග්‍රහ කරන ගීත.

මෙහි ගීත රචකයා සංගීතය නිර්මාණය කර ගායනා කරන පියතුමා සමඟ අපට ආපවනා කරනවා. තිබෙන ලෝකය කඩා බිඳ දා ඔබට රිසිසේ ගොඩනගන්නට ඔබට රිසි සේ ගොඩනගන්නට ැකඩි බිදෙමින් පූජා වෙන්නට මෙයයි අපේ මෙහෙවර විය යුත්තේ. ඒ ලෝකය තමයි අලුත් අහස - අලුත් පොළව.

අද ගීතිකා ලෙසත් අැහෙන් බොහෝ හරසුන් දේ අතර ගී දිවැසිය ඉතා හරවත් නිර්මාණ සමුච්ඡයක් 
ඔබේ හද මල සිඹිමු අපි බැතියෙන්
පිපෙමු ලොව වෙනුවෙන්

ඉතා රමනීය පද සංකල්පනාවක්. මෙහි ස්වාමින් වහන්සේගේ හඳ මල මම හරියටම සිප ගත්තොත් තමයි මට මලක් වගේ සුපිපොන්න පුළුවන්. අද අපට මෙවැනි සංගීතයක් අවශ්‍යයි. මනුෂ්‍යාගේ මනසට හදවත කථා කරන සංගීතයක් දෙපාවලට කථා කරන හුදු හැඟීම්වලට කථා කරන සංගීතයක් අද පවතින්නේ.

විශේෂයෙන් මා හද බැඳගත් ගීතයක් තමයි මව්පියන්ගේ භූමිකාව ගැන කියැවෙන “මව්පියෝ ඇඹුල් මිදි කෑවොත්” ඒ ගීතය අපේ සමාජයේ හැම මවක් පියෙක්ගේම යාච්ඥාව කරන්න අපිට පුළුවන් නම ඉතා වටිනා මෙහෙවරක්.

                                                                                                                     6cac3e4af71ab8dda6dba234a97e4887ගරු දයා ෂෙල්ටන් වැලිකඩආරාච්චි පියතුමා

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 23

 

Comments powered by CComment