ප්‍රැන්සිස් පාප්තුමන් එසේ කර අැත්නම් එය වරදකි. එය නිවැරදි කළ යුතුය. නමුත් එ් වරද මත එතුමා ඉල්ලා අස්විය යුතු නම් ලොව පුරා සිටින කතෝලික පූජක රදගුරුවරු සියලු දෙනාම පාහේ ඉල්ලා අස්විය යුතුමය. ක්‍රිස්තු ප්‍රතිපත්ති වලට විරුද්ධ බොහෝ දෑ අති බහුතරයක් කතෝලික පූජකවරු සිදු කරති.

 

2018.09.04

කතෝලික පූජකවරුන්, පැවිදිවරුන්, රදගුරුවරුන් අාදින් විසින් සිදු කරනු ලැබු ළමා අපචාර පිළිබඳ ප්‍රැන්සිස් පාප් තුමන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමත් සමඟම අැති වු තත්වය වෙනස් අතකට යොමු කරමින් ළමා අපචාර පිළිබඳ එතුමා දැක් වු ප්‍රතිචාරයක් අැසුරෙන් එතුමාට ඉල්ලා අස්වීමට බලපෑම් කරමින් වතිකානුවට ලිපියක් ඉදිරිපත් වී අැත.

ප්‍රැන්සිස් පාප්තුමන් යනු ඉතාම රැඩිකල් ඉතාම නිවැරදි කෙනෙකු නොවන බව ප්‍රැන්සිස් පාප් තුමන්ට එරෙහි බලවේගය වන මූලධාර්මික සම්ප්‍රදායිවාදි පිරිස් වැනි "නොවරදින සුළු බව" වැනි ඉගැන්වීම් අගය නොකරන ඔිනෑම කෙනෙක් පිළිගනී. එහෙත් ප්‍රැන්සිස් පාප්තුමන්ගේ සාධනීය ක්‍රියාමාර්ග රැක ගැනීමත් සම්ප්‍රදායවාදි ප්‍රතිගාමින්ව නැවත සභාවේ නායකත්වයට ඉඩ නොදීමත් යුගයේ කිතුනු කැඳවීමකි.

වොෂින්ටනයේ හිටපු කාඩිනල් තියොඩොර් මැක්කාරික්ට එරෙහි ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් නොකිරීම සහ ඔහුව බේරා ගැනීමට කටයුතු කිරීම ගැන ප්‍රැන්සිස් පාප්තුමන්ට එල්ල වි අැති චෝදනා හේතුවෙන් එතුමා ඉල්ලා අස්විය යුතු බවයි කාදිනල් කාලෝ මරියා සඳහන් කර අැත්තේ.

වොෂින්ටන් රදගුරුට එල්ල වූ ලිංගික අපචාර චෝදනා නිසා එතුමාට 16 වන බෙනඩික් පාප් තුමන් පනවා තිබු අැතැම් සම්බාධක නොසලකා හැර එතුමාව ප්‍රැන්සිස් පාප් තුමන් විශ්වාසවන්ත උපදේශකයෙකු ලෙස පත් කරගත් බවද එම ලිපියේ සඳහන් කර අැත.

ප්‍රැන්සිස් පාප්තුමන් එසේ කර අැත්නම් එය වරදකි. එය නිවැරදි කළ යුතුය. නමුත් එ් වරද මත එතුමා ඉල්ලා අස්විය යුතු නම් ලොව පුරා සිටින කතෝලික පූජක රදගුරුවරු සියලු දෙනාම පාහේ ඉල්ලා අස්විය යුතුමය. ක්‍රිස්තු ප්‍රතිපත්ති වලට විරුද්ධ බොහෝ දෑ අති බහුතරයක් කතෝලික පූජකවරු සිදු කරති. එසේ කීමෙන් කිසිදු වරදක් සාධාරනිකරණය නොවේ. නමුත් පාප් තුමන් ඵලවා දැමීමට ක්‍රියා කරන බලවේග පාප් තුමාගේ මෙම වරදට වඩා දස දහස් ගුණයක වැරදි සිදු කරති.

වතිකානුව තුළ රදගුරු හා කාඩිනල්වරු ප්‍රැන්සිස් පාප් තුමන් ගැන දරන අාකල්පය පිලිබඳ කරන ලද සොයා බැලීමක සාරාංශය පහත පරිදි ප්‍රකාශයට පත් වී තිබුණි.

10 % ක් විවෘතව විරෝධය දක්වති.

20 % ක් විවෘතව සහය දක්වති.

70 % ක් එතුමා මැරෙන තුරු බලා සිටිති.

ප්‍රැන්සිස් පාප් තුමන් සභාව අභ්‍යන්තරයේ මුහුණ දී සිටින තත්වය සාරාංශ කරමින් එක් ලේඛකයෙකු ලියා තිබුනේ "වෘකයන් අතර ප්‍රැන්සිස්" නමිනි.

ශ්‍රී ලංකාව තුළද මුල සිටම ප්‍රැන්සිස් පාප් තුමන්ට විරෝධි බලවේග ප්‍රසිද්ධියේ ප්‍රකාශන සිදු කරති. නමුත් නිල සභාව එ් කිසිවකට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කාඩිනල් හිමියාණන්ගේ කුඩා ප්‍රතිචාරයක් ගැන මුල් පුවත ඵල කරන නිල පුවත්පත හෝ නිවේදන නිකුත් කෙරෙන සභාවේ මාධ්‍ය ප්‍රධානින් මේ ගැන නිහඬ වීම පෙන්වන්නේ කුමක්දැයි බුද්ධිමත් මිනිසුන්ට වටහා ගැනීම අපහසු නෑ.

ශ්‍රි ලංකාව තුළ මේ ප්‍රකාශන සිදු කරන සියලු දෙනාගේ පොදු ලක්ෂණය වන්නේ ඔවුන් ශුද්ධ ලියවිල්ලේ සාරය වෙනුවට සභා සම්ප්‍රදාය රැකීමට මුල්වන අය හා සංවිධාන වීමයි. 

jesustodaysl 2 වන වසර 26 වන සතිය 2018 සැප්තැම්බර් 02

 

Comments powered by CComment