මෙහිදි විරෝධතාකරුවෝ ඉතා පැහැදිලි ලෙස කියා සිටියේ සිංහල ජනයා උතුරේ පෞද්ගලිකව ඉඩකඩම් ගෙන පදිංචී වීම ගැන තමන්ගේ විරෝධයත් නැති බවත් දෙමළ ජනතාව යටපත් කිරිමේ අරමුනින් සිදු කරන පදිංචි කිරිම වලට පමණක් තමන් විරුද්ධ වන බවයි. වැල්ලවත්තේ හෝ වත්තල හෝ දෙමළ ජනතාව සිටීමත් මෙම ජනපදකරණයත් කිසිසේත් එක සමාන නොවන බව ඔවු හූ පෙන්වා දුන්නෝය. 

තුන්දහක් පමණ වන ද්‍රවිඩ ජනතාවක් මූලතීව් සාන්ත පීතර් දෙව්මැදුරේ සිට මූලතීව් දිසා ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක නිරත වෙමින් එක හඬින් කියා සිටියෝ මහවැලිය හරහා දියත් කර අැති දෙමළ ජනයාට එරෙහි සංහාරිත ක්‍රියාවලිය වහා නරත කරන ලෙසයි.

2018 අගොස්තු 28 පැවැති මෙම විරෝධතාවය පා ගමන අවසානයේදි ජන රැළියක්ද පැවැත්විණි. ඊනියා යුධ ජයග්‍රහනයට පසුව දෙමළ ජනතාව අතරින් පැන නැගුනු දැවැන්ත විරෝධතාවයක් වු මෙය මූලතිව් හි සිවිල් සංවිධාන විසින් සංවිධානය කර තිබු අතර දෙමළ දේශපාලන පක්ෂ වල නියෝජිතයෝද සහභාගී විය.

මහවැලි "L" කලාපය ලෙස 1988 දී ගැසට් කරනු ලැබු උතුරු පළාතත් නැගෙනහිර පළාතත් අතර රජයේ අනුග්‍රහයෙන් මිලිටරියේ උපකාරයෙන් භූමි බාගයක් තුළ සිංහල ජනපදකරණය හරහා දෙමළ ජනතාවගේ උරුමය ඉතා තිරශ්චීන ලෙස යටපත් කිරීමක් සිදු කරන බව විරෝධකරුවෝ සංඛ්‍යා දත්ත හා සාක්ෂි මගින් පැහැදිලිව පෙන්වා දුන්හ.

දෙමළ ජනතාවට අයත් කුඹුරු අක්කර 2000 ක් පමණ මෙලෙස පිහිටුවන ලැබු ජනපද වල සිංහල ජනතාවට පවරා දී අැති අතර ඊනියා යුධ නිමාවට පසු සිංහල පවුල් 6000 ක් පමන මෙම ප්‍රදේශවල පදිංචි කර අැත. මෙතෙක් මහවැලි ජලය බිඳුවක් හෝ පැමිනි නැති මෙම ප්‍රදේශ මහවැලි අධිකාරි යටතට පවරා ගෙන අැත්තේම මෙම සිංහල ජනපදකරණය උදෙසාම බව පැහැදිලි වේ. කෝකිලායි වැනි මුහුදු තිරයන් පවා මහවැලි අධිකාරියට පවරා ගැනීම මගින් මේ බව සනාථ වේ.

මහවැලි අධිකාරියට පවරා ගැනීම හා ජනපදකරණය මේ ප්‍රදේශ වල සංවර්ධනය ඉලක්ක කරගන්නක් නොවන බව පැහැදිලි වන තවත් කරුණක් නම් මේ ජනපද පිහිටුවීම තුළ කිසිදු දෙමළ පවුලක් මෙතෙක් පදිංචි කර නොමැති වීමයි. දේශපාලන බලය හා මිලිටරි බලය යොදාගෙන මහවැලි ප්‍රදේශ යන නෙෙතික තත්වය භාවිතා කරමින් සිංහල මුදලාලිලාට ඉදිකිරිම් තහනම් කලාපයක් වන මීටර් 100 ට අයත් වෙරළ තීරුවේ පවා ස්ථීර ඉදි කිරිම් වලට දැනටමත් ඉඩදි තිබේ. වන සංරක්ෂණය, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව වෙරළ සංරක්ෂණ අැතුළු සියලු රාජ්‍ය අායතන ද යොදාගෙන කරන රාජ්‍ය ත්‍රස්තවාදයක් මෙහි ක්‍රියාත්මක වේ.

සාමය හා සංහිඳියාව ක්‍රියාවට නංවන බව හඬවමින් රජය සිදු කරන මෙම ක්‍රියාලිය සාමය හා සංහිඳියාව විනාශ කර දමන්නකි. එ් නිසා ඊට එරෙහිව හඬ නැඟීම සාමය හා සංහිඳියාව සැබෑ ලෙස බලාපොරොත්තු වන සැමගේ යුතුකමකි. වගකමකි. දෙමළ ජනයා යුද්ධයක් කරා තල්ලු කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේද සිංහල ජනපදකරණය හා දෙමළ සංස්කෘතිය යටපත් කිරීමයි.

මෙහිදි විරෝධතාකරුවෝ ඉතා පැහැදිලි ලෙස කියා සිටියේ සිංහල ජනයා උතුරේ පෞද්ගලිකව ඉඩකඩම් ගෙන පදිංචී වීම ගැන තමන්ගේ විරෝධයත් නැති බවත් දෙමළ ජනතාව යටපත් කිරිමේ අරමුනින් සිදු කරන පදිංචි කිරිම වලට පමණක් තමන් විරුද්ධ වන බවයි. වැල්ලවත්තේ හෝ වත්තල හෝ දෙමළ ජනතාව සිටීමත් මෙම ජනපදකරණයත් කිසිසේත් එක සමාන නොවන බව ඔවු හූ පෙන්වා දුන්නෝය. 

jesustodaysl 2 වන වසර 26 වන සතිය 2018 සැප්තැම්බර් 02

 

Comments powered by CComment