කරිටාස් ජාත්‍යයන්තර කතෝලික දයා සේවා ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘ගමනේ හවුල්කරුවන් වෙමු” වැඩ සටහන ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදතුම් පියාණන් ලෝකයෙන් ඉල්ලා සිටියේ “ඔබගේ දෑත් පුළුල්ව දිගු කරමින් ඔබෙ රටවලට පැමිණෙන සංක්‍රමතිකයින් හා සරණාගතයක් ආදරයෙන් පිළිගන්නා” යනුවෙනි.

“සංක්‍රමනිකයින් පලා එන්නේ යුද්ධ හා ප්‍රචණ්ඩත්වයෙන් සිය ජීවිත ගලවා ගැනීමටයි. සෙනෙබර උණුසුම් වැළඳ ගැනීමේන ඔවුන් පිළි ගැනීම ජේසු තුමන්ගේ කැමැත්තයි” යනුවෙන් උන්වහන්සේ වැඩි දුරටත් එහිදි පැවැසු සේක. දෙවසරක් සඳහා ආරම්භ වු වැඩ සටහනේ අරමුණ වන්නේ සංක්‍රමණිකයින් ගැන දැනුවත් කිරීම ඔවුන් මූණ ගැසිම හා එවුන් පිළිගැනීම කාලින දූත මෙහෙවරක් ලෙස ස්ථාපිත කිරිමයි.

වර්තමාන යුගයේ අපේ ආගමිකභාවය, මනුෂ්‍යත්වය මනින ප්‍රධාන මිනුමක් වන්නේ සරණාගතයින්, සංක්‍රමණිකයින් පිළිබඳ අප දක්වන ආකල්පයයි.

සුදතුම් පියා ඉස්ලාමීය සංක්‍රමණික පවුලක් වතිකානුවට රැගෙන එමින් මේ පිළිබඳ ආදර්ශයක් ලබා දුන්නේ බොහෝ කලකට පෙරයි. ඒ නිසා මෙය එතුමා ක්‍රියාවෙන් පෙන්වාදුන් දූත සේවාවකි.

මූලාශ්‍රය  - වතිකානු සුළඟ

 

jesustoday 33 සතිය 2017 ඔක්තෝම්බර් 15

Comments powered by CComment