මේ පූජකතුමා රිමාන්ඩ් බාරයේ සිටි කාල සීමාව වසර 12 කි. ඔහුගේ ජීවිතයේ වටිනාම වසර 12 ක් බලහත්කාරිව ලබාගත් පාපොච්චරණයක් මගින් සිරගත කොට විනාශ කළ වුන්ට දිය යුතු දඩුවම කුමක්ද ? එය ත්‍රස්තවාදයක් නොවේද ?

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම පිළිබඳ කථා බහ සිංහල දේශපාලකයින් ලත් තැනම ලොප් කරන්නේ "දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැත" යන ප්‍රකාශයෙනි.

යුධ සමය තුළ සැකපිට අත් අඩංගුවට ගෙන වසර ගණන් රඳවා තබාගත් සියලු දෙනා දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය හැකිය. මන්ද එ් සියල්ලන් අත් අඩංගුවට ගත්තේ රට තුළ ක්‍රියාත්මක වූ දේශපාලන න්‍යාය පත්‍රය අනුවය.

මේ ගැන දැන්වත් අවංකව සිතා බලන්න කැමැකි කෙනෙක් වෙත්නම් ඔවුන්ට කදීම නිමිත්තක් පසුගිය සතියේදි හමු විය.

හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදි මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරයක් එල්ල කිරීමට අාධාර අනුබල දීම එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුධ හමුදා නිලධාරින් තිදෙනෙකු ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් පස් දෙනාගෙන් එක් අයකු වූ හින්දු පූජක තුමාව නිදොස් කොට නිදහස් කිරීම පසුගියදා සිදු විය.

"ඝාතනයට සම්බන්ධ හින්දු පූසාරියා" ලෙස ජාතිවාදි මාධ්‍ය එදා අපහාසාත්කමව ලොකු අකුරින් ලියුවද මෙදා එ් නිදොස් වීම ගැන පුංචි අකුරක්වත් ලියන්නට එ් මාධ්‍ය ක්‍රියා නොකළේය.

අයියර් ශ්‍රී ස්කන්ධරාජා ෂර්මා නැමැති මේ හින්දු පූජකතුමා විත්තිකරුවෙකු බවට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ යටතේම පැවැති ත්‍රස්තවාදි විමර්ෂණ එ්කකයයි. එතුමාට එරෙහිව පැවැති එකම එක සාක්ෂිය වූයේ එතුමා කළා යැයි කියන පාපොච්චරණයකි. එතුමාව නිදහස් කිරීමට හේතු වී අැත්තේ එ් එකම එක සාක්ෂිය හෙවත් පාපොච්චරනය ස්වේච්ඡාවෙන් කළ එකක් නොව ත්‍රස්ථවාදි විමර්ෂණ එ්කකය බලෙන් ගත් පාපොච්චරණයක් බව ප්‍රත්‍යක්ෂ වීමයි.

සිටින්නේ දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්තවාදින් පමණකැයි කියමින් මෙවැන්නන් රඳවා තබා ගැනීම කරන දේශපාලකයින් කරන්නේ කොයිතරම් කෘෘරතර පාපයක්ද ? මේ පූජකතුමා රිමාන්ඩ් බාරයේ සිටි කාල සීමාව වසර 12 කි. ඔහුගේ ජීවිතයේ වටිනාම වසර 12 ක් බලහත්කාරිව ලබාගත් පාපොච්චරණයක් මගින් සිරගත කොට විනාශ කළ වුන්ට දිය යුතු දඩුවම කුමක්ද ? එය ත්‍රස්තවාදයක් නොවේද ?

ජාතිවාදයට මුවාවි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විරුද්ධ වන්නේ මෙවන් අපරාධ කළ වුන් හා ඔවුන්ගේ අපරාධ සහයකින්ය. "මම සිරගතව සිටියෙමි. ඔබ මා බලන්නට අාවාහූදැයි" තම විනිශ්චයේදි ජේසු තුමන් ප්‍රශ්න කරන බව අදහන අපි දේශපාන සිරකරුවන් නිදහස් කරනුයි කියන්නේ එ් අැදහිල්ල මත පිහිටාය.

jesustodaysl 2 වන වසර 22 වන සතිය 2018 අගෝස්තු 05

Comments powered by CComment