"අප සැලකුම් ලබන්නට කැමැති අාකාරයට අන් අයටත් අපි සලකමු. අපට ජීවිතය අවශ්‍ය නම් අපි අන් අයට ජීවිතය දෙමු. අපට අවස්ථා අවශ්‍ය නම් අපි අන් අයටත් අවස්ථා දෙමු"

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හසුව මරණ දණ්ඩනය නියම වී සිටින අයට මරණ දඩුවම ලබා දීමට තම අත්සන් කරන බන ජනපති සිරිසේන පැවසීමත් සමඟ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය පිරිස් අතර කැබිනට් මණ්ඩලය ප්‍රධානය. මරණ දණ්ඩනය දීම පිලිබඳ වරින් වර මතුවන සාකච්ඡාවේ මේ අලුත් වටය අැරඹීමත් සමඟ එයට සහය පළ කල පළමු අාගමික නායකයා බවට පත්වුයේ කාඩිනල් මැල්කම් රංජිත් හිමියන්ය. එ් හිමියන්ගේ ප්‍රකාශය සමඟ මරණ දණ්ඩනය ගැන කිතුනු ස්ථාවරය කුමක්දැයි සිතාගත නොහැකිව සමහර කිතුනුවෝ අතරමංව සිටිති.

2015 සැප්තැම්බර් 24 වනදා අැමරිකා එක්සත් ජනපද කොංග්‍රසය අැමතු ප්‍රැන්සිස් පාප්තුමන් මරණ දණ්ඩනය ගැන පලකල පහත අදහස් කිතුනුවන්ට සිහි කැඳවා ගැනීම පිණිස ඉදිරිපත් කරමු.

එතුමා එහදි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ "ලොව පුරා මරණ දඩුවම තහනම් කළ යුතු බවයි." පාප් තුමන් තම ස්ථාවරය ප්‍රකාශ කළේ ශුද්ධ ලියවිල්ල මත පිිහිටාය. එතුමා එ සඳහා පදනම් කරගත්තේ මතෙව් සුභාරංචියේ එන "රන් අණ" නම් ශුද්ධ ලියවිලි පාඨයයි.

රන් අණ

"අනුන් ඔබට යමක් කරනවාට ඔබට කැමැතිද ? ඔබත් එ් දේම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලීයේ හා දිවැසියාවලීයේ හරය එය වේ," (මතෙව් 7/12, ලුක් 6/13)

පාප්තුමා එහිදි කළ අදහස් දැක්වීම මෙසේය.

"අප සැලකුම් ලබන්නට කැමැති අාකාරයට අන් අයටත් අපි සලකමු. අපට ජීවිතය අවශ්‍ය නම් අපි අන් අයට ජීවිතය දෙමු. අපට අවස්ථා අවශ්‍ය නම් අපි අන් අයටත් අවස්ථා දෙමු"

"මනුෂ්‍ය ජීවිතයේ වර්ධනයේ සෑම අවධියකදීම මිනිස් ජීවිතය අාරක්ෂා කිරීමට අප සතුව පවතින දිව්‍යමය වගකිම මෙම රන් අණ විසින් අපට මතක් කර දෙයි."

ලොව පුරා මරණීය දණ්ඩනය තහනම් කරන ලෙස මගේ ධූර කාලය අාරම්භයේ සිටම මම ඉල්ලා සිටියේ මෙම විශ්වාසය මත පිහිටාය.

සෑම ජීවිතයක්ම පූජනිය වන්නේද සමාජයට ප්‍රයෝජනයක් ලැබිය හැක්කේද අපරාධවලට වරදකරුවන් ලෙස තීන්දු වූවත් පුනරුත්තාපනය කිරිමෙන් පමණක් බැවින් එය හොඳම මාර්ගය යැයි මම විශ්වාස කරමි.

"මරණීය දණ්ඩනය තහනම් කරන ලෙස ඔබ රටේ සිටින මගේ සහොදර රදගුරුවරු මෑතකදි ඉල්ලා සිටියෝය. මේ අවස්ථාවේදි මගේ හඬද ඔවුන්ගේ එ් හඬට එක්කොට සහය පළ කරමි."

"ඔිනෑම වර්ගයක සාධාරණ සහ අත්‍යාවශ්‍ය දඩුවමකට බලාපොරොත්තුවේ මානයක් හා පුනරුත්තාපනයේ ඉලක්කයක් අැතුලත් විය යුතු බව විශ්වාස කරන සියල්ලන්ම මම දිරිමත් කරමි"

දැන් අපි  පාප්තුමන්ගේ ප්‍රකාශයක් එයට පදනම් වන දේව ධර්මයක් අනුව මෙනෙහි කිරිමකට අැතුලත් වුවහොත් මිනි මරා අපරාධ සමාජයෙන් තුරන් කිරීමට හැකි යැයි කියන්නෙකු අයිතිවන්නේ "අැසට අැසක් දතට දතක්" ඉල්ලීම පනත වූ පරණ ගිවිසුමට මිස "ප්‍රේමය" පනත වූ නව ගිවිසුමට නොවේ.

පැරණි ගිවිසුම තුළ වූවද සඳහන් "මිනි නොමරව" යන පනත නිත්‍යානූකූල මරණ දඩුවම" යන විශේෂණය යෙදු පමණින් කඩ වීමක් සිදු නාෙවේවැයි කිව හැක්කේ එකි පනත ජේසුගේ ඉගැන්වීම සමඟ ගලපා ගත නොහැකි අයකුට පමණි.

ප්‍රේමයේ දහමක ප්‍රචාරකයින් හෝ අයිතිකරුවන් නොවන නමුත් ජීවිතයේ වටිනකම තේරුම් ගත් පහත මිනිසුන්ගේ ප්‍රකාශන කියමු.

"වැදගත් වන්නේ ක්‍රියාව මිස ඊට දෙන නම නොවේ. ඝාතනය සහ මරණ දඩුවම එකිනෙක කැපී යන විරුද්ධ ක්‍රියා නොවේ. එකම වර්ගයේ සමාන ක්‍රියාය" - ජෝර්ජ් බර්නාඩ් ෂෝ

"හුදු ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ අපරාධයකට වඩා පූර්ව සැලසුම් මත සිදු කළ අපරාදයක් බරපතළ බව බොහෝ නීති රෙගුලාසි විසින් සලකනු ලබයි. එ් අනුව බලතොත් මරණ දණ්ඩනය යනු කවර ලෙස ගණන් බැලුවද, කිසිදු අපරාධකරුවෙකුගේ අපරාධ ක්‍රියාවන් සමඟ සැසදිය නොහැකි තරම් ඉතාමත් සැලසුම් සහගත ඝාතනයක් හැර අන් කුමක්ද ?" - අැල්බයා කැමු.

"සමාජය පළිගැනීම කළ යුතුය. "සමාජය දඩුවම් කළ යුතුය" යැයි ඔබ කියයි. දෙකම වැරදිය. පළිගැනීම මතුවන්නේ පුද්ගලයා තුළිනි. දඩුවම දෙවියන් තුලින්" - වික්ටර් හියුගෝ

මරණ දණ්ඩනයට සහය දක්වන අාගමිකභාවයක් අැත්නම් ධර්මයට පටහැනි අාගමිකභාවයකි. මරණ දණ්ඩනයට සහය දක්වන මිනිස්භාවයක් අැත්නම් එය මිනිස්භාවයට එරෙහි මිලේච්ඡත්වයකි. 

මරණ දණ්ඩනයට සහය දක්වන ක්‍රිස්තියානියක් තිබුණා නම් ජේසු කළ යුතුව තිබුණේ පව්කාර ස්ත්‍රීයට ගල් ගැසීමට ඉඩදීමය. නමුත් එතුමා කළේ අැගේ ජීවිතය පුනරුත්තාපනය කිරිමෙන් ජීවිත්වීමේ අයිතිය ලබා දීමය.

  6cac3e4af71ab8dda6dba234a97e4887 මධුර කුසුම් කුමාර 

jesustodaysl 2 වන වසර 20 වන සතිය 2018 ජූලි 22

 

Comments powered by CComment