"අපගේ අැතුළාන්තය මළ බැඳ දිරාපත් වී අැත්නම්, මුළු ලෝකයම දිනා ගත්තත් අපට අැති ලාභය කුමක් ද ? යි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහෙයට එක්වූ නවක සහ ජ්‍යෙෂ්ඨ කාදිනල් හිමිවරුන් හමුවේ ප්‍රශ්න කළේය

"ඔබට ලැබිය හැකි ඉහලම උසස් වීම දේව ජනතාව අතර අල්ප වූවන්ට සේවය කිරිමයි" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල් හිමි නමකට රක්ත වර්ණ බිරෙට්ටාවක් පළඳවමින් පැවසීය.

ලොව පුරා කාදිනල් හිමිවරු ක්‍රියා කළ යුත්තේ තමන්ට බාරවන ජනතාවගේ සේවකයන් හැටියට බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. පුද්ගලයකුට ලැබිය හැකි විශිෂ්ඨතම උසස්වීම ජනතාව අතර ඉතා සුළුම තැනැත්තන් තුළ වෙසෙන ක්‍රිස්තුන් වහන්සේට සේවය කිරීම බව ද එතුමා කියයි. කිසිදු කෙනෙකු තමන් වෙනත් කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ බව නොසිතිය යුතු බවද එතුමා සියලු කාදිනල් හිමිවරුනට පෙන්වා දෙයි.

"අපට ලැබීය හැකි ඉහළම ගෞරවය හා විශිෂ්ටතම උසස්වීම මෙයයි.  එනම් දෙවියන් වහන්සෙගේ විශ්වාසිකයන් තුළ සිටින ක්‍රිස්තුන් වහන්සේට සේවය කිරීම" යයි එතුමා පෙන්වා දුන්නේය.

"විශ්වාසනීය අධිකාරිත්වය පැන නගින්නේ අපගේ සේවාව ලබන ජනතාවෙග් පා මුල හිඳීම සහ සාගින්නෙන් පෙළෙන, සිරගත කරන ලද, රෝගීන් වූ, දුක් පීඩා විඳින, මත්ද්‍රව්‍යවලට අැබ්බැහි වූ, සමාජයෙන් ඉවතට විසි කරන ලද දැ ලෙසින් තමාගේම වූ ජීවිත අත්දැකිම් හා ජීවිත කතන්දරත්, බලාපොරොත්තු සහ අපෙක්ෂා භංගවීමත්, රිදවීම් සහ තුවාලත් සහිත සැබෑ ජනතාවට සේවය කිරීමත් වෙතිනි"

"වෙනත් කෙනෙකුට වඩා අප ශ්‍රේෂ්ඨ යයි අපි කිසිවෙකුත් නොසිතිය යුතු වෙමු. අප කිසිවෙකුත් වෙනත් අය දෙස ඉහළ සිට නොබැලිය යුතුය. මේ අාකාරයෙන් අප කිසියම් පුද්ගලයකු දෙස බැලීය යුත්තේ එම තැනැත්තාට නැගිට සිටින්නට උදව් වන අවස්ථාවක පමණියි" යැයි සුදොතුම් පියතුමා ලොව පුරා කාදිනල් හිමිවරුනට අනුශාසනා කරමින් කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු පෙන්වා දුන්නේ අභිනව කාදිනල් හිමිවරුන් 14 නමක් ස්ථාපනය කිරිම නිමිත්තෙන් පැවැත්වුණු දේව මෙහෙයේ ධර්මානුශාසනය කරමිනි. වතිකානෙය් සාන්ත පීතර බැසිලිකාවේ දී පසුගියදා පැවැත්වුණු මෙම දේව මෙහෙයට ලොව පුරා කාදිනල් හිමිවරු 100 කට අධිප කිරිමක් සහභාගී වී සිටියහ.

"අපගේ අැතුළාන්තය මළ බැඳ දිරාපත් වී අැත්නම්, මුළු ලෝකයම දිනා ගත්තත් අපට අැති ලාභය කුමක් ද ? යි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහෙයට එක්වූ නවක සහ ජ්‍යෙෂ්ඨ කාදිනල් හිමිවරුන් හමුවේ ප්‍රශ්න කළේය

"අපගේ හදවත් වියළවා අපෙග් දූත මෙහෙවරට බාධා කරන හුස්ම හිර කරන තරමේ කූටෝපාය වල අප නිරතව සිටින්නේ නම්, මුළු ලෝකය දිනා ගත්තත් අපට ලැබෙන ලාබය කුමක් ද ?"

වඩා වැදගත් වන්නේ කවුරුන්දැයි අඬ දබර කිරීමෙන් වැලැකී පීඩාවට පත් ව සිටින ඔබගේ සහෝදර සහෝදරියන් වැළඳගෙන ඔවුන් කැටුව යන්නැයි එතුමා කාදිනල් හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 

"එඬේරා ගේ අධිකාරිත්වයට සුබ අස්නේ රසය ලැබෙන්නේ එවිටය. එම අධිකාරිත්වය ඝෝෂාව නගන සීනුවක් ලෙස නොපෙනෙන්නේ එවිටය" යි එතුමා සඳහන් කළේය.

මෙම ධර්ම දේශනය සඳහා එතුමන් පාදක කර ගත්තේ එදින දිනට නියමිත මාක් සුබ අස්නෙන් උපුටා ගත් කොටසයි. ශ්‍රාවකයන් ජෙරුසලම වෙත ගමන් කරමින් සිටියදී ඔවුන් ඉදිරියෙන් පා නගමින් සිටි ජේසු සමිඳුන් සිය දුක්ප්‍රාප්තිය ගැන තුන් වන වරටත් කළ ප්‍රකාශනය මෙම සුබ පුවතට අැතුළත් වී තිබිණි.

සමන් විජේසූරිය

jesustodaysl 2 වන වසර 19 වන සතිය 2018 ජූලි 15

Comments powered by CComment