කිතු සිරිත් මල් දම – 8 තුලින් මම ඔබ එක්ක කතා කළේ ජංගම දුරකථන ඉදිරියේ හැසිරෙන විදිහ ගැන අද ඒ ගැන තවත් ටිකක් කතා කරන්න ඕනි කියලා මට හිතුනේ මගේ යාළුවෝ හුඟ දෙනෙක් ජංගම දුරකථන පාවිච්චි කරන ආකාරය දැක්කමයි.

 

ඉසස්සර නම් දුරකථනය හුඟාක් වෙලාවට පාවිච්චි කළේ වැඩිහිටි අය. ගෙදර දුරකථනය නාද වුනත් ගෙදර ඉන්න ළමයි ඊට පිළිතුරු දෙන්න ගියේ නෑ. පිළිතුරු දීම සැලකුනේ වැඩිහිටියන් කළ යුතු දෙයක් හැටියට. ඒත් දැන් එහෙම නෑ කියලා මම දකිනවා. පුංචිම ළමයි පවා ගෙදර දුරකථනය නාද වුනාම එයට පිළිතුරු දෙන්න යනවා.

ඔබට මතකද දන්නේ නෑ මේ මෑතක එක් ප‍්‍රසිද්ධ අපරාධකරුවෙක්ව අත් අඩංගුවට පත් වුනාම ඔහු ගැන පරීක්ෂණ කරන රහස් පොලිසිය පාසල් දැරියකගෙනුන් ප‍්‍රශ්න කළා. ඒකට හේතු වුනේ එකි මත්ද්‍රව්‍ය අපරාධකරු සමඟ ඒ සිසුවිය කීප අවස්ථාවක්ම දුරකථන සංවාදවල යෙදි ඇති බව දුරකථනයේ ඇමතුම් පරීක්ෂා කරද්දී හෙලිදරව් වීම.
නමුත් ප‍්‍රශ්න කරද්දි ඇය කියා තිබුනේ තමා ඔහුව නාදුනන බවයි. නාදුනන අයෙකු සමඟ අවස්ථා ගණනාවකදි කතා කළේ ඇයි ? කියලා ප‍්‍රශ්න කළාම ඇය කියා තිබුනේ ඔහු කතා කල නිසා කියලයි.

කෙසේ හෝ මේ යුවතිය ලොකු කරදරයකින් අනුනමයෙන් බේරුන්. ඒ අපරාධකාරය දීපු කට උත්තරයකින්. ඔහු කියා තිබුනේ ‘‘ඇය ඇත්තටම මාව දන්නේ නැ. වැරදිමකින් ඒ ගෙදර දුරකථනය සම්බන්ධ වුනා. ඇය බොහොම හුරතල් විදිහට කතා කලා. මාත් ඉතිං කමමැලි වෙලාවට ඇය හා කතා කලා’’ කියලයි.

තමන් නොදන්නා අයෙකුගේ ඇමතුමක් නම් තමන් කව්ද කියලා නොකිය යුතුයි වගේම ආචාරශීලිව ඉක්මනින් ඇමතුම විසන්ධි කළ යුතුයි. වැඩිහිටියන් සිටින හැම අවස්ථාවකම දුරකථනයට පිළිතුරු දීමට ඔවුන්ට ඉඩ දෙන්න. මව්පියන් කියනවා නම් පමණක් ඇමතුම් ගන්න.

තමන් නොදන්න මිස් කෝල් වලට අමතන්න එපා. තමන් නොදන්න අයගේ කෙටි පණිවුඩ වලට පිළිතුරු දෙන්න එපා. ඇත්තටම ළමයි වශයෙන් අපි අපිට ලබා දිය යුතු පණිවුඩ පවා මව්පියන් හරහා ලබා ගැනීමට පුරුදු විය යුතුයි. ළමයෙක් ලෙස තවම අපි අපේ දෙමව්පියන් යටතේ ජීවත් වන අය.
ඔවුන්ට නොකියන ඇමතුම් ලබා ගැනීම, ඔවුන්ට හොරෙන් ඇමතුම් ගැනීම, ඔවුන්ට කියන්න නබැරි දේවල් කතා කිරීම කියන්නේ හොරකම් කිරීමක්, බොරු කීමක්. රැුවටීමක්. එහෙම කිරිම දේව තාත්තට ප‍්‍රසන්න දෙයක් නොවෙයි. එය පාපයක්.

Comments powered by CComment