දැන් මේ නගරය පාලනය කරන්නේ ඒ නගරයේම මිනිසුන්ය. උසාවිල නඩු අහන්නේ නගරයේ කීර්තිමත් මිනිසුන්ය. ඔවුන්ට විභාග කිරීමට බැරි නඩු මෙක්සිකෝ නීතිපති වෙත හරවා යවයි. නගරයේ අවංක මිනිසුන් අතින් නගර සභාව පාලනය වේ. දැව ජාවාරම්කරුවන් අතින් විනාශ වී ගිය හෙක්ටයාර් 3000 ක වනුයේ ඔවුහු නැවත රුක් රෝපණය කරති. 

මාරියා චුරායස් ගොන්සාලේස් ජොසපිනා එස්ට්‍රඩා සහ මෙලීසා මෙක්සිකෝ ඉතිහාසය වෙනස් කළෝය. ඔවුහු මෙක්සිකෝව උඩියටිකුරු කළහ.

මෙක්ෂිකෝවේ අපරාධ රජයන නගර අතරින් චැරන් Cheran නරගය අැත්තේ අංක එකටය. 2010 ජනවාරි සිට මැයි අතර කාලය තුළ එහි මරා දැමු මිනිසුන්ගේ සංඛ්‍යාව 599 කි. විසිදහසක ජනගහනයක් අැති මේ කුඩා නගරයේ දිනපතා කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය වෙළඳාම නිසා මිනිසුන්ට අතපස අහිමි විය. ජීවිත අහිමි විය. වඩාත් බැරෑරුම් වූයේ නගරයට ජලය සපයන ජලපෝෂිත ප්‍රදේශවල දිය උල්පත් දැව ජාවාරම්කරුවන්ගේ පොරෝ පහරවලින් ගස් කපා වනාන්තර එලි කිරිමෙන් දිනපතා සිඳි යාමට පටන් ගැනීමයි. නගරටය ජලය නැතිවුවහොත් එය අපායක් වනවාට කිසිම සැකයක් නැත. චැරන් හි ගැහැනු තිදෙනෙක් මූලික වී වනාන්තරයට වැදී දැව ජාවාරම්කරුව්නට මෙසේ පැවසුහ.

"දැනටමත් දිය උල්පත් හිඳිලා ! ඉතිරි උල්පත් ටිකත් ඔය විදිහට ගස් කැපුවොත් හිඳිලා යයි. ඔබේ දරුවනුත් අපේ දරුවනුත් බොන්නේ මොනවාද ?"

2018.06.29.03

තිත්ත කුණුහරපෙන් ඔවුනට බැණ වැදුණු දැව ජාවාරම්කරුවෝ මේ අසරණ ගැහැණුන්ව පන්නා ගත්තා. එහෙත් ඔවුන් ගියේ පුපුරා යන තරම් කේන්තියෙනි. ප්‍රංශ විප්ලවයේදි පිරිමින්ට වඩා දරුණු වූයේ ගැහැණුන් බව ඔබ සමහර විට අසා අැත. චැරන්හි ගැහැණුන් එසේ වූහ. ඔවුහු මුලු නගරයේම ගෙන් ගෙට ගියහ. සාකච්ඡා කළහ. මනා ලෙස සංවිධානය වුහ.

2011 අප්‍රේල් 15 උදෑසන චෙරන් නරගයේ සියලුම පල්ලිවල ඝණ්ටා නාද විණි. විල්පවය අැරඹි තිබිණි. මුකවාඩම් ලා ගත් ගැැහණු කැති, පොරෝ, මන්නා ගෙන ගෙවල්වලින් එළියට බැස්සෝය. මරියා ජුරායස් ගාෙන්සාලෙස්, ජොසපිනා එස්ට්‍රාඩා සහ මෙලීසා අත තුවක්කු තිබිණි. ඔවුහු පළමුව නගරයට පිටතින් අැති ප්‍රදේශවලින් නරගයට සම්බන්ධ වන පාරවල් තුනෙහිම අායුධ සන්නද්ධ මිනිසුන් තබා පාරවල් වසා දමා මුර කපොලු දැමුහ. අනතුරුව ගැහැණු සෙමින් සෙමින් වනාන්තරයට අැදුණහ. ගස් කපා ලොරිවලට පටවාගෙන එන පළමු ට්‍රක් රථය තුවක්කු පෙන්නා නතර කළහ. බිමට අැදගත් ලොරි රියදුරා සහ සහායකයාව බැඳ දැමුහ. මෙසේ 30 දෙනෙක් අත් අඩංගුවට ගත් පසු ට්‍රක් රථ 7 ක් මහා මාර්ගයය මැද ගිනි තැබුහ. ජාවාරම්කරුවන් ප්‍රාණ අැපකරුවන් ලෙස තබා ගත්හ. මුර කපොලු හරහා පොලිසිය නගරයෙන් පිටවිය.

2018.06.29.04

නමුත් ඔවුන් ප්‍රාණ අැපකරුවන් නිදහස් කළේ නැත. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවිය යුතු යැයි අණ කළහ. සියලු දේශපාලකයෝ නගරයෙන් පිට වුහ. අනතුරුව මේ ප්‍රචණ්ඩ ගැහැණු නගරය තම අත්වලට ගත්හ.  නරගයේ සියලු දෙනාම සන්නද්ධ කළ ඔවුහු නගරය වටා අාරක්ෂක වළල්ලක් සෑදුහ. මුර කපොලුවලින් පිටතින් එන්නවුන් තම අනන්‍යතාව පෙන්විය යුතුය. එය සෑහේ නම් පමණක් ඔවුන්ට නගරයට අැතුළු විය හැක. ඔන්න ඔහොම දැන් මේ නගරය පාලනය කරන්නේ ඒ නගරයේම මිනිසුන්ය. උසාවිල නඩු අහන්නේ නගරයේ කීර්තිමත් මිනිසුන්ය. ඔවුන්ට විභාග කිරීමට බැරි නඩු මෙක්සිකෝ නීතිපති වෙත හරවා යවයි. නගරයේ අවංක මිනිසුන් අතින් නගර සභාව පාලනය වේ. දැව ජාවාරම්කරුවන් අතින් විනාශ වී ගිය හෙක්ටයාර් 3000 ක වනුයේ ඔවුහු නැවත රුක් රෝපණය කරති. 

2010 අප්‍රේල් සිට මැයි දැක්වා ඝාතන 599 ක් සිදු වූ අතර ඔවුන් පාලනය බලය ලබාගත් 2011 වසරේ සිට 2015 දක්වා එකදු ඝාතනයක් හෝ වාර්තාවක් වී නැත. ඒ ඔවුන් නරගයෙන් පාතාල මැරයන් පන්නා දැමු බැවිනි. මෙක්සිකෝ රජය මේ වන විට චැරයන්හි ස්වාධින පාලනය පිළිගෙන අැත. අප මේ කියන්නේ දැන් මෙක්සිකේවේ චැරන් නගරය සුඛිත මුදිත බව නොෙව්.  තවමත් එහි දරිද්‍රතාව තිබේ. තවමත් පුංචි රංඩු සරුවල් තිබේ. එහෙත් කලින් පැවැතියාට වඩා එය දස දහස් ගුණයක් අගේනය. දේශපාලන පක්ෂ තහනම් කර අැති නිසා එහි මිනිසුන්ට බෙදෙන්න දෙයක් නැත. ඔවුහූ කතා බහ කරමින් එකිනෙකාට උදව් කරමින් සිය ජීවිත ගෙන යති. දැන් ඔවුන්ට මරණ තර්ජන නැත. අතපස අහිමිවීම නැත. ගැහැණුන් නිකරුණේ වැන්දඹුවන් නාෙවෙති. දැන් අැත්තේ නිදහසේ යමක් සොයාගෙන කා සතුටෙන් නින්දට වැටීමය.

2018.06.29.05

වඩාත් වැදගත් වන්නේ මෙක්සිකෝවේ චෙරන් යනු අද ලෝකයේ දේශපාලකයන් නැති එකම නරගයයි. මැතිවරණ නොමැති එකම නගරයයි.

දේශපාලන පක්ෂ පාට නැති එකම නගරයයි. කාෙටින්ම රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන දැති රෝදයක් වන පොලිසියක් නැති නගරයයි. ඔවුන් ඔප්පු කර අැත. තමන්ට දේශපාලකයන් නොමැතිව ජීවත් විය හැකි බව. නගරයට පොලිසියක් නැති වූවාට මිනිසුන් සාමකාමි නම් එකිනෙකාට ගරු කරන්නේ නම් නගරයකට පොලිසියෙන් අවශ්‍ය නැති බව.

උපාලි ජයසිංහ

(2018/06/26 රැස පුවත්පතෙන්)

jesustodaysl 2 වන වසර 17 වන සතිය 2018 ජූලි 01

 

Comments powered by CComment