මේ අනුව බයිබලීය ඉතිහාසය ඉතා නිවැරදිව බැලීමේදි අපට පෙනීයන්නේ වත්මන් පලස්තීනුවන් එම භූමියේ මෙන්ම ජෙරුසලමද මුල් පදිංචිකරුවන් වන බවයි. මෙම කානාහි ගෝත්‍ර ජුදා අාගමිකයින් බවට පත් නොවුනේ ජුදා අාගම ජුදා ජාතිය සමඟ අනන්‍ය වු නිසාය. කානාහිවරු ජුදා ජාතිකයින් නොවනු නිසාය. ඔව් හු වෙනම ජනතාවක් ලෙස පැවතුනි. ජුදා දහමින් බිඳි ක්‍රිස්තියානිය බිහි වූ පසු පලස්තීනුව්නගෙන් යම් කොටස් ක්‍රිස්තියානි දහම අදහා ගත් අතර පසුව වැඩි කොටසක් ඉස්ලාම් දහම අදහා ගත්තේය. වත්මන් පලස්තීන ජනතාවෙගෙන් 93% පමණ ඉස්ලාම් දහම අදහන අතර 06% ක් පමණ කිතුනුවෝ වෙති. 

පලස්තීනුවා යන යෙදුම පලස්තීනු ජාතිකයින් සම්බන්ධයෙන් යොදනවා සේම යම් අාකාරයක අවතැන් ස්වභාවයක් තැනක් ස්ථාවරයෙක් නැති ස්වභාවයක් ගන්නා අය සම්බන්ධයෙන්ද යොදනු ලබයි. ඊට හේතු වන්නේ ශත වර්ෂ ගණනාවක සිට පලස්තීනු ජාතිකයින් යනු රටක් නැති මිනිසුන් පිරිසක් බවට පත්ව සිටීමයි.

අදත් ලෝකයේ වැඩීම ප්‍රමාණයක් අවතැන්වූවන් බවට පත්ව සිටින්නේද පලස්තීනුවන්ය. පලස්තීනය තුළ අද ලක්ෂ 54 ක් (5,400,000) අවතැන් වූවන් සිටි.

පසුගියදා ඩොනල්ටඩ් ට්‍රම්ප් අැමරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සීලයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. ඔහුට අනුව ඊට ප්‍රධාන හේතුව වන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිශම දේශපාලනික පක්ෂග්‍රාහිත්වයෙන් යුතු අායතනයක් වීමයි. විශේෂයෙන් ඊශ්‍රායලයට සලකන අාකාරය වැරදි සහගත යැයි ට්‍රම්ප් කියා තිබුණි.

ජෙරුසලමට තම තානාපති කාර්යාලය ගෙනවිත් ට්‍රම්ප් අැවිලවූ ගින්න නිසා ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නව පරිච්ඡේජයක් අැරඹුණි. අැත්තෙන්ම වඩා පීඩිත බවට පත්ව සිට්න්නේ පලස්තීනයයි. මානව හිමිකම් බිමට සමතලා කොට පලස්තීනුවන්ගේ ගෙල සිදීම අැමරිකානු වුවමනාව බව පෙනේ. 2018/06/22 අද පුවත්පතට අවන්ත අටිගල නිමැවූ මේ කාටුනය වී අැත්ත හොඳින් පෙන්වා දෙයි.

2018.06.28.01

ශුද්ධ වු බයිබලය අනුව ගතහොත් ඊශ්‍රායල්වරුන්ට වඩා එෙතිහාසික උරුමයක් අැත්තේ පලස්තීනුවන්ටය. පලස්තීනුවන් යනු බයිබලයේ එන කානානි වරුන්ය. කානානි වරුන් ලෙස පොදුවේ හැඳින්වෙන ගෝත්‍රිකයින්ගෙන් පැවැති එන පිරිසකි. අාබ්‍රහම් පැ‍මිණෙන්නේ කානානිවරු සිටින දේශයටයි.

"මෙසේ අාබ්‍රම් සිය බිරිඳ වන සරාය ද තම සොහොයුරාගේ පුත්වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසි දසුන්ට රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි පදිංචි විය." (උප්පත්ති 12/5)

කානාන් දේශය යනු අද ඊශ්‍රායල හා පලස්තීනය ලෙස සැලකෙන භූමියට අාරම්භයේදි යෙදුනු නමයි. ජේසු තුමන්ගේ කාලයේදි එය පලස්තීනය ලෙස හැඳින්විණ.

ක්‍රි.පූ 2091 අාබ්‍රම් මෙම කානාන් දේශයට පැමිණනෙ විට මේ කානාන් දේශයේ සිටියෝ කව්රුහුද ?

"අාබ්‍රහම් ඒ් දේශය ඔස්සේ ගමන කර ෂෙකම් නගරයේ ශුද්ද භූමිය වන මොරෙහි අලොන් අරඹ දක්වා පැමිණියේය. එකල ඒ රටේ කානානි වරු සිටියෝය" (උප්පත්ති 12/7)

කානාතිවරු ලෙස හැඳින්වුනු ජනතාව ඒ අනුව ජුදාවරුන් තමන්ගේ දේශය යැයි කියන දේශයේ පළමු පදිංචිකරුවෝය. බයිබලීය ඉතිහාසය අනුව ඊජිප්තුවට ගොස් එහි වහල්භාවයට පත්වන්නේ අාබ්‍රහම්ගෙන් පැවැත අා ජුදා ජනතාවයි. ඔව් හු නැවත මෝසස්ගේ නායකත්වයෙන් අා පොරොන්දු දේශය යනු මේ කානාන් දේශයයි. මේ කානාන් දේශය යනු කිසිවෙක් නොසිටි හිස් දේශයක් නාෙවේ. ඒ වන විටත් එහි මුල් පදිංචි කරුවන් වූ කානාහිය ගෝත්‍රය එහි පදිංචිව සිටියෝය.

"මිසර ජාතින් අතින් ඔවුන් මුදා ඒ් රටින් ඔවුන් පිටකරවා සාරවත් විශාල දේශයකට එනම් කානාවරුන්ගේ හා හික්තිවරුන්ගෙන්ද, අාමාේරිවරුන්ගේ හා පෙරිසිවරුන්ලග් හිවිවරුන් හා ජෙබුසිවරුන්ගේද දේශයට ඔවුන් පමණුවාලීම සඳහා මම බැස අාමි" (නික්මයාම 3/8)

මෙහි සඳහන් වන විවිධ පිරිස් යනු එම දේශයේ පදිංචිව සිටි විවිධ ගෝත්‍රකයින්ය. ඔවුන්ව පොදුවේ කානාහිවරු ලෙසද හැඳින්වූ අතර ඔවුන්ගේ දේශය කානාන් දේශය විය. මේ බව ශුද්ධ වු බයිබලයේ තව බොහෝ තැන්වල සඳහන් වේ. (බලන්න නික්මයාම 3/17, නික්මයාම 13/5) මෙම භ‍ූමියට නම් ගණනාවක් භාවිතා වී අැත කානාන් දේශය, පොරොන්දු දේශය, පලස්තීනය, ඊශ්‍රායලය ඒ අතර වේ.

"ජෙරුසලම" පිළිබඳව කතාව ගැන බයිබලීය ඉතිහාසය ගත්තද ජෙරුසලමද පැහැදිලිව මෙම කානාහි ගෝත්‍රකයින්ගේ භූමියක් විය. ජෙරුසලම අසල පදිංචිව සිටි ගෝත්‍ර වූයේ ජේබුසිවරුන්ය. ජෙරුසලම දාවිත් රජ විසින් ක්‍රි.පූ 1011 දී අල්ලාගත්තේ එහි සිටි ජේබුසිවරු පළවා හරිමිනි. (එය සිදු වූ අාකාරය ශුද්ධ වු බයිබලයේ 2 සැමුවේල් 5/6-16 දක්වා දැක්වේ.)

"රජු (දාවිත්) ඔහුගේ සෙනඟද රටේ වැසියන් වූ ජේබුසිවරුන්ට විරුද්ධව ජෙරුසලමට ගියෝය. දාවිත් සියොන් බල කොටුව අල්ලා ගත්තේය. එය දාවිත්ගේ නුවර විය. මෙහිදි සියොන් යනු ජෙරුසලමට යෙදෙන තවත් නමකි. ජෙරුසලම අල්ලාගත් දාවිත් එය නරගයක් ලෙස ගොඩනැගු බව සැබෑය. ජුදාවරු ශූර ජාතියක් ලෙස ඔවුන් පදිංචි ප්‍රදේශය දියුණු කළෝය.

මේ අනුව බයිබලීය ඉතිහාසය ඉතා නිවැරදිව බැලීමේදි අපට පෙනීයන්නේ වත්මන් පලස්තීනුවන් එම භූමියේ මෙන්ම ජෙරුසලමද මුල් පදිංචිකරුවන් වන බවයි. මෙම කානාහි ගෝත්‍ර ජුදා අාගමිකයින් බවට පත් නොවුනේ ජුදා අාගම ජුදා ජාතිය සමඟ අනන්‍ය වු නිසාය. කානාහිවරු ජුදා ජාතිකයින් නොවනු නිසාය. ඔව් හු වෙනම ජනතාවක් ලෙස පැවතුනි. ජුදා දහමින් බිඳි ක්‍රිස්තියානිය බිහි වූ පසු පලස්තීනුව්නගෙන් යම් කොටස් ක්‍රිස්තියානි දහම අදහා ගත් අතර පසුව වැඩි කොටසක් ඉස්ලාම් දහම අදහා ගත්තේය. වත්මන් පලස්තීන ජනතාවෙගෙන් 93% පමණ ඉස්ලාම් දහම අදහන අතර 06% ක් පමණ කිතුනුවෝ වෙති. 

පලස්තීනුවන් සඳහා රටක් හිමි කරදීම ඉතාම යුක්ති සහගත දෙයකි. ඔවුන්ට නිශ්චිත රටක් මෙම භූමියෙන් වෙන් කර දිය යුතු බව සිතන ජුදාවරු දැනුදු ලොව පුරා සිටිති. විශේෂයෙන් වාමාවාදි ජුදාවරු ඒ අදහස දරති. හිට්ලර් ජුදා ජාතින් විනාශ කළා සේ ජුදාවරු විසින් පලස්තීනුවන් විනාශ කිරීම නොකල යුතු බවත් මේ සිදු කරන්නේ එවැන්නක් බවත් අවධාරණය කරන ජුදා බුද්ධිමතුන් සිටිති. පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීමට මඟ අැත්තේ ජුදා අන්ත ජාතිවාදින් පවසන මාවතේ නොවේ. මේ වාමවාදින් පවසන මාවතේය. කිතුනුවන් ලෙස පලස්තින ප්‍රශ්නයේදි ගත යුතු මඟ වන්නේ ඔවුන්ට රටක් ලබාදීමට සහය ඵල කිරීමයි.

jesustodaysl 2 වන වසර 17 වන සතිය 2018 ජූලි 01

 

 

Comments powered by CComment