සාමය අැති කරන්නෝ භාග්‍යවරයෝ යැයි ජේසු තුමන් කීවේ, ගැඹුරු අරුතකිනි. සාමය අැති කිරීම හුදකලා දෙයක් නොවේ. ඊට යුක්තියට සාපිපාසයද අවශ්‍යය. මේ නායකයින් දෙදෙනා තුළ එය තිබෙන බව අපි තවම දැක නැත. එහෙයින් ඔවුන්ගේ සාමය සැබෑ සාමයක් යැයි සිතීම උගටහ ය.

න්‍යෂ්ටික යුද්ධයක අඳුරු සෙවනැලි ලෝකයා පා මුලට කැඳවාගෙන අා අැමරිකානු ජනපති ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් එ් වලාකුළු අෑතට පා කර හරින හමුවක් ජූනි 12 සිංගප්පූරුවේදි පැවැත්වීම එෙතිහාසික සිදුවීමකි.

එය කොයි අතින් බැලුවත් සුබවාදි සිදුවීමකි. එහෙත් ජූනි 12 අැත්තටම ලෝක ඉතිහාසයට වටිනා දිනයක් බවට පත් කිරීමේ අැත්ත වුවමනාවක් මේ නායකයින් දේපලට තිබේද ? යන ප්‍රශ්නය බොහෝ දෙනා තුළ අැත.

එය සාධාරණ ප්‍රශ්නයක් වන්නේ මේ දෙදෙනාගේ විශේෂයෙන් ට්‍රම්ප්ගේ අනිකුත් කෙරුවාවල් නිසාය. ලෝක සාමය උදෙසා ගත් ක්‍රියාමාර්ගයකට වඩා තම තමන්ගේ පැවැත්ම හා භූ දේශපාලන වුවමනා නිසා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම හමුවීම හඳුනාගැනිම තමයි සත්‍යයට වඩා සමීප.

දිගු කලක් පුරා තිබෙන සම්බාධක උතුරු කොරියාවේ පැවැත්මට තද බල ලෙස බලපෑ තිබෙන අතරම කොරියානු අර්ධ ද්විපය තුළ තමන්ට සුරක්ෂිතභාවයක් සහිතව සිටිය හැකි වීම අැමරිකාවට තද බල අවශ්‍යතාවයකි.

මේ දේශපාලනික තත්වයන්ට ඔබ්බෙන් වන අාර්ථික කාරණයක්ද මේ සඳහා බලපා තිබේ. ගෝලීය වෙළඳ පළ ක්‍රමයට ලෝකය තුළ න්‍යෂ්ටික යුද්ධයක් අැති වීම මාරාන්තික එකකි. සිංගප්පූරුව මේ හමුවේ අතරමැදි රට වීම අහම්බයක් නොවේ. එය තනිකරම වෙළඳාම මුල්කරගත් රාජ්‍යයකි. මෙම හමුව තුළ පවා තම රට මාර්කට් කර ගැනීමට සිංගප්පූරුව සමත් විය.

වර්ථමානය වන විට සෑම රටකටම වැඩි බලපෑමක් කරන අායතන වන්නේ වෙළඳ පොළ නම් බලගතු අායතනයයි. ලෝක ජනමතය තඹ දොයිතුවකට ගණන් නොගෙන හිතුවක්කාරි ක්‍රියා කරන ට්‍රම්ප් හා කිම් මෙසේ හමුවන්නේ ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත බව හඳුනාගන්න පුළුවන් විය යුතුය.

සාමය අැති කරන්නෝ භාග්‍යවරයෝ යැයි ජේසු තුමන් කීවේ, ගැඹුරු අරුතකිනි. සාමය අැති කිරීම හුදකලා දෙයක් නොවේ. ඊට යුක්තියට සාපිපාසයද අවශ්‍යය. මේ නායකයින් දෙදෙනා තුළ එය තිබෙන බව අපි තවම දැක නැත. එහෙයින් ඔවුන්ගේ සාමය සැබෑ සාමයක් යැයි සිතීම උගටහ ය.

jesustodaysl 2 වන වසර 16 වන සතිය 2018 ජූනි 24

Comments powered by CComment