ස්වර්ගයේ යතුර මහා ධීවරයා වන ශුද්ධ වු පේදුරු තුමන් ළඟ තිබෙන බව විශ්වාස කරන කිතුනුවෝ මේ ලෝකය තුල අද දවසේ පේදුරුලා අපාගතවී සිටින විට සිදු කරන්නේ කුමක්දැයි සිතා බැලීය යුතුය.

පොඩි බෝට්ටු ධීවරයින්ගේ රැකියාව මුළු මනින්ම භූමිතෙල් මත පවතින්නකි. පොඩි බෝට්ටුවල ඉන්ධන ලෙස ඔව් හූ යොදාගන්නේ භූමිතෙල්ය. භූමිතෙල් මිල ඉහලයාමත් සමඟම රට පුරා ධීවරයෝ පසුගිය සතියේදි උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක් වී සිටියේ භූමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලමිනි.

මීගමුවේ ධීවරයෝද 11 වනදා කොලඹ, මීගමු ප්‍රධාන පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත විය.

"භූමිතෙල් මිල අඩු කරන්නේ ධීවර ජීවිත බිලිගෙනද? එ්කටද යහපාලනය කියන්නේ ?"

මීගමු ධීවරයින්ගේ උද්ඝෝෂනයේ ප්‍රධාන බැනරයේ දිස්වූයේ එයයි.

 2018.06.17.01

මේ අකර එදිනම උතුරේ යාපනයේ ධීවරයෝද විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එයට හේතුව වූයේ තෙල් මිල නාෙවේ. දිගින් දිගටම විසඳුමක් නොලැබෙන පිට ප්‍රදේශවලින් පැමිණ යාපනය අවට ධීවර රැකියාවේ නිරත වන සංචාරක ධිවරයින් පිළිබඳ ගැටළුවයි.

පිටතින් පැමිණෙන පිරිස් අනවසර මසුන් අැල්ලීමේ කටයුතු වල යෙදෙන අතරම දෙමළ ධීවර ජනයාට රැකියාව කිරීමට විවිධ බාධාවන්ද සිදු කිරීම මේ විරෝධතාවයට හේතුවයි.

උතුරේත් දකුණේත් රට පුරාවත් ධීවරයින් විවිධ ගැටළු වලට මුහුණ පා සිටින්නේ තම එදිනෙදා භෝජනය සපයා ගැනීමට අැති ජීවනෝපය කර ගැනීමට නොහැකි වීමෙන්ය. 

ධීවර ජන සටහනට ඒ සෑම උපකාර කිරීම පේදුරු උන්නාන්සේට කෙරන ගෞරවයයි.

2018.06.15.02

දකුණේ ධීවරයින්ට උතුරට ගොස් එහි ධීවරයින්ට බාධා නොකරන අාධ්‍යාත්මයක් ගොඩනැගීමට නොහැකිවීමෙන් පෙනී යන්නේ ධීවරයාගේ අාගම් භක්තියට නිසි අරුතක් දීමට නොහැකි වී තිබීම බව පිළිගත යුතුව අැත. 

විශේෂයෙන් ධීවර ජනයා බහුතරයක් සිටින කිතුනු සභාවන්ට උතුරේ හා දකුණේ ධීවර ජනතා ප්‍රශ්න සඳහා සාමුහිකව විසඳුම් සෙවීමේ ක්‍රියාමාර්ගයකට කැඳවීමක් අැත. එහෙත් ඒ් කැඳවීමට ඉටු කිරීමට අපොසත් වී අැති බව පශ්චාත්තායික සිිතින් පිළිගත යුතුය. ඉන් නොනැවති දැන්වත් ඊට පෙරමුණ ගැනීමට සභා නායකයින් ක්‍රියා කළ යුතුය. ඔවුන් ක්‍රියා කරන්නේ නැත්නම් ජනතාව ක්‍රියා කල යුතුය.

jesustodaysl 2 වන වසර 15 වන සතිය 2018 ජූනි 17

Comments powered by CComment