මැද පෙරදිග කලාපයේ නොනිවෙන ගින් දැල තම හදවත දල්වාලන බව පැවසු එතුමා සංවාදය හා සාකච්ඡාව ගිනි දැල්වීමට වඩා නොවටින්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියහ.

ලෝක වාසි ඉස්ලාම් බැතිමතුන් පසුගිය සතියේ රාමසාන් උපවාස කාලය අාරම්භ කළ අතර ප්‍රැන්සිස් පාප් තුමන් ඔවුන් වෙත තම සුභ පැතුම්  එක් කළෝය. ලොව පුරා බටහිර විසින් සැලසුම් සහගතව ව්‍යාප්ත කරන මුස්ලිම් විරෝධි අදහස් ඉදිරියේ අභීතව සිය මතය පළ කරන සුදතුම් පියතුමා අැමරිකාව හා ඊශ්‍රායලය එකතුව "ජෙරුසලම" මුල් කරගෙන අවුළුවාලු නොසන්සුන්කාරි බව හමුවේ අැති වු පහරදිම් වලින් මිය ගිය පලස්තීන ජනයා ගැන ශෝකය ප්‍රකාශ කළේය.

මැද පෙරදිග කලාපයේ නොනිවෙන ගින් දැල තම හදවත දල්වාලන බව පැවසු එතුමා සංවාදය හා සාකච්ඡාව ගිනි දැල්වීමට වඩා නොවටින්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියහ. ප්‍රහාර නිසා මිය ගිය හා තුවාල ලැබුවන් නිසා තම හදවත දැඩි කම්පාවට පත්ව අැති බවත් තමන් ඔවුන් උදෙසා යාච්ඥා කරන බවත් වැඩි දුරටත් එතුමෝ පවසා සිටියහ.

ප්‍රචණ්ඩත්වය කිසිසේත් සාමයට මඟ නොවන බව නැවත නැවතත් සිහිපත් කරන බව පැවසු එතුමා "සැබෑ එක්සත් බව" අපගේ ඉලක්කය කර ගනිමුයි අාරාධනා කළෝය. එක්සත්කම දෙයාකාර වේ. එනම් සැබෑ එක්සත්කම හා බොරු එක්සත්කමයි. බොරු එක්සත්කම නිසා මිනිසා වඩ වඩා බෙදියන බව එතුමා පෙන්වා දුන්න.

jesustodaysl 2 වන වසර 12 වන සතිය 2018 මැයි 27

Comments powered by CComment