ජෙරුසලම නැවත නැවතත් ජනතා රුධිරය හෙලීමට හේතුවක් බවට පත්ව අැත්තේ බලවතුන්ගේ බල දේශපාලනය හේතුවෙනි.

ඩොනල්ඩ් ට්‍රිම්ප් දෙවියන්ගේ බලය ගැන කියු කථාවක් ලංකාවේ කතෝලික පුවත්පත වූ ඥානාර්ථ ප්‍රදීපය මුල් පිටුවට යොදාගන්නේ ඩොනල්ඩ් ට්‍රිම්ප් වතිකානුවේද විරෝධය නොතකා අැමරිකානු තානාපති කාර්යාලය දකුණු ජෙරුලමේ විවෘත කරන වටපිටාවකය. ' කිතුනුකම ' හා ' කිතුනු නම ' අතර වෙනස නොදන්නා කිතුනු (?) ලේඛකයෝ සාතන් වූවද දෙවියන්ව පාවිච්චි කරන්නේ නම් සාතන්වද වදින්නට තරම් අන්ධභාවයට පත්ව තිබීම ඛේදවාචකයකි.

පසුගිය දෙසැම්බර්යේදී ඩොනල්ඩ් ට්‍රිම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නවා යැයි කීම, ලෝක සම්මුතින්ට පටහැනි බව එක්සත් ජාතින් මෙන්ම වතිකානුවද අැතුළු බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියහ. එහෙත් ට්‍රම්ප් තම ප්‍රකාශය අනුව යමින් ටෙල් අවිව් හි තිබු තම තානාපති කාර්යාලය ඉන් ඉවත් කර ජෙරුසලමට ගෙනාවේය. ඊට පලස්තීනුවන්ගෙන් එල්ල වූ විරෝධතාවයට ඊශ්‍රාලය දැවැන්ත මෘග ප්‍රහාරයකින් පිළිතුරු දුන්නේ ළමුන් 20 ක් අැතුළු පනස් දෙනෙකු මරා දමා 3000 ක් පමණ තුවාල සිදු කරමිනි.

ජෙරුසලම නැවත නැවතත් ජනතා රුධිරය හෙලීමට හේතුවක් බවට පත්ව අැත්තේ බලවතුන්ගේ බල දේශපාලනය හේතුවෙනි. ජෙරුසලම ඊශ්‍රායලය මෙන්ම පලස්තීනයද තම අගනුවර ලෙස සැලකීම නිසාත් එ් පිළිබඳ එක්සත් ජාතින් යෝජනා කර අැති විසඳුම පිළිගැනීමට කැමැත්තක් විශේෂයෙන් ඊශ්‍රායලය පෙන්වන්නේ නැති නිසාත් ගැටුම් නිමාවට පත්වෙන්නේ නෑ. 200 000 ක පමණ හමුදා බලයක් අැති අැමරිකන් සහයද අැති ඊශ්‍රායල ඉදිරියේ 6000 ක පමණ හමුදා බලයක් අැති පලස්තීනය ඉතා දුර්වල තත්වයක සිටි. නමුත් අසාධාරණයට ලක්වන්නේ පලස්තීනයයි. දෙවියන් සිටින්නේ දුබලයාගේ පැත්තේ බැවින් කිතුනුවන්ට පලස්තීනය පැත්තේ සිට ගැනීමට සිදු වේ. 

jesustodaysl 2 වන වසර 12 වන සතිය 2018 මැයි 27

Comments powered by CComment