වසර විසි හයකට පසු ඉරණතීව් දේවස්ථානය පසුගිය 23 වැනි දින ජනතාවගෙන් පිරි ඉතිරි ගිය පසු මේ ළතෝනීය අැසිණි. එක් මුවෙකින් නොවේ. සිය ගණනකගේ මුවින් බොහෝ වේලාවක් එ් හඬ නැගුණි.

"අාඬවනේ.... අපේ ඉඩම් අපිට දෙන්න දෙවි ස්වාමිනේ..."

2018.04.26.17

මේ ළතෝනීය අැසුණේ ඉරණතීව් ජපමාල දේව මාතා දේවස්ථානයේදීය.

වසර විසි හයකට පසු ඉරණතීව් දේවස්ථානය පසුගිය 23 වැනි දින ජනතාවගෙන් පිරි ඉතිරි ගිය පසු මේ ළතෝනීය අැසිණි. එක් මුවෙකින් නොවේ. සිය ගණනකගේ මුවින් බොහෝ වේලාවක් එ් හඬ නැගුණි.

දේවස්ථානයේ බිම වැටී වැළපුණු ජනතාව නැවත දූපත අත නොහැර යන බවටද, මෙහිදි දෙවියන් ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. ඉන් පිළිබිඹු වූයේ, කවර බලයකට හෝ යටපත් කළ නොහැකි තරම් දැඩි වූ ඔවුන්ගේ අාත්ම විශ්වාසයයි. සාමුහික අධිෂ්ඨානයයි.

"ඉරණතීව්" යනු දූපතකි. එය පිහිටා අැත්තේ උතුරැ පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් මුහුදු තීරයේය. වර්ග කිලෝමීටර් හයකින් සමන්විත මේ දූපත සෑදී අැත්තේ දූපත් දෙකක් එකිනෙක සම්බන්ධ වීමෙනි. එයින් ලොකු දූපත "පෙරිය ඉරණතීව්" නමිනුත් කුඩා දූපත හා සින්න ඉරණතිව් නමිනුත් හැඳින්වෙයි.

දීර්ඝ ඉතිහාසයකට උරුම කම් කියන ඉරණතීව් ජනාවාස වී අැත්තේ මීට ශතවර්ෂ හතරකට පෙරදීය. මේ වන විට මේ දූපතේ එතරම් ඉතිහාසයකට සාක්ෂි ඉතිරි වී නැතත්, නොමැති වූවත් 1886 මෙහි ඉදි කර තිබෙන, දැනටත් විරාජමානව නැගී සිටින අරුම පුදුම කුලුන (මෙය ඔරලෝසු කණුවක් යැයිද පැවසේ) ඉරණතීව් ඉතිහාසය පිළිබඳ සංකේතයකි.

දූපත් හැර යෑම

මෙහි ජීවත්වුණු ජනතාවට මේ දූපත අහිමි වන්නේ 1992 වර්ෂයේදීය. එ් එවකට පැවැති යුද්ධය හේතුවෙනි. ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දූපතේ වාසයට පැමිණිමත් සමග එවකට මෙහි ජීවත් වු ජනතාවට දූපත අතහැර යෑමට සිදු වන අතර එතැන් සිට පසුගිය විසිතුන් වැනිදා දක්වා අවතැන් කඳවුරු බොහෝ ගණනක ජීවත් වීමට ඔවුන්ට සිදු විය. අවසන් වරට මේ ජනතාව ජීවත් වූයේ ඉරණමාතා ගම්මානයේය.

යුද්ධය නිමා වී දින සති ගෙවී යද්දී අද හෝ හෙට තම බිමේ අයිතිය තමනට ලැබෙනු අැති බවට මේ ජනතාව බලාපොරොත්තු වූවත් එය එසේ නොවිණි. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වටා පෙළ ගැසුණු, රට පුරා අයුත්කියෙන් හා අසාධාරණයෙන් බැට කෑ ජනතාව අතරට ඔවුන්ද එක් වූයේ අහිමි වී ගිය යුක්තිය අපේක්ෂාවෙනි. ඔවුන්ට එ් පිළිබඳ පැහැදිලි පොරොන්දුවක් ලැබී තිබිණි. එහෙත් අාණ්ඩු පෙරළියෙන් පසුවත් ඔවුන්ට තව බොහෝ කල් බලා සිටීමට සිදු විය. බැරිම තැන ඔවුහු නැවත උද්ඝෝෂණ මගට එළැඹුණහ. ඔවුහු කොළඹටද පැමිණ දැවැන්ත උද්ඝෝෂයක් පැවැත්වුහ. ජනාධිපතිවරයා වෙත ගොස් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. ඉන් පසුව "උරුමය යළි ලැබෙන තුරු නොනැගිටින්නෙමු" යි අධිෂ්ඨානයෙන් ඉරණමාතා ගම්මානයේදී අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අැරඹුහ.

මේ දූපතේ පදිංචිව සිටි බහුතරයකගේ රැකියාව ධීවර කර්මාන්තයයි. මේ හේතුවෙන් මේ ජනතාවට නායකත්වය ලබා දීමට ජාතික ධීවර සහයෝගීතාවය අැතුළු සංවිධාන කීපයක් ඉදිරිපත් විණි. එ් අනුව මේ ජනතාවට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නැවත ලබා දෙන ලෙස රජයේ වගකිව යුත්තන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියද එම ඉල්ලීම් ඉටු වූයේ නැත.

පසුගිය වසරේ මැයි මස පළමු දින අාරම්භ කෙරුණු අඛණ්ඩ සත්‍යග්‍රහය වසරකට අාසන්න කාලයක් අත නොහැර පවත්වාගෙන යෑම පිළිබිඹු කළේ ඔවුන්ගේ දැඩි අධිෂ්ඨානයයි.

111 වන දවස

මේ විරෝධතාවයේ 111 වන දවසේදී මේ ජනතාවගේ හඬට කන් දීමට ජයසිරි ජයසේකර යන මාධ්‍යවේදීහුද එ් ගමනට සහභාගී වූහ. 

සෙබමාලෙයි ඉසෙකියේල් (1986)  

දූපතේ පැරණිම සාමාජිකයා වෙයි. ඔහු සිය ගැඹුරු කටහඬින් අප හමුවේ මවා පෙන්වූයේ, බලහත්කාරයෙන් උඳුරාගෙන ඔවුන්ට අහිමි කළ ජීවිතයේ තතුය.       

"මම තමයි මේ ඉන්න අයගෙන් දූපතේ හිටපු පැරණිම පදිංචිකාරයා. මම ඉපදුණෙත් එහේ, කොයිතරම් ලස්සන ජීවිතයක්ද අපට තිබුණේ ? හොඳ සරැවට රස්සාව තිබුණා. අපේ ඉඩකඩං තිබුණා. හරක්, එළුවෝ හිටියා. අපි ඔක්කෝම එකා වගේ සමාදානෙන් ජීවත් වුණා. අපේ ජීවිත කාලේ කිසිදාක පොලිසී ගාණේ, උසාවි ගාණේ ගියේ නෑ. ප්‍රශ්නක් වුණාම ගමේ වැඩිහිටියෝ එකතු වෙලා කතාබස් කරලා විසඳගත්තා. මිනිහෙක් වරදක් කළොත් අවවාද කරලා හදාගත්තා. දූපතේ හිටපු අපි කව්රැත් කතෝලිකයෝ. කොයි දේටත් අපට අපේ පල්ලිය තිබුණා. දැන් අපට අපේ දූපතට පයගහන්න දෙන්නේ නෑ. පල්ලියට යා ගන්න හැටියක් නෑ. මේ මොන ජීවිතයක්ද ? වෙන මොනවත් එපා, අපේ ඉඩකඩං අපට දෙන්න. ඉපදිච්ච දූපතේ අපට සමාදානෙන් මැරෙන්ඩ දෙන්න. එච්චරයි අපි කියන්නේ"

කීනා එලිසබෙත් (1954) 

දූපතේ ඉපදුණු දරුවන් බොහෝ ගණනකට වින්නඹු මාතාව වූ, පවුල් සෞඛ්‍ය හෙදියකි. අැය මෙසේ පැවසුවාය.

"ඉන්දියානු හමුදාව හිටපු කාලෙත් අපි දූපතේ හිටියා. 92 අවුරුද්දේ මුහුදේ ගැටුම් වැඩිවෙන කොට නේවි එක අපට කිව්වා අාරක්ෂාවට ගොඩබිමට යන්න කියලා. මිසක් කවුරුත් අපට දූපත තහනම් කළේ නෑ. ගෑනු අය, ළමයි ගොඩබිම ඉද්දි පිරිමි අය දූපතේ රස්සාව කළා. 2008 වෙනකල් ම අපි එ් විදිහට දූපතට අාවා ගියා. යුද්දේ අවසාන කාලේ අපිට එක එක කඳවුරුවල ඉන්න වුණා. එ් තැන්වලත් අපේ ගමේ අය එකටමයි හිටියේ. යුද්දේ ඉවරවෙලා 2008 එකොළොස්වෙනි මාසේ අපි අාපහු අාවට පස්සේ. අපට දූපතට යන්න දුන්නේ නෑ. අපි අහන්නේ, කොහොමද එහෙම වුණේ ? යුද්ද කාලේ නැති ප්‍රශ්නයක් දැන් තියෙන්නේ කොහොමද ? අැයි අපේ දේපළ මේ විදියට උඳුරගන්නේ"

ජනාධිපති පොරොන්දුව 

එස්. වේදනායගන් (1957)

සත්‍යග්‍රහයේ යෙදී සිටිමින් එදා අප හමුවේ මෙසේ පැවසුවේය.

"1992 දී අපි දූපතෙන් අාවේ පවුල් 193යි. දැන් පවුල් 400 ක් ඉන්නවා. දූපතෙන් අාවට පස්සේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දූපතේ ඉඳල රස්සාවේ යන කොට තෙල් වියදම අඩුයි. ගොඩබිම ඉඳලා යන්න විශාල වියදමක් යනවා. අනික, එහේ ඉද්දී ගෑනු අය, ළමයි, එ් ඔක්කෝම ධීවර වැඩ වලට සම්බන්ධ වුණා. දැන් පිරිමි අය විතරයි රස්සාවේ යන්නේ. අපේ අය පරම්පරා ගණන්, ඔිලන්ද කාලේ ඉඳලම දූපතේ ජීවත් වුණා. අපිට ඔප්පු තිරප්පු තියෙනවා. යුද්දේ ඉවර වුණ ගමන් අපේ පුරුදු ජීවිතේට යන්න අපි බලාගෙන හිටියා. ජනාධිපතිතුමා ඡන්දේදී පොරොන්දු වුණා අපට ඉඩම් අාපහු දෙන්න. එ්ත් අපි තවම බලා ඉන්නවා. අපි කොළඹ ගිහිල්ලත් උද්ඝෝෂණ කළා. අපේ ඉඩම් අාපහු දෙනතුරු සත්‍යග්‍රහ කරනවා."

වසරකට අාසන්න කාලයක් පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් වූයේ කතෝලික අාගමික වතාවන් සිදු කිරීමෙනි. මෙහිදි අාගමික නායකයන් හා එක්ව ඉතා සාමකාමිව තම අරමුණ කරා යාමට මේ ජනතාව පෙළ ගැසිණි.

ඉරණමාතා සිට ඉරණතිව් දූපතට අැති දුර මුහුදු සැතපුම් දොළහකි. මේ ගමනට හාරසියයකට අාසන්න පිරිසක් සූදානම්ව සිටි අතර එහෙත් එ් මුළු පිරිසටම මේ ගමනට එක් වීමට නොහැකි විණි. එ් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා පොලිසියේ නිලධාරින් පැමිණ ජීවිත අාරක්ෂක කාබා නොමැතිව හා එක් යාත්‍රාවකට හතකට වඩා නොයන ලෙස ජනතාවට ලබා දුන් උපදෙස හේතුවෙනි. අවසානයේ තුන්සිය පනහකට අාසන්න පිරිසක් බෝට්ටු හතළිහකට අාසන්න ප්‍රමාණයක නැග දූපතට ළගා වූහ. පැයකකට අාසන්න මුහුදු ගමනකින් පසු මේ ජනතාව දූපතට ළගා වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව දූපතේ අාරක්ෂාව සඳහා යොදාවා තිබු යාත්‍රා ජනතාව මග හැර යන අයුරු දැක ගන්නට ලැබිණි. එ් අනුව දූපතට අැතුළුවීමේ එකම බාධාවද ඉවත් වු අතර අාගමික නායකයන් පෙරටු කරගනිමින් ඔවුහු දූපතට අැතුළු වූහ.

දූපතට අැතුළුවන ස්ථානයේම භුමියේ සිමන්තියෙන් සෑදු පුවරුවකි. මෙහි ඉරණතීව් යන්න ඉංග්‍රිසියෙන් ලියා තිබිණි. දූපතට අැතුළු වු ජනතාවගේ පලමු කාර්ය වූයේ දෙවියන්ට ස්තුති කිරිමයි. එ් අතර ඉරණතිව් ජපමාල මාතා දේවස්ථානයේ ඝණ්ටාරය විනාඩි පහකට අාසන්න කාලයක් නොනවත්වා නාද වූ අතර දේවස්ථානයේ රැස්වූවන්ගේ ස්තූතිය හා දේව කන්නලව්ව මුහුදු සැතපුම් ගණනක් දුරට අැසෙන්නට අැතැයි සිතේ. මොවුන්ගේ කන්නලව්වේ ගැබ්ව තිබුණේ තමනට අයත් දේ තමනට ලැබිය යුතුය යන්නයි.

නාවික හමුදාව

ජනතාව දූපතට අැතුළුව විනාඩි කීපයක් ගත වු තැන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිහූ පිරිසක් එහි පැමිණියෝය. මෙහිදි ජනතාව දූපතට පැමිණි කාරණය විමසා සිටි නාවික හමුදා නිලධාරින් ප්‍රකාශ කළේ මෙහි අැති දේවස්ථානය පිළිසකර කිරීමද මේ වන විට අාරම්භ කර අැති බවයි.

මෙහිදි කතෝලික පියතුමන්ලා මෙන්ම ජනතාවද නාවික හමුදා නිලධාරිනට කියා සිටියේ ජනතාවට නැති දේවස්ථානයක් පිළිසකර කිරිම පලක නොමැති ක්‍රියාවක් බවයි. මේ දූපතේ ජීවත් විමේ අයිතිය ලැබුණු පසු එක් දේවස්ථානයක් නොව දේවස්ථාන දහයක් වූවද තම වියදමෙන් සාදා ගැනීමට හැකි බවයි. තමනට වගකිව යුතු නිලධාරියෙකු ගෙන්වා දෙන ලෙස ඔවුන් මෙහිදි නාවික හමුදාවෙන් ඉල්ලා සිටියත් එය තමනට කළ නොහැකි බව නාවික හමුදාව මෙහිදි පැවසිය. මාධ්‍ය හමුවේ කිසිවක් පැවසිමද එහි සිටි නිලධාරිහ්‍ර ප්‍රතික්ෂේප කළහ.

දින දෙක

මේ වන විට දූපතට වූ සියයකට අාසන්න පිරිසක් දූපතේ රැඳී සිටින අතර ඔවුනට අවශ්‍ය අාහාර හා අනෙකුත් පහසුකම් සැපයීමට අනෙක් ජනතාව කටයුතු කරයි. මේ වන විට කතොලික දේවස්ථානයේ රැඳී සිටින මේ ජනතාවට ඊළගට තමන් කළ යුත්තේ කුමක්දැයි ස්ථීර අදහසක් නොමැත. එහෙත් එක් දෙයක් පැහැදිලිය. ඔවුන්ගේ උවමනාව තම පාරම්පරික උරුමය අැති දූපතේ, තමන්ගේ ගේ දොර තිබුණු තැන්වල යළි ගෙවල්දොරවල් හදාගෙන, ධීවර රැකියාවේ නිරත වෙමින් සාමකාමිව දිවි ගෙවීමය. ඔවුන් දැන් එ් ගමනේ ඉතා තීරණාත්මක පියවරක් තබා තිබේ. ටී. එන්. එ්. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් පමණක් මේ වන විට මේ දූපතට ගොස් ජනතාවගේ සැප දුක් විමසා අවශ්‍ය කටයුතු ඉටු කරන බවට පොරොන්දුවක් ලබා දී තිබේ.

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රසාද් පූර්ණමාල් ජයාමාන්න - (රැස පත්තරෙයන් උපුටා ගන්නා ලදී.)

jesustodaysl 2 වන වසර 8 වන සතිය 2018 අප්‍රේල් 29

 

 

Comments powered by CComment