අසන්නාට අැසෙන ප්‍රමාණයට පමණක් ධර්ම දේශනා කළ යුතු බව බුද්ධ දේශනාවේද සඳහන් වන අතර ජේසු තුමන් පවසා අැත්තේද දෙවිඳුන්ට රහසින් කියන යැදුම අැසෙන බවයි. අාගමික උත්සව වලදි පවා අාගමික ස්ථානයට රැස්ව සිටින පිරිසට පමණක් අැසෙන සේ එ් ශබ්ද විකාශන භාවිතා කිරීම නියම අාගමික, ධාර්මික ප්‍රතිපදාව බව අප පිළිගත යුතුය.

ශ්‍රී ලංකාව පුරා අාගමේ නාමයෙන් සිදුවන ශබ්ද දූෂණය වසංගතයක් වී තිබේ. එසේ පැවසීම පවා අාගම් දෝහියෙකු වීමට හේතු වන තරමට ඊනියා බැති මතුන්ද එ් ශබ්ද දූෂණය අාගමික එකක් ලෙස අදහති.

එහෙත් සත්‍ය වන්නේ අාගමික සිද්ධස්ථානයෙන් පිටතට අැසෙන සේ ශබ්දවාහිනි මගින් කෙරෙන අාගමික ප්‍රචාරණයන් අධාර්මික වන බවයි. අාගමික ශබ්ද දූෂණය පිළිබඳ ගැඹුරු සිතා බැලීමකට අාරාධනා කරන තීන්දුවක් යාපනය මහාධිකරණ විනිසුරු කේ. ඉලන්චේරියන් පසුගියදා ලබා දී තිබුණි.

එනම් යාපනයේ නායන්මාර්න්ඩු කෝවිලේ පූජාවන් මහා ශබ්දයකින් කිරීම සිදු නොකල යුතු බවට තීන්දුවක් ලබා දීමයි. මෙම තීන්දුව දීමට පෙර විසිනුරුවරයා පූසාරිතුමන්ගෙන් විමසා තිබුණේ " මහා හඬින් පූජාව පවත්වන්නේ අැයිද " යන්නයි. පූසාරිතුමන්ගේ පිළිතුර වී තිබුණේ එසේ කිරිමෙන් දෙවියන්ට පූජාව ඉතා හොඳින් අැසෙන බවයි.

විනිසුරුවරයා පිළිතුරු ලෙස පවසා තිබුණේ "දෙවියන් මිනිසුන්ට වඩා බලවත් බැවින් මිනිසුන්ගේ හඬ අැසීමට අධික ශබ්ද දෙවියන්ට අනවශ්‍ය බවයි. භක්තිමත්ව පූජාව පැවැත්වීම පමණක් දෙවියන්ට සෑහෙන බවයි"

මීට පෙර පිටිදූවේ සිරිධම්ම හිමියාණන්ගේ පන්සලට අදාලවද මෙවැනි තීන්දුවක් දී තිබුණි. එ් වගේම මෑතකදි පන්සලක ශබ්දය අධික බවට කළ පැමිණිල්ලක පැමිණිලිකරුට එරෙහිව ගම්මුන් උද්ඝෝෂණය කරනු පුවත්පත් වාර්තා කර තිබුණි.

අැත්තටම කෝවිල්, මුස්ලිම් පල්ලී, කතෝලික පල්ලී, පන්සල් පමණක් නොව තැන තැන ඉදිකොට අැති පිළිම හා සුරුවම් අාශ්‍රීතව උදේ හා සවස, ගීතිකා, යාච්ඥා, බණ ගාථා, ශබ්දවාහිනි මගින් ප්‍රචාරය කිරීම ජන මනසට ශාන්තියක් නොවේ. එය දැන් අාගමික තරඟයක් වී තිබේ. එමගින් ධාර්මික බව දූෂණය වෙමින් තිබේ.

කොළඹ රදගුරු තුමන් දෙව් මැදුරු වලින් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ගමටම අැසෙන සේ යාච්ඥ ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටියද එය ක්‍රියාත්මක නොවන බව පෙනේ. එය තම පූජකතුමන්ලා මගින් නිසි පරිදි ක්‍රියාවට නංවා අාදර්ශයක් ලබා දිය හැකි නම් ඉතා වැදගත්ය.

අසන්නාට අැසෙන ප්‍රමාණයට පමණක් ධර්ම දේශනා කළ යුතු බව බුද්ධ දේශනාවේද සඳහන් වන අතර ජේසු තුමන් පවසා අැත්තේද දෙවිඳුන්ට රහසින් කියන යැදුම අැසෙන බවයි. අාගමික උත්සව වලදි පවා අාගමික ස්ථානයට රැස්ව සිටින පිරිසට පමණක් අැසෙන සේ එ් ශබ්ද විකාශන භාවිතා කිරීම නියම අාගමික, ධාර්මික ප්‍රතිපදාව බව අප පිළිගත යුතුය.

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

Comments powered by CComment