'' අපි අපගේ පියාණන්ට ‘ඩැඩි’ කියා ඇමතීමට තරම් සමීප හා නිහතමානි වෙමු. තමන්ගේ පියාට ඔබ වහන්සේ ලෙස ඇමතීම මගින් පියා හා දරුවන් අතර දුරස්ථීර බවක් ඇති වේ.''

 ශී‍්‍ර ලංකාවේද දේව වන්දනා බලධාරින් නොසතුටට පත්වන අදහස් දැක්වීමක් පසුගියදා ප්‍රැන්සිස් පාප්තුමන් විසින් කරනු ලැබ තිබුණි.

'' අපි අපගේ පියාණන්ට ‘ඩැඩි’ කියා ඇමතීමට තරම් සමීප හා නිහතමානි වෙමු. තමන්ගේ පියාට ඔබ වහන්සේ ලෙස ඇමතීම මගින් පියා හා දරුවන් අතර දුරස්ථීර බවක් ඇති වේ.'' 

”ප්‍රැන්සිස් සුදතුම් පියාණන් මෙම අදහස් දක්වා ඇත්තේ එතුමාණන්ගේ ධුරයේ වසර පහක් පිරීම නිමිත්තනේ ප්‍රකාශයට පත් කර ඇති, "Our Father Reflections on the Lord's Prayer නම් කෘතිය තුළයි.

උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

”දෙවි පියාණන් අප සමඟ එක්ව ගමන් කරන, අපට සමාව දෙන අපගේ කුසගින්න නිවන, අපගේ ඉල්ලීම් වලට සවන් දෙන, උද්‍යානවල පිපෙන මල් වලට වඩා සුන්දර ලෙස අපව සරසන තාත්තා බව පිළිගැනීමට අපි නිහතමානී වෙමු.

ශී‍්‍ර ලංකාව තුළ ස්වර්ගයේ වැඩ සිටින යාච්ඥාවට ”වහන්සේ ලෙස” එක් කිරීමට යන අවස්ථාවේදි එය දේව ධාර්මිකව නිවැරදි නොවන බව දේව ධර්ම විශාරද ගරු හෙන්රි සිල්වා පියතුමාද ඥානාර්ථ ප්‍රදීපයට ලිපියක් ලියමින් පෙන්වා දුන් බව අපට මතකය. ප්‍රැන්සිස් සුදතුම් පියා අවධාරණය කරන්නේද ඒ දේවධාර්මික පදනම බව පෙනේ.....

6cac3e4af71ab8dda6dba234a97e4887කිතු තිළිණ විශ්වප්‍රිය

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

Comments powered by CComment