A.K. 47 භයානක ගිනි අවියක් වූවද මින්හේල් කලෂ්නිකොව්ය. එය නිර්මාණය කළේ අපගේ උතුම් මාතෘ භූමිය විදෙස් සතුරන්ගෙන් බේරා ගැනීම් උදාර කාර්යය සඳහායි”

A.K. 47 මැෂින් තුවක්කුවේ නිර්මාතෘවරයා වන්නේ රුසියානු ජාතික මින්හේල් කලෂ්නිකොව්ය. වර්ථමානයේදි එවැනි මැෂින් තුවක්කු මිලියන 100 ක් පමණ (100 000 000 ත් පමණ* ලොව පුරා තිබෙන බවත් ඒවායින් පිටවන උණ්ඩ නිසා වාර්ෂිකව මිනිසුන් 25 000 ක් පමණ මරු වැළඳගන්නා බවත් ගණන් බලා ඇත.

A.K. 47 බෙහෙවින් ඇළුම් කරන රුසියාන නායක වැල්ද්මිර් පුටින් 2017 සැප්තැම්බර් මාසයේදි A.K. 47 මැෂින් තුවක්කුවේ නිර්මාතෘවරයාගේ අඩි 30 ක් උස පිළිමයක් මිලිටරි ගෞරව සහිතව උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

රුසියානු දේශපේ‍්‍රමයේ මහා සංඛේතය බවට පත්ව වත්මන් සිටින පුටින්ගේ මෙම ක‍්‍රියාව සාධාරණිකරණය කරමින් එම පිළිරුව ආසිරි පැන් හෙවත් ශුද්ධ වු ජලය ඉස ආශිර්වාද කරනු ලැබ ඇත්තේ කතෝලික පූජකයෙකු විසිනි.

රාජ්‍ය නායකයින්ට ලෙන්ගතුවීම මගින් තමන් විශිෂ්ඨ වනවා යැයි සිතන අකතෝලික මනස සෑම රටකම ඇතැම් පූජකයින් තුළ, විශේෂයෙන් උන්නතිකාමි පූජකයින් තුළ, පවතින බවට සාක්ෂි සපයන මෙම කොන්ස්ටන්ටින් නම් පූජකයා ශුද්ධ වු ජලය අශුද්ධ වු දෙයකට භාවිතා කිරීම සාධාරණිකරණය කළේ අප රටේ අය මෙන්ම දේශපේ‍්‍රමයට මුවාවීම මඟින්ය. ඒ මෙසේය.

කතෝලික පූජකයා එසේ මරණයේ අවි ආයුධ නිපදවන්නා දේව කාර්යයක් කළ අයකු ලෙස උත්කර්ෂයට නංවද්දී එම පිළිරුව විවෘත කිරීමට පෙර ඒ අසල පහත පරිදි පෝස්ටරයක් ඇලවීමට ගිය මොස්කව් වැසියෙකුව පුටින්ගේ පොලිසිය අත් අඩංගුවට ගත් බවද වාර්තා විය.

”ආයුධ නිර්මාණකරුවා ලෝකයට අකල් මරණ ගෙන එන්නෙකි”

සාමාන්‍ය වැසියා කිතුනු දැක්ම ප්‍රකාශ කරද්දී කතෝලික පූජකයා සාතන්ගේ දැක්ම කිතුනු දැක්ම සේ ඉදිරිපත් කිරිම අපට පවසන්නේ වත්මන් ලොව තුළ බලය ධනය හා කීර්තිය මිනිස් ආත්මය වනසා ඇති තරම්ය.

jesustodaysl 2 වන වසර 3 වන සතිය 2018 මාර්තු 25

 

Comments powered by CComment