‘මිය ගිය’ දරුවන්ට, මිය ගිය මව්වරුන්ට මිය ගිය පියවරුන්ට ජීවත්ව සිටින සිය ආදරණියන් වෙනුවෙන් කළ හැකි කිසිවක්ම නැත“

 

කිතුනුවන් ජේසුගේ දුක් විඳීම සිහිනයක් කරන 2018 චතාරික සමයේදි මේ පෘථිවි තලය තුළ දුක් විඳින ජේසු වඩාත්ම දුක් විඳින්නේ සිරියාවේය. මීට සිව් වසරකට පෙර ඇරඹි ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ අද වන විට සිරියාව මිහිපිට අමු සොහොන බවට පත් වී ඇත.

සිරියාවේ ඇත්තේ සංකීර්ණ බහු පාර්ශවිය සිවිල් යුද්ධයකි. රට තුළ බලවේග විදෙස් රටවල් ඇතුළු බොහෝ පාර්ශව ගැටුමට සම්බන්ධ වී සිටී. එය විග්‍රහ කිරීමට වඩා වැදගත්වන්නේ මේ තුළින් සිරියානු ජනයා මුහුණ දී සිටින සුවිසල් ඛේදවාචකය හඳුනා ගැනීමයි. එය නතර කිරීමට බලවත් තෙරපුමක් ලෝකය තුළින් මතුකර ගැනීමයි.

මිය ගිය ගණන 500 000 අධිකය
තුවාල ලත් අය 1000 000 අධිකය
උන්හිටි තැන් අහිමි වූවන් 11 000 000 අධිකය
රටින් පලා ගිය ගණන 4 000 000 අධිකය

ප්‍රැන්සිස් පාප්තුමන් නැවත නැවතත් පහත ඉල්ලීම සිරියානු සිවිල් යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශවන්ගෙන් ඉල්ලා සිටියේය. “සිවිල් වැසියන් වෙනුවෙන් සටන් විරාමයක් ඇති කරන්න” නමුත් ඒ හඬට කන් දෙන බවක් මාර්තු පළමු සතිය අවසන් වන විටත් දැකිය නොහැකි විය.

මේ තත්වයේ බරපතලකම අවධාරණය කරනු පිණිස එකසත් ජාතින්ගේ සංවිධානය, සිරියාව ගැන හිස් ලියවිල්ලක් නිකුත් කළේය. හිස් ලියවිල්ලේ අග මෙසේ සටහන් කර තිබුණි.

‘මිය ගිය’ දරුවන්ට, මිය ගිය මව්වරුන්ට මිය ගිය පියවරුන්ට ජීවත්ව සිටින සිය ආදරණියන් වෙනුවෙන් කළ හැකි කිසිවක්ම නැත“

මේ ප්‍රකාශනයෙන් එක්සත් ජාතින් කියා සිටින්නේ ජීවත් වන අය මේ මිනිසුන් වෙනුවෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවයි.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් සිරියාව ගැන අදහස් දකවමින් මෙසේ ප්‍රකාශ කරන ලදහ.

“සිරියාවේ” පවතින බෝම්බ හඬ වෙඩි හඬ නවතින දින මගේ හදවත වචනයේ පරිසමාප්ත අරුතින් සතුටුවනු ඇත. එතෙක් මා හද තුල සැබෑ සතුටක් නූපදි.

ජනවාරි පළමු සතියේ සිරියාව තුළ පිපිරි ගිය බෝම්බවලින් සිවිල් වැසියන් 500 කට වඩා මිය ගිය අතර ඉන් 100 කට වඩා කුඩා දරුවන් බව සිහිපත් කරමින් තව දුරටත් සුදතුම් පියාණන් පවසා සිටියේ සිරියාව වෙනුවෙන් පිළිසරණ වීමට හැකි ඕනැම අවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් වීමට දෙවරක් නොසිතා කටයුතු කරන ලෙසයි.

“දින ගණන් ආහාර හා බීමට දිය පොදක් නොලැබීම ඒ අසරණයින්ගේ වරදක් නොවේ. රෝහල් වලට පවා බෝම්බ හෙලීම මනුෂ්‍යත්වයේ කොතැනකටත් සඳහන් නොවන ඛේදයකි” අවම වශයෙන් මානුෂිය ආධාර දීමටත් ඉඩක් ලබාදිය යුතුයි.” එතුමෝ අවධාරණය කරති.

   6cac3e4af71ab8dda6dba234a97e4887 කිතු තිළිණ විශ්ව ප්‍රිය

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18

Comments powered by CComment