ජනවාරි 15 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය “මාටින් ලූතර් කිං දිනය” සමරනවා. ඒ කළු සුදු වර්ණබේදවාදයෙන් තොර ඇමරිකාවක් පිළිබඳ සිහින දුටු මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) සිදු කළ මෙහෙවර අගය කිරීමටයි.

මෙවර මාටින් ලූතර් කිං දිනය එළඹියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතැම් අප්‍රිකානු රටවල් හෙලා දැක තිබු වටපිටාවක.

මාටින් ලූතර් කිං දිනය සැමරීමට එක් වු ඔහුගේ දරුවන් තම රටේ ජනාධිපතිවරයා වෙත විරෝධය දක්වා තිබුනා. ඒ ඇතැම් අප්‍රිකානු රටවල් අසුචි වලවල් ලෙස නම් කිරීමෙන් ප්‍රකාශවන ජනපතිවරයාගේ වර්ණබේදවාදි ජාතිබේදවාදි ප්‍රකාශය නිසාවෙන්.

ලූතර් ගේ දරුවන්ට තම පියා කියු මේ වචන මතක් වෙන්නට ඇති.

“අපගේ ජීවිත වලට බලපාන සිද්ධින් වලදි නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය.”

ලූතර් කිං ගේ දරුවන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා සිටියේ තමා වර්ගවාදියෙකු නොවන බවයි. එහෙත් ඔහු මෙතෙක් කල් පෙන්වා ඇත්තේ ඔහුගේ වර්ණවාදි භාවිතාවයි.

jesustoday 48 සතිය 2018 ජනවාරි 28