පාප් තුමන් 2018 වසරේ පළමු විදෙස් සංචාරය ලෙස දකුණු ඇමරිකාවේ රටවල් දෙකක සංචාරයේ නියැලුනි.

එම සංචාරයෙන් පසු නැවත වතිකානුව බලා එන අතර තම නිල ගුවන් යානයේදී මාධ්‍ය අමතමින් එතුමා ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයකට අතේ දුරින් සිටින බව ප්‍රකාශ කළෝය.
එක් අත් වැරදීමකින් ලෝකය තුළ මහත් වු න්‍යෂ්ටික විනාශයක් සිදු විය හැකි අන්දමේ තර්ජනයක් බවතින බවත් ඒ පිළිබඳ තමා තුළ බියක් පවතින බවත් එතුමා එහිදි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි.

 

පසුගිය දා හවායි දූපත තුළ ඇතිවුණු බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් පිළිබඳ ව්‍යාජ අනතුරු ඇඟවීමේ පණිවුඩය නිසාද ලොව තුළ දැඩි කැළඹීමක් ඇති වී ඇති බව පෙන්වා දෙමින් අදහස් දැක් වු එතුමා තමන් විසින් ලෝක සාම දිනය අළලා නිකුත් කළ තැපැල්පත ලොව පුරා බෙහදාහරිමින් ලෝක ජනමතය මේ ව්‍යසනයෙන් වළක්වා ගැනීමට යොමු කරන බවද ප්‍රකාශ කර ඇත.

පාප් තුමන් ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයකින් ගලවා ගැනීමට උත්සහ කරන අතර සභාව තුළ එතුමාට එරෙහිව මඩ හා අවලාද ප්‍රචාර බෙදාහැරීමද තීව්ර වී ඇත. පාප් තුමා ධූරයෙන් ඉල්ලා අස්වි අතැයි යන බොරු ප්‍රචාරය පසුගියදා අන්තර්ජාලය තුළ වේගයෙන් සංස්සරණය වූයේද එම ව්‍යාපාරයේ කොටසක් ලෙස බව කියැවේ.


jesustoday 48 සතිය 2018 ජනවාරි 28