ජනවාරි පළමු වෙනිදා කතෝලික සභාව ලෝක සාම දිනය සමරනු ලබයි. එම ලෝක සාම දිනය වෙනුවෙන් පාප්තුමන් සෑම වසරකම නිතුක් කරන සාම පණිවුඩය කෙරෙහි ලෝකයේ අවධානය යොමු වේ.

මෙවර ලෝක සාම දිනය උදෙසා ප්‍රැන්සිස් පාප්තුමන් සුවිශේෂි තැපැල් පතක් නිකුත් කරමින් අනාගත පරපුර සඳහා යුද්ධයෙන් තොර ලෝකයක් ගොඩනැගීමේ දැඩි අවශ්‍යතාව නිර්මානාත්මක ලෝකයට ප්‍රකාශ කළේය.

මෙම තැපැල් පතේ දැක්වෙන්නේ දෙවන ලෝක යුද්ධය නිමා වු පසු ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ නාගසාකි නුවරට පරමාණු බෝම්බය හෙළිමෙන් අනතුරුව ඇති වු අතිශ්‍ය ඛේදනීය තත්වය විදහා දක්වන අනුවේදනීය ඡායාරූපයකි.

පරමාණු බෝම්බයෙන් ගිනිගෙන දැවි කාල වර්ණයෙන් අඳුරු පැහැවුනු පොළව මත දස හැවිරිදි දරුවෙක් ඒ කුරිරු බෝම්බයෙන් මිය ගිය ඔහුගේ සහෝදරයා ගේ මළ සිරුර රැගෙන යන ආකාරය මෙම ඡායාරූපයෙන් දැක් වේ. හාත්පස පරිසරය කළු දුමෙන් නෙහෙවී ඇත.

මානව ඉතිහාසයේ දරුණුම කළු පැල්ලමක් වන හිරෝෂිමා හා නාගසාකි පරමානු බෝම්බ ප්‍රහාරය පසුබිම් කරගත් මේ ඡායාරූපය නැවත සාමය අවධාරණය කිරිමට යොදා ගැනීම මගින් පාප් තුමන් ඇමරිකා එක්සත් ජනපදයටත් උතුරු කොරියාවටත් සෘජුවම කථා කරන බව පෙනේ.

නව වසර ආරම්භයේ මෙම රාජ්‍යයන් දෙකේම නායකියන් තමන් සතු දරුනු න්‍යෂ්ටික අවි වල බොත්තම තමන් ළඟ ඇතැයි වහසිබස් දෙඩු පසුබිමකදීය. ඒ පසුබිම තුළ මේ තැපැල්පත එම රාජ්‍ය නායකයින් දෙදෙනාට මෙන්ම මුළු ලොවේම යුද්ධයට ආවඩන සැමට නැවත සිතා බැලීමකට ආරාධනා කරයි.

jesustoday 47 සතිය 2018 ජනවාරි 21