නව වසරේ (2018) පළමු සති හය ගෙවා දමන්නට ජනතාවට ඡන්දයක් ලැබී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ මැතිවරණ වලින් යන සම්ප්‍රදායික අදහස තුළ සිටිමින් ඡන්දය දමන්නට යන්නැයි ජනතාවට කියන බොහෝ ආගමික නායකයෝ ඡන්දය වටා ඇති අනෙකුත් කාරණා ගැන තම සැදැහැවතුන්ට කිසිවක් නොකීම නම් අධාර්මික ක්‍රියාවකි.

ලෝක වාර්තාවක්.

2018 පළාත් පාලන මැතිවරණය ලෝක වාර්තාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ. ලෝකයේ ජනගහනයට සාපෙක්ෂව වැඩීම අපේකෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වන මැතිවරණය වීම ඒ වාර්තාවයි.

අපෙක්ෂකයෝ 70 000 ක්.

8000 ක් පමණ වන මන්ත්‍රීවරු සංඛ්‍යාව අතරට තේරිපත්වීම සඳහා අපෙක්ෂකයින් 70 000 නාම යෝජනා ලබා දී ඇත.

මේ ඉදිරිපත් වීම කුමටද ?

පක්ෂ සන්ධාන බොහෝමයක් මේ මැතිවරණය ඉදිරියේ කුලල් කා ගත්තෝය. ඇතැමුන් පක්ෂ හැර ගියෝය. දකුණේදි මෙන්ම උතුරේදිත් එය සිදු විය. ඊට හේතු වූයේ දේශපාලකයින් තම තමන්ගේ හිතවතුන්ව අපෙක්ෂක ලැයිස්තු තුලට රිංගවීමට ගත් උත්සහයේදීය.

ඉතිං මේ දේශපාලකයින් තම හිතවතුන් හා පාක්ෂිකයින් පලාත් පාලන ආයතන වලට තෝරා පත් කර ගැනීමට මේ තරම් වලි කන්නේ ඇයි ?
ජනතාවට සේවය කිරීමටද ?

නැත. පළාත් පාලන ආයතන මගින් කරන සේවාවන්ට වඩා වැඩි ජනතා සේවයක් ගම් මට්ටමින් සිදු කරන්නට ජන පදනමක් මත අවංකව කටයුතු කරන පිරිස් බවට පහසුවෙන් කළ හැකිය. ඊට සිය ගණන් නිදසුන් දිය හැකිය.

සැබෑ අවශ්‍යතාවය කුමක්ද ?

දේශපාලකයින්ටත් ඔවුන් හිතමිතුරු ගජමිතුරු සැමටත් අවශ්‍යත්ව ඇත්තේ ජනතාවට සේවය කිරීම නොව තමන්ටත් තම හිතවතුන්ටත් සේවය සලසා ගැනීම බව ඉතා පැහැදිලිය. පළාත් පාලන මන්ත්‍රීිවරයෙකුට ලැබෙන වැටුප රු 20 000ටත් අඩුය. ඉතිං මේ උනන්දුව ඒ වැටුප පිණිස නම් නොවන බව පැහැදිලිය.

ජනතාවත් දන්නා ඇත්ත.

මේ අපෙක්ෂකයින්ගේ වුවමනාව ජනතා සේවය නොවන බව තමන් හරි හම්බ කිරිම බව ජනතාව අත්දැකීමෙන් දනී. එසේ දැන දැනත් ජනතාව ඔවුන්ට ඡන්දය දෙන්නේ ඇයි ? ජනතාවගෙන් බහුතරයද ඉන් යම් වාසියක් සොයයි. ඇතැමුන් නම් පක්ෂවාදය නැමැති ආගමේ නාමයෙන් ඡන්දය දෙති. ගමේ සංවර්ධනය ගැන සිතීමක් නැති තරම්ය.

ඉතිං මෙවැනි මැතිවරණ ක්‍රමයක් තුළින් ජනතාවට දිනාගත හැක්කේ ව්‍යාජ ජයග්‍රහනයන් පමණි.

ආගමික නායකයෝ ජනතාව අතර පක්ෂය ජාතිය ආගම මුල්කරගත් දේශපාලනය ව්‍යාප්ත කිරීමට අනුබල දීම පාපයකි. ඔවුන් කළ යුත්තේ පවතින දේශපාලනයේ අධාර්මික බව පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.

jesustoday 45 සතිය 2018 ජනවාරි 07