12

2017 වසරේ නත්තල උදා වූයේ කාන්තාව පිළිබඳ විල්පවීය අදහස් දැරු කිතු තුමන්ගේ දහමට නත්තලක් උදා කරන පුවතක් සමඟය. එනම් කිතු දහමේ නව උපතක් සටහන් කරන පුවතක් සමඟය.

ඒ පුවත වනාහි එංගලන්තයේ හදවත බදු ලන්ඩන් රදගුරු පදවියේ රදගුරු ලෙස ප්‍රථම වරට කාන්තාවක් පත් වීමයි.

කාන්තාවන් පූජකවරය ලබා නොදෙන කිතුනුවන් අතරින් බහුතරයක් වන කතෝලිකයින්ට මෙය අදහාගත නොහැකි පුවතක් විය හැකි වූවද කාන්තාවන්ට පූජකවරය ලබාදෙන කිතුනු සභාවන්ට එය මවිතයක් නම් නොවේ. එහෙත් එය සුවිශේෂි පුවතකි.

එංගලන්ත සභාව ලෙස පොදුවේ හඳුන්වන ඇන්ග්ලිකානු සභාවට අයත් ලෝවැසි කිතුනුවන්ගේ සංඛේතාත්මක නායකයා වන කැන්ටබරියේ අගරදගුරුතුමන් මෙය හැඳින්වූයේ ‘අපුරු පුවතක්’ වශයෙනි.

එංගලන්ත සභාව ගෙන ඇති මෙම තීන්දුව එංගලන්ත රජය හා මහා රැජින ද අනුමත කර ඇත. තවමත් 55 හැවිරිදි වියේ පසුවන සාරා මුල්ලාලි මේ පත්වීම සමඟ එංගලන්ත සභාවේ තෙවන බලගතුම තනතුරට පත්වන අතර එංගලන්තයේ සම්ප්‍රදාය අනුව ඇය මේ සමඟම එක්සත් රාජධානියේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක බවටද නිල බලයෙන් පත් වන්නීය.

1962 උපත ලබා ඇති ඇය 1980 දී හෙදකම පිළිබඳ උපාධියක් ලබා හෙද සේවයට එක් වී ඇත. වසර 35 ක් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවේ හෙල නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති ඇයට හෙදියක හා වින්නඹුවක ලෙස කළ සේවය වෙනුවෙන් ‘නයිට්’ පදවියක්ද හිමිව ඇත. 1987 දී විවාහ දිවියට පිවිසි ඇය පුතෙකුගේ හා දුවකගේ දයාබර මෑනියන් කෙනෙකු ලෙසද දයාබර බිරිඳක ලෙසද ජීවිත තන්සලාවෙන් ආදරය ඉගෙන ගෙන ඇත.

13

තම පත්වීම ගැන කථා කරමින් ඈ මසේ ජනමාධ්‍යයට අදහස් දක්වා තිබුණි.

“මට හැමදාම තිබුනේ එකම මෙහෙවරක් කියලයි මම සිතන්න්. බිෂොප්වරියෙකු වූවා කියා එහි විශේෂයක් ඇතැයි මා සිතන්නේ නෑ. හෙදියක වූවද බිෂොප්වරියකු වූවද මගේ මෙහෙවර ජේසු තුමන් අනුගමනය කිරීමයි. එතුමා ගැන වඩ වඩා දැන ගනිමින් එතුමන් සිටින බව දැනෙන්ට හැම විටම හැම තැනම අන් අයට දයාබරිත සේවය කිරීමයි මගේ කැඳවීම”
මේ පත්වීම සමඟ කාන්තාවක් බිෂෝපවරියෙකු වීම නිසුදුසු යැයි පවසන පිරිසකගේ ප්‍රතිචාරය ගැන මාධ්‍ය ඇහෙන් විමසුවා. ඈ ඊට ලබාදුන්නේ නියම කිතුනු පිළිතුර
“මම ඔවුන්ට ගරු කරනවා. ඔවුන්ගේ මතය දැරිමේ අයිතියට ගරු කරනවා. නමුත් මේ දෙවියන්ගේ සමානකමට හා ස්වරූපයට මවන ලද ස්ත්‍රීය පිළිබඳ අප සභාව ගත් ස්ථාවරයක දිගුවක් අපේ සභාවට ඒ ස්ථාවරය ගන්න අයිතියක් තියෙනවා”

ඇත්තෙන්ම පූජකවරයට පවා කාන්තාව නුසුදුසුයි සලකන පිරිස එංගලන්ත සභාවේ ඒ තීරණයටත් ගරු කළ යුතුයි. ඇයටත් ගරු කළ යුතුයි.

අපි දන්නවා අද ලන්ඩනය කියන්නේ හුදු සුදන්ගේ අග නගරය නොවෙයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් ලෝකයට පෙන්වා දෙන නගරයක්. පෙර වසරේ ලන්ඩනයේ නගරාධිපති ධූරයට මුස්ලිම් ජාතිකයෙක් පත්වුනේ ඒ අනුව, නව ලන්ඩන් රදගරුවරිය ලන්ඩනය ගැන අදහස් දක්වා තිබුනේ මේ විදිහට,

14

 “ලන්ඩනය වැනි ජන විවිධත්වයෙන් අනුන නගරයක සභාව තුළ ද ඒ විවිධත්වය නිරූපනය විය යුතුයි. විවිධ ජනවර්ගවලට අයත් වූවත් සුදු, කළු, පිරිමි, කාන්තා ඒ සියලු දෙනා සභාව තුළ නියෝජනය විය යුතුයි.

එයයි අපේ පොහොසත්කම. සෑම දෙනාටම අධ්‍යාත්මික නිවසක් බවට සභාව පත්විය යුතුයි. ස්ත්‍රීයට එහි භූමිකාවට ඉඩ ලැබිම සෙසු සභාවන්ටද පූර්වාදර්ශයක් වනු ඇති”
ප්‍රසාද ස්නාපනය ස්ත්‍රී පුරුෂ බව අනුව උස් පහත් නොවේ නම්, ප්‍රසාද ස්නාපනයේ දී කිතුනුවාට ලැබෙන පූජක කෑඳවීම නිල පූජකවරයේදි පමණක් ස්ත්‍රීය අහිමි විය යුත්තේ ඇයි ? යන ප්‍රශ්නය තමන්ට සැමදා තිබෙන බව මේ පිළිබඳ අදහස් දක්වන ඇතැම් කතෝලික විචාරකයින්ද සටහන් කර තිබුණා. ඇතමෙකු සඳහන් කර තිබුනේ එංගල්නත සභාවේ ඉදිරිගාමි පියවරට අපගේ ගෞරවය හිමි වන බවයි.


jesustoday 44 සතිය 2017 දෙසැම්බර් 31

 

Comments powered by CComment