ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවත් ඊශ්‍රායල් හි ඇමරිකානු තානාපති කාර්යාලය ටෙල් අවිව් නුවරින් ජෙරුසලමට ගෙනයන බවත් ප්‍රකාශ කිරිමෙන් පසුව තවත් කුරුස යුද්ධයක හෝ මැද පෙරදිග ගිනි තැබීමකට මඟ පෑදෙන තත්වයක් ඇති වීම වනාහි දෙවියන්ගේ නාමයෙන් හෙළා දැකිය යුතුය.

2017.12.06 වනදා කළ මෙම ප්‍රකාශයක් සමඟ පලස්තීන - ඊශ්‍රායෙල් සාම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට පත් වී ඇත. එක්සත් ජාතින් මෙන්ම වතිකානුවද ට්‍රම්ගේ ප්‍රකාශය හෙළා දැක ඇත.

සැබැවින්ම ජෙරුසලම පමණක් නොව මුළු ලෝකයේ කිසිදු බිමක් කිසිවෙකුට අයිති නැත. ඒවා පොදු උරුමයන්ය. එහෙත් රටවල් ලෙස ලෝකය සංවිධානය වීමත් සමඟ භූමිය සඳහා සටන් වැදීමේ ලේ වැකි ඉතිහාසය ඉදිරියට ගමන් කරයි.

ජෙරුසලම ශුද්ධ වු නගරයක් ලෙස සලකන ආගමික කොටස් 4 ක් සිටි. ඒ සියළු දෙනාගේම පූජනීය ස්ථාන ජෙරුසලමේ පිහිටා ඇත.

1 ජුදා ආගමිකයින්
2 කිතුනුවන්
3 ඉස්ලාම් භක්තිකයින්
4 අර්මේනියානු කිතුනුවන්

දැනට ජෙරුසලම කොටස් 4 කට බෙදා තිබෙනවා. ජෙරුසලම එක් රටකට අයත් නොවන බවට වන පිළිගැනීමයි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දැනට ඇති පිළිගැනීම.

ඩොනල් ට්‍රම්ප් ඊශ්‍රායලයටත් වඩා පෙරට යමින් ඊශ්‍රායලය වෙනුවෙන් කළ ප්‍රකාශය නොසලකා සිටීමට ලෝක සාමයට ලැදී කිසිවෙකුට හැකි නොවනු ඇත.

jesustoday 42 සතිය 2017 දෙසැම්බර් 17

 

Comments powered by CComment