හුස්ම ගන්න හොඳ සුළං පොදක්.


January 7, 2018 5:56 am

හුස්ම ගන්න හොඳ සුළං පොදක්.

වායු දූෂණය නිසා දකුණු ආසියාවේ බිළිඳුන්ගේ මොළයට දරුනු හානි.
-යුනිසෙෆ්-
ලොව පුරා හානිකර වායු ආස‍්‍රාණය කරන අවුරුදු 10 ට අඩු බිළිඳුන් 170 00 000
දකුණු ආසියාව තුළ එවැනි බිළිඳුන් 120 00 000
දරුවන්ගේ මොළය වර්ධනය වන, බිළිඳු හා ලදරු අවදියේදි සිදුවන මෙම විෂ වායු ආස‍්‍රාණය නිසා මාළයේ වර්ධනයට බරපතළ ලෙස අඩාල වේ.
මූලිකම මිනිස් අවශ්‍යතාවය වන්නේ වාතයයි. කෑම නැතිව දවස් විස්සක් වුනත් ඉන්න පුළුවන්. වතුර නැතුවත් දවස් ගාණක් ඉන්න පුළුවන්. නමුත් වාතය නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් විනාඩි දෙක තුනයි.
පෘතුවියේ ජීවත් වීම කෙරෙහි බලපාන ප‍්‍රධාන සාධකයක් වන්නේ හිතකර වායුන්ය. නමුත් අපි ටිකෙන් ටික හුස්ම හිර වෙමින් සිටින මානව ප‍්‍රජාවක් බවට පත්වෙමින් සිටිමු.
ජල දූෂණය ගොඩබිම දූෂණය ගැන සිතුවත් ශී‍්‍ර ලාංකිකයින් වායු දූෂණය ගැන එතරම් සිතන්නේ නෑ. මොකද වායු දූෂණය බරපතළ විදිහට හඳුනාගෙන නැති නිසා. ඒත් ඇත්ත ඊට වඩා වෙනස් ශී‍්‍ර ලංකාවද දැන් සැලකිය හැක්කේ වායු දූෂණය ඉහළ යමින් තිබෙන රටක් වශයෙනි.
මිනිසා ජීවත් වන කෙනෙක් බවට පත්වීම සඳහා හුස්ම අවැසිය.
”දෙවියන් වහන්සේ පොළවේ දුහුවිල්ලෙන් මනුෂ්‍යා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවිත හුස්ම හෙළු සේක”
කිතුනුවන් ලෙස මිනිසා එසේ ජීවමාන කෙනෙකු වු බව අපි අදහමු. මිනිසාගේ පැවැත්මට පොළව පමණක් නොසෑහේ. වායු ගෝලයද හිතකර වායුද අවැසිය. එය දෙවියන්ගේ තිළිණයකි.
වායු දූෂණය යනු මේ ජීවන හුස්ම අහිමිකර ගැනීමය. සීඝ‍්‍ර සංවර්ධනයේ නාමයෙන් සිදු කරන වායු දූෂණය ගැන තෙවෙනි ඇස ඔස්සේ අපි මීට ඉහත ලිපියකින් ද කරුනු දැක්වෙමු.
ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ චීනය හා ඉන්දියාව ගමන් කරන මාර්ගයේම බව පෙනී යාම අප බියගන්වන්නේ නැතිද ?
ශ‍්‍රී ලංකාවේ වායු දූෂණය කෙරෙහි බලපාන ප‍්‍රධාන හේතු කීපයක් විද්වතුන් පෙන්වා දෙයි.
1 වාහන වලින් පිට කරන ලබන අහිතකර වායු.
පසුගිය වසර හතර ඇතුලත ශී‍්‍ර ලංකාවේ පෙට්රල් භාවිතය දෙගුණ වී ඇත. එයම මෙහි භයානක බව පෙන්වයි. වාහන මගින් පිට වන සල්ෆර් ඩයොක්සයිඞ්. නයිට‍්‍රජන් ඔක්සයිඞ් වැනි අහිතකර වායු නිසා වායු දූෂණය ඉහළ යයි. ශ‍්‍රී ලංකාවේ වායු දුෂණය වැඞීම නගර වන කොළඹ හා මහනුවර ඒ තත්වයට පත් වී ඇත්තේ මූලිකවම වාහන දුම් නිසාය.
2 පොලිත් දහනය.
රට තුළ පොලිතින් හා ප්ලාස්ටික් දහනය ගෘහ ඒකක වල සිට ආයතන දක්වා තවමත් සිදුවන කාර්යකි. එය තහනම් වුවත් සිදුවේ. එමඟින් පිටකරන ඩයක්සිස් ෆියුරෝන්, කාබන් මොනොක්සයිඞ් වැනි වායු බරපතළ රෝගාබාධ ඇති කරයි.
3 ගෘහස්ථ ලිප් මගින්.
ගෘහ ඒකක වල දර ලිප් හා ගෑස් ලිප් හරහාත් සැලකිය යුතු ප‍්‍රමාණයක වායු දූෂණයක් සිදු වේ.
4 අවිධිමත් ගොඩනැගිලි ඉදි කිරීම.
වර්ථමානය වන විට ගෘහස්ථ වායු දූෂණය හා ගෘහස්ථව ස්වසන රෝග වර්ධනයට අවිධිමත් ගොඩනැගිලි ඉදිකිරිම් බරපතළව බලපා තිබේ. කොළඹ නගරයේ ඉදිකළ තට්ටු නිවාස ව්‍යාපෘතියක පදිංචි වූ ජනයා ටික කලක් සතුටින් සිටිය ද ඒ අසල ඉඳි වු අනෙක් තට්ටු නිවාස සංකීර්ණය නිසා වාතාශ‍්‍ර්‍ය නිසි පරිදි නොලැබීමෙන් බරපතළ ගැටළුවකට මුහුණ දී සිටින බව නොබොදා ප‍්‍රකාශ විය.
වායු දූෂණය නිසා ශ‍්‍රී ලංකාව තුළ නිල් දරු උපත්, අඩුබර දරු උපත් ඇති වීම පෙනහළු පිළිකා, ආඝාතය, ස්වසන රෝග ඉහළ යාම් ප‍්‍රවණතාවයක් ඇත් විය හැකි බව වෛද්‍ය අංශ අනතුරු හැඟවුම් වර්ෂාවසානයේදිය.
එළඹෙන නව වසර හුස්ම ගන්න හොඳ සුළං පොදක් සඳහා සටන් කරන වසරක් නොවන්නට නම් වහාම ජනතාව වායු දූෂණයට එරෙහිව පෙළගැසිය යුතුය. ඒ සඳහා ක‍්‍රියා කිරීම අපේ කාලයේ කිතුනු දූත මෙහෙවරකි.

jesustodaysl 45 සතිය 2018 ජනවාරි 07


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696